slc
logo
Home   |    News
ඔක්තෝබර් 1, 2021
23 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා පිල ලෝක කුසලාන ගමන අරඹයි

sinhala editor

By Chamila Karawita

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද සාමාජිකයින් 19 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් අතිරේක ක්‍රීඩකයින් 5 දෙනෙකු එකතු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. මොවුන් එකතුවීමත් සමඟ දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ලෝක කුසලාන සංචිතය ක්‍රීඩකයින් 23 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට අනුව ලෝක කුසලානය සඳහා සහභාගිවන කණ්ඩායමේ උපරිම සාමාජිකයින් සංඛ්‍යාව 15 ක් විය යුතු වුවත් පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් තවත් අතිරේක ක්‍රීඩකයින් සිව් දෙනෙකු සංචිතයේ තබා ගැනීමේ අවස්ථාව ලබා දී තිබේ. එහෙත් හදිසි ආබාධයක් හෝ අවශ්‍යතාවයක් මතුවුවහොත් විකල්ප ලෙසින් අතිරේක ක්‍රීඩකයින් පස් දෙනෙකු සංචිතයේ රඳවා ගැනීම සඳහා තේරීම් කමිටුව විසින් කරන ලද ඉල්ලීම සලකා බලා පැතුම් නිස්සංක, මිනෝද් භානුක, අෂේන් බණ්ඩාර, ලක්ෂාන් සඳකැන් සහ රමේෂ් මෙන්ඩිස් යන ක්‍රීඩකයින්වද ලෝක කුසලාන තරගාවලිය සඳහා රැගෙන යෑමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදනු ලැබීය.

ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ඕමානයට එරෙහිව පුහුණු තරග 2 කට සහභාගිවීමට නියමිත වේ.

දකුණු අප්‍රිකානු තරග සංචාරය අතර තුරදී බෙල්ල ආශ්‍රිත ප්‍රදේශයේ ආබාධයකට ලක්වූ තුන් ඉරියව් ක්‍රීඩක ළහිරු මදුශංකගේ ආබාධිත තත්ත්වය තවමත් සුව අතට පත් නොවීම හේතුවෙන් ඔහුට ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව අහිමිව තිබේ.

ළහිරු මදුශංකගේ ස්ථානයට ආදේශ කරන්නේ කවුරුන්ද යන්න තේරීම වෙනුවෙන් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු තේරීම් කමිටුවට ඕමානයට එරෙහිව පැවැත්වෙන තරග 2 ඉතිරිව තිබේ. කෙසේ වෙතත් ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කරනු ලබන අවසන් 15 දෙනා සංශෝධනය කිරීමේ හැකියාව ඔක්තෝබර් 10 වැනිදා දක්වා සිදුකළ හැකි වන අතර එදිනට පසුවද ආබාධයන් වලට ගොදුරුවන ක්‍රීඩකයින් වෙනුවෙන් ආදේශ ක්‍රීඩකයින් ඉදිරිපත් කිරීමේ හැකියාව ශ්‍රී ලංකා කළමනාකාරීත්වයට හිමිව තිබේ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඇතුළත්ව සිටින ක්‍රීඩකයින් 23 දෙනා අතරින් වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර හැර අනෙක් ක්‍රීඩකයින් 21 දෙනෙකු ඉකුත් සැප්තැම්බර් මස 21 වැනිදා සිට ජෛව බුබුළු පරිසරයක් යටතේ පුහුණු කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පුහුණුවීම් වල නිරත වූහ. අයි.පී.එල්. තරගාවලිය යටතේ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල නියෝජනය නියෝජනය කරනු ලබන වනිඳු සහ දුෂ්මන්ත ශ්‍රී ලංකා පිල එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණීමෙන් පසු එකතු වනු ඇත.

ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරග වටය යටතේ ශ්‍රී ලංකා පිල ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වදිනු ඇත. එහි ප්‍රතිවාදීන් වන නැමීබියාවට එරෙහිව ඔක්තෝබර් 18 වැනිදා ද අයර්ලන්තයට එරෙහිව 20 වැනිදාද නෙදර්ලන්තයට එරෙහිව 22 වැනිදා ද තරග වදිනු ඇත. සුදුසුකම් ලැබීමේ තරග වටය යටතේ පළමු ස්ථානයට පත් වන කණ්ඩායම ප්‍රධාන තරගාවලිය ‘ඒ’ කාණ්ඩයද දෙවැනි ස්ථානයට පත් වන කණ්ඩායම ‘බී’ කාණ්ඩයටද ඇතුළත් වනු ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව පළමු ස්ථානයෙන් සුදුසුකම් ලැබීමේ වටය අවසන් කළහොත් ඔස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් ද දෙවැනි ස්ථානයට පත් වුවහොත් ඇෆ්ගනිස්ථානය, ඉන්දියාව, නවසීලන්තය සහ පාකිස්තානය ප්‍රතිවාදී කණ්ඩායම් බවට පත්වනු ඇත.

ලෝක කුසලාන තරගාවලිය සඳහා නම් කරන ලද ප්‍රධාන සංචිතය – දසුන් ශානක (නායක), ධනංජය ද සිල්වා (උප නායක), කුසල් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, අවිෂ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, චරිත් අසලංක, වනිඳු හසරංග, කමිඳු මෙන්ඩිස්, චාමික කරුණාරත්න, නුවන් ප්‍රදීප්, දුෂ්මන්ත චමීර, ප්‍රවීන් ජයවික්‍රම, මහීෂ් තීක්ෂණ.

සංචිතයට ඇතුළත් අතිරේක ක්‍රීඩකයින් – ළහිරු කුමාර, බිනුර ප්‍රනාන්දු, අකිල ධනංජය, පුලින තරංග.

අතිරේකව සංචිතයට එක් කළ ක්‍රීඩකයින් – මිනෝද් භානුක, පැතුම් නිස්සංක, අෂේන් බණ්ඩාර, ලක්ෂාන් සඳකැන්, රමේෂ් මෙන්ඩිස්.

Active filters

Recent Posts

  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]
  • චමරි අතපත්තු ලොව අංක 1ට ශ්‍රේණිගත වේ
    ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව එක්දින තරග පිතිකාරිණියන් අතුරින් ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු ප්‍රථම ස්ථානයට පත්ව සිටී. ශ්‍රී ලංකා පිතිකාරිණියක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේදී […]
  • චමරිගෙන් විශිෂ්ට ලකුණු 195ක්. අවසාන තරගය ශ්‍රී ලංකාව පහසුවෙන් ජය ගනී
    දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව චමරි අතපත්තු එහි පැවැති තෙවැනි හා අවසාන එක්දින තරගයේදී විශිෂ්ට පිතිහරඹයක නියැළෙමින් නොදැවී රැස් කළ ලකුණු 195ක […]
  • දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම කඩුලු හතකින් ජය ගනී
    දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සෙනසුරාදා (13) කිම්බර්ලි නගරයේ ඩයමන්ඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම සමඟ පැවැති දෙවැනි එක්දින තරගයේදී සත්කාරක දකුණු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee