slc
logo
Home   |    News
නොවැම්බර් 3, 2021
වනිදු අංක 1 ට එයි

sinhala editor

අන්තර්ජාතික ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම යටතේ විස්සයි-20 තරග අංශයේ ලොව හොඳම පන්දු යවන්නන් අතර අංක එකේ ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකාවේ දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සමත්ව සිටියි. ගෙවී ගිය මාස කීපයේදී දකුණු අප්‍රිකානු පිලේ ටබ්‍රේස් ශම්සි සමඟ කරට කර සටනක සිටි වනිඳු මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වීමට සමත්වීමත් සමඟ ශම්සිව දෙවැනි තැනට ඇද දමමින් අංක 1 ස්ථානයට පැමිණීමට සමත්විය.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නවතම යාවත්කාලීනයට අනුව ප්‍රසාද ලකුණු 776 ක් ලබා වනිඳු අංක 1 ස්ථානයට පැමිණ සිටියි. දකුණු අප්‍රිකානු පිලේ ටබ්‍රේස් ශම්සි ප්‍රසාද ලකුණු 770 ක් ලබා දෙවැනි ස්ථානයේදී එංගලන්ත පිලේ අදෙල් රශීඩ් ප්‍රසාද ලකුණු 730 ක් ලබා තෙවැනි ස්ථානයේද පසුවෙති.

එංගලන්තයට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 22 කට කඩුලු 3 ක් දවා ගත් වනිඳු වසරක් ඇතුළත වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගත් පන්දු යවන්නාගේ ලෝක වාර්තාවටද ඉකුත්දා හිමිකම් කීවේය. දකුණු අප්‍රිකානු පිලට එරෙහිව පැවැති තරගයේදී ලද කඩුලු ත්‍රිත්වයද සමඟ මේ වසර ඇතුළතදී තරග 19 කට ක්‍රීඩා කර ඇති දකුණත් පා දඟ පන්දු යවන්නා බිඳ හෙළා ඇති කඩුලු සංඛ්‍යාව 34 කි. ඔහු පසු කරන ලද්දේ මෙම වසරේදී විස්සයි-20 තරග 20 කදී කඩුලු 32 ක් බිඳ හෙළීමට සමත්ව සිටි දකුණු අප්‍රිකානු පිලේ ටබ්‍රේස් ශම්සිව වේ.

විසි හතර හැවිරිදි වනිඳු ගාල්ල රිච්මන්ඩ් විදුහලින් ජාතික කණ්ඩායමට පැමිණීමට සමත්වී ඇති ක්‍රීඩකයෙකි. එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී විස්සයි-20 තරග අංශයේ කඩුලු 50 සීමාවද පසුකර යෑමට වනිඳු සමත්විය. කොළඹ සී.සී.සී. ක්‍රීඩා සමාජය නියෝජනය කරන වනිඳුට පෙර මෙම ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයට පැමිණ සිටින අනෙක් ශ්‍රී ලාංකික පන්දු යවන්නා වන්නේ අජන්ත මෙන්ඩිස්ය. ඒ අනුව ශ්‍රී ලාංකික පන්දු යවන්නන් අතරින් දෙවැනියට අංක 1 ස්ථානයට පැමිණි වනිඳු විස්සයි-20 ජාත්‍යන්තර තරග 32 කට සහභාගිවෙමින් කඩුලු 50 ක් දවාගෙන තිබෙන්නේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 13.88 ක් රඳවා තබා ගනිමිනි. පන්දුවාරයකට ලකුණු 6.27 ක දළවේගයක් රඳවා ගැනීමට සමත්ව සිටින වනිඳුගේ හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වන්නේ ඉන්දියාවට එරෙහිව මේ වසරේදී කොළඹදී පැවැති තරගයේදී ලකුණු 09 ක් ඇතුළත දවා ගන්නා ලද කඩුලු 4 වේ.

Active filters

Recent Posts

  • දෙවැනි තරගයේ පරාජයේ වගකීම පිතිකරුවන් භාර ගන්නවා – ජනිත් ලියනගේ
    සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල ලද පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම පිතිකරණ අංශය භාර ගන්නා බව ජනිත් ලියනගේ පැවැසීය. […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල ජයග්‍රාහී මාවතට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම පරදවා ලකුණු 51 ක ජයග්‍රහණයක් වාර්තා කරමින් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීමට […]
  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee