slc
logo
Home   |    News
නොවැම්බර් 24, 2021
කොදෙව් පිලට ලකුණු 348 ක ඉලක්කයක්

sinhala editor

Chamila Karawita reporting from Galle

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිව්වැනි දිනටත් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 348 ක ඉලක්කයක් බටහිර ඉන්දීය කොදෙව් පිල වෙත ශ්‍රී ලංකාව ලබා දුන්නේය. අයහපත් කාලගුණය කොයි මොහොතක හෝ තරගයට බාධා සිදුකරනු ඇතැයි අපේක්ෂාවෙන් තේ පානයට මිනිත්තු 25 ක් පමණ ඉතිරිව තිබියදී ශ්‍රී ලංකාව ඉනිම හමාර කරන විට කඩුලු කඩුලු 4 කට ලකුණු 191 ක් ලබා සිටියේය. මෙම ලකුණු සංඛ්‍යාවට පළමු ඉනිමේ අත්කරගත් ලකුණු 156 ක වාසියත් එක් කළ විට කොදෙව් පිලේ ජයග්‍රාහී ඉලක්කය ලකුණු 348 ක් වේ.

රකීම් කෝන්වෝල්ට එරෙහිව ස්ලොග් ස්වීප් පහරකින් ලකුණු 6 ක් ලබා ගැනීමට ඇන්ජලෝ මැතිව්ස් සමත්වීමත් සමඟ ඉනිම අත්හිටුවීමට ශ්‍රී ලංකා නායකයා තීරණය කළේය. සිය ටීෂර්ටයේ පැළඳ සිටින අංක 69 න් සිය ඉනිම නොබිඳිව තබා ගත් හිටපු ටෙස්ට් නායකයා පිටියෙන් පිටතට පැමිණෙන විට ඉනිම 5 කට පසු අර්ධ ශතකයක් වාර්තා කරගෙන සිටියේය. පන්දු 84 ක් වැය වුණු මැතිව්ස්ගේ ලකුණු 69 ක ඉනිමට හේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් කර ගත්තේය.

වෙනදාට වඩා වේගයෙන් ලකුණු රැස් කළ නායක දිමුත් පන්දු 104 කදී ලකුණු 83 ක් රැස් කරගත්තේය. ශතකයට ලකුණු 17 ක් තිබියදී තම ඉනිම හමාර කරගත් වමත් පිතිකරුවා පිට පිටම හය වැනි වතාවටත් ලකුණු 50 ට වඩා ලකුණු රැස් කර ගැනීමට සමත්වූවේය. අද දිනයේදී වාර්තා කරගන්නා ලද අර්ධ ශතකයත් සමඟ මෙම වසරේ සහභාගිවූ ටෙස්ට් තරග 7 දී ලකුණු 50 සීමාව ඉක්මවා ගිය 7 වැනි වතාව ලෙසින් සනිටුහන් විය.

රකීම් කෝන්වෝල්ගේ පන්දුවකට කට් පහරක් එල්ල කිරීමට යෑමෙන් දැවී යෑම නිසා එකම තරගයක ඉනිම දෙකේදීම ශතක ලාභී ශ්‍රී ලංකා පිතිකරුවන් අල්ප දෙනා අතරට එක්වීමේ අවස්ථාව දිමුත්ට අහිමිවූයේය. දුලිප් මෙන්ඩිස් (1), අසංක ගුරුසිංහ (1), අරවින්ද ද සිල්වා (2), ටී,එම්. ඩිල්ෂාන් (1) සහ කුමාර් සංගක්කාර (2) ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිම 2 දීම ශතක ලද පිතිකරුවෝ වෙති.

දිවා විවේකයෙන් පසු ඇරැඹි තරගයේදී දැවී ගිය අනෙක් එකම පිතිකරුවා වූයේ ධනංජය ද සිල්වාය. මැතිව්ස්ගේ 37 වැන්නත් දිමුත්ගේ 27 වැන්නත් වශයෙන් අර්ධ ශතක සටහන් වූ මෙම තෙවැනි කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 123 ක් විය.

ඉනිම හේතුවෙන් දිවා ආහාරයත් ඉනිම නිමා කිරීමත් අතර කාලයේ රැස් කරන ලද ලකුණු 104 හි වේගය පන්දුවාරයකට ලකුණු 6 ක අගයක් ලෙසින් සටහන් විය. පන්දු යැවීමෙන් ජොමෙල් වොරිකන් සහ රකීම් කෝන්වෝල් කඩුලු 2 බැගින් බිඳ හෙළූහ.

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee