slc
logo
Home   |    News
නොවැම්බර් 29, 2021
දිමුත්ට වාර්තාව අහිමිවෙයි

sinhala editor

වර්ෂාව හේතුවෙන් පන්දුවාර 55 ක් අහිමිවූ දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනට තරගය නිමා කරන විට පන්දුවට පහර දෙමින් සිටින සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 113 ක් ලබා සිටියේය. සෝබර්ස් – තිසේරා කුසලාන තරගාවලියේ තරගයක් වන මෙම තරගය නිමාවට පත් කරන විට පැතුම් නිස්සංක නොදැවී ලකුණු 61 ක්ද ඕෂද ප්‍රනාන්දු ලකුණු 02 ක්ද ලබා සිටියහ.

පුරා හෝරා 4 කට ආසන්න කාලයක් තරගයට අහිමිවුණු පළමු දිනයේදී තරග ආරම්භය ප.ව. 3 දක්වා කල් දැමීමට විනිසුරුවන්ට සිදුවිය. ආරම්භයේ සිටම ඉතාමත් විශ්වාසයෙන් යුතුව පන්දුවට පහර එල්ල කල නායක දිමුත් සහ පැතුම් නිස්සංක පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 106 ක ශක්තිමත් අඩිතාලමක් එක් කළහ. ලෝක වාර්තාවක් සම කිරීමට ලකුණු 08 ක් අවශ්‍යව තිබියදී දිමුත් කරුණාරත්න ලකුණු 42 කට දැවී ගියේය. පන්දු 109 කට මුහුණ දුන් පැතුම් තම ඉනිම හතරේ පහර 4 කින් සහ හයේ පහරකින් අලංකාර කරගත්තේය.

මෙම තරගයේදී තවත් ලකුණු 8 ක් ලබා ගැනීමට දිමුත් සමත්වූයේ නම් පිට පිට ඉනිම 7 කදී ලකුණු 50 ක් හෝ ඊට වඩා වැඩියෙන් ලබාගත් පිතිකරුවන් අතරට ඇතුළත්ව ලෝක වාර්තාවක් සම කිරීමට නායක දිමුත්ට අවස්ථාව තිබිණ. හේ අවසන් ඉනිම 6 දී ලකුණු 733 ක් ලබා සිටින්නේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 122.16 ක් රඳවා ගනිමිනි. ඔහුගේ අවසන් ඉනිම 6, 75, 244, 118, 66, 147 සහ 83 ක් ලෙසින් සටහන් විය.

රොස්ටන් චේස්ගේ පන්දුවකට ඔහු අතටම උඩ පන්දුවක් දී දිමුත් දැවී ගියේය. ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයේදී චරිත් අසලංකට ටෙස්ට් හිස්වැස්ම පැළඳවීමට කටයුතු යොදාන ලදී. පළමු තරගයට ක්‍රීඩා කරන ලද දුෂ්මන්ත චමීර මෙම තරගයේදී විවේක ගන්වමින් එම ස්ථානය සඳහා අසලංකව කැඳවා තිබුණි.

පළමු ටෙස්ට් තරගයේදී ටෙස්ට් වරම් දිනාගත්තද එහෙත් පන්දුව හිසේ වැදීඹ නිසා කම්පනයට පත්ව තරගයෙන් ඉවත්වූ ජෙරමි සොලොසෝනෝට අද තරගයේ ස්ථානය අහිමිව තිබුණි. ඔහු වෙනුවට කණ්ඩායමට එක් කළ ෂායි හෝප් අද තරගයේදී නිල ලත් ක්‍රීඩකයින් 11 දෙනා අතරට පැමිණ සිටියේය. මීට අමතරව කොදෙව් පිල මෙම තරගයට රකීම් කෝන්වෝල් සහ ෂැනන් ගේබ්‍රියල් වෙනුවට වීරසාමි පෙරුමාල් සහ කෙමාර් රෝච් සමඟ අවතීර්ණව සිටිති.   හෙට තරගයේ දෙවැනි දිනයයි.  

Active filters

Recent Posts

  • සෑම තරගයකදීම අපි පිටියට යන්නේ කණ්ඩායම් හැගීමෙන් යුතුවයි – මහීෂ් තීක්ෂණ
    සෑම තරගයකදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිටියට පිවිසෙන්නේ කණ්ඩායම් හැගීමෙන් බවත්, යම් ක්‍රීඩකයෙකුගෙන් අතපසුවීමක් සිඳු වුවහොත් අනෙක් සියලු ක්‍රීඩකයින් එහි පාඩුව මකා දැමීමට කැපවීමෙන් ක්‍රියාත්මකවන බව ශ්‍රී ලංකා […]
  • ජව සම්පන්න  පහරට විශේෂඥ පුහුණුකරුවෙක්
    ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජව සම්පන්න කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අරමුණු කර ගත් සතියක පුහුණු වැඩ සටනක් පැවැත්වීම සදහා ඒ සම්බන්ධ විශේෂඥ පුහුණුකරුවකු […]
  • දෙවැනි විස්සයි-20 තරගයෙත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන ඉරිදා (13 වැනිදා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේසියලුම ප්‍රවේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය […]
  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]

Pin It on Pinterest

USD United States (US) dollar