slc
logo
Home   |    News
නොවැම්බර් 1, 2021
ශ්‍රී ලංකාව තීරණාත්මක සාධකය ජය ගනියි

sinhala editor

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන තරග වලදී ජයග්‍රහණය සඳහා තීරණාත්මක සාධකයක් බවට පත්ව තිබෙන කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක දසුන් නායක සමත් වද්දී පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව එංගලන්ත කණ්ඩායමට ලබා දීමට පියවර ගැනුණි. ඒ අනුව දෙපිළම අද තරගයට කිසිම වෙනස්කමක් සිදු නොකරමින් අවතීර්ණව සිටීම විශේෂත්වයක් වේ.

මෙතෙක් තරගාවලියේ 29 වැනි තරගය ලෙසින් සාජා පිටියේ පැවැත්වෙන මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව තරග වටය පිළිබඳව තවදුරටත් බලාපොරොත්තු රඳවා ගැනීමට නම් අද තරගය අනිවාර්යයෙන්ම ජය ගත යුතු වේ. මෙතෙක් සහභාගිවූ තරග 3 න් 3 ම ජය ගෙන සිටින එංගලන්තය මේ වන විට ප්‍රසාද ලකුණු 6 ක් ලබා අපරාජිතව පළමු කාණ්ඩයේ රැඳී සිටියි. ශ්‍රී ලංකා කණ්ඩායම තරග 3 කදී එක් ජයග්‍රහණයක් ලබා ප්‍රසාද ලකුණු  2 ක් සමඟ එම කාණ්ඩයේ සිව්වැනි ස්ථානයේ රැඳී සිටියි.

ශ්‍රී ලංකා පිල – කුසල් පෙරේරා, පැතුම් නිස්සංක, චරිත් අසලංක, අවිෂ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, දසුන් ශානක (නායක), චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ, ළහිරු කුමාර.

එංගලන්ත පිල – ජේසන් රෝයි, ජෝස් බට්ලර්, ඩේවිඩ් මාලන්, ඔයින් මෝගන් (නායක), ජොනී බෙයාස්ටෝ, ලියාම් ලිවින්ග්ස්ටන්, මොයින් අලී, ක්‍රිස් වෝක්ස්, ක්‍රිස් ජෝර්ඩ්න්, අදෙල් රශීඩ්, ටයිමාල් මිල්ස්.

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest