slc
Home   |    News
නොවැම්බර් 21, 2021
මඩුගල්ලේ මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ‘හරසර’

sinhala editor

Chamila Karawita reporting from Galle

දශක ගණනාවකට හිමිකම් කියන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ තරග 200 ක තීරකවරයා ලෙසින් කටයුතු කරන ලද පළමු පුද්ගලයා වශයෙන් රංජන් මඩුගල්ල මහතා පත්වුණු ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පළමු ටෙස්ට් තරගයේදී  ඒ මහතාට උපහාර පිදීමට අමතක නොකළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තරගාරම්භයට පෙර සුභ පැතුම් එක් කර සිටියහ.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රභූ තරග තීරක මඬුල්ලේ ප්‍රධානියා ලෙසින් කටයුතු කරන මඩුගල්ල මහතාට සුභ පැතුම් එක් කිරීම සනිටුහන් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති ආචාර්යය ජයන්ත ධර්මදාස මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා විසින් විශේෂ සමරු තිළිණ දෙකක් ප්‍රධානය කළහ.

ටෙස්ට් තරග 200 ක්, එක්දින තරග 369 ක සහ විස්සයි-20 තරග 125 ක විනිසුරුවරයා ලෙසින් කටයුතු කර ඇති මඩුගල්ලේ මහතා කාන්තා එක්දින තරග 14 ක් සහ විස්සයි-20 තරග 8 කත් අධීක්ෂණය කර තිබේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 18 කට ක්‍රීඩා කර ඇති ඒ මහතා ක්‍රීඩාවට සමුදීමට පෙර ටෙස්ට් තරග 2 කදී ශ්‍රී ලංකාව මෙහෙයවමින් සිව්වැනි ටෙස්ට් නායකයා බවට පත්ව සිටියි. 1993 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරකවරයකු ලෙස කටයුතු ආරම්භ කර ඇති මඩුගල්ලේ මහතාගේ පළමු පැවරුම වූයේ පාකිස්තානය සහ නවසීලන්තය අතර තරගය වේ. එදා සිට මේ දක්වාම සිය තරග තීරක දිවියේ කටයුතු කල මඩුගල්ලේ මහතා, මේ වන විට අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් මෙහෙයවනු ලබන ලෝක කුසලාන තරගාවලි 4 ක (1999, 2003, 2015 සහ 2019), ශූරයන්ගේ කුසලාන තුනක (2004, 2006 සහ 2013), විස්සයි-20 ලෝක කුසලාන තරගාවලි හතරක (2007, 2010, 2016 සහ 2021) අවසන් මහ තරගවල තීරකවරයා ලෙස කටයුතු කර තිබේ.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest