slc
Home   |    News
නොවැම්බර් 24, 2021
තරගය ඇරඹෙයි

sinhala editor

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනට වර්ෂාවෙන් බාධාවීම නිසා නියමිත වේලාවට තරගය ආරම්භ කිරීමට නොහැකි විය. කෙසේ වෙතත් තරගය පෙ.ව. 10.45 ට ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් වී තිබේ.

පෙර දිනයේදී සවස් වරුම තරගයට අහිමිවීම නිසා සිව්වැනි දින තරගය පෙ.ව. 9.45 ට ආරම්භ වීමට නියමිතව තිබුණේ පන්දුවාර 98 ක් දිනය පුරා යැවීමට නියමිත වෙමිනි. එහෙත් උදෑසන කාලයේදීද මඳ වැසි තත්ත්වයක් ඇද වැටීම නිසා මුලු ක්‍රීඩාංගණයම වසා තැබීමට ක්‍රීඩාංගණ සේවක පිරිසට සිදුවිය.

ප්‍රමාදය නිසා අද දිනයේදී පන්දුවාර 91 ක් යැවීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකාව ලබා ගත් ලකුණු 386 ට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින බටහිර ඉන්දීය කොදෙව් පිල කඩුලු 9 කට ලකුණු 224 ක් ලබා සිටියි. මේ වන විට බටහිර ඉන්දීය කොදෙව් ඉනිමේ පන්දුවාර 80 ක් යවා අවසන්ව තිබෙන බැවින් දෙවැනි නව පන්දුව තරගය ආරම්භයේ සිටම අවශ්‍ය නම් ලබා ගැනීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්නට අවස්ථාව උදාවී තිබේ.

සිව්වැනි දිනයේ සිට තරගය ක්‍රීඩා ලෝලීන්ට නැරඹීමේ අවස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

තරගය පැවැත්වෙන කාලය

පෙ.ව. 10.45 – ප.ව. 12.45 – පළමු සැසිය

ප.ව. 1.25 – ප.ව. 3.25 – දෙවැනි සැසිය

ප.ව. 3.45 – ප.ව. 5.45 – තෙවැනි සැසිය

Recent Posts

  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest