slc
logo
Home   |    News
ඔක්තෝබර් 30, 2021
ශ්‍රී ලංකා – කොදෙව් ටෙස්ට් තරගාවලිය නොවැම්බර් 21 දා ඇරඹෙයි

sinhala editor

ශ්‍රී ලංකා – කොදෙව් ටෙස්ට් තරගාවලිය නොවැම්බර් 21 දා ඇරඹෙයි

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියට සහභාගිවීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම ලබන නොවැම්බර් මස 10 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත. මෙම තරගාවලිය නොවැම්බර් 14 වැනිදාසිට දෙසැම්බර් -3 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත.

කොවිඩ් – 19 වෛරස් තත්ත්වය හමුවේ මෙම තරගාවලියත් ජෛව බුබුලු පරිසරයක් යටතේ පැවැත්වෙන අතර ටෙස්ට් තරගාවලියට පෙර නොවැම්බර් 14 වැනිදා සිව් දින පුහුණු තරගයකටද කොදෙව් කණ්ඩායම සහභාගිවනු ඇත. කොළඹදී පැවැත්වීමට නියමිත එම තරගය කොදෙව් කණ්ඩායම දෙපිළ බෙදී තරග වදිනු ඇත.  

දෙරට අතර පළමු ටෙස්ට් තරගය නොවැම්බර් 21 වැනිදා සිට 25 වැනිදා දක්වාද දෙවැනි ටෙස්ට් තරගය නොවැම්බර් 29 වැනිදා සිට දෙසැම්බර් 03 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee