slc
Home   |    News
නොවැම්බර් 4, 2021
ශ්‍රී ලංකා පිලේ එක් වෙනස්කමක්

sinhala editor

පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 අතර තරග වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් තරගය බවට පත්වන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි තරගයේදී කාසියේ වාසිය අහිමි වුවද පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිව තිබේ.

කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමෙන් පසු අදහස් දක්වා සිටි කොදෙව් නායක කිරන් පොලාර්ඩ්, පළමුව පන්දු යැවීම යනු සමස්ථ තරගාවලියේම ස්වභාවය බවට පත්ව තිබෙන බවත්,  රාත්‍රී කාලයේදී පිණි සහිත තත්ත්වයෙන් එල්ලවිය හැකි බලපෑම අවම කරගැනීමේ අරමුණ ඇතිව පන්දුයැවීමට තීරණය කළ බව සඳහන් කර සිටියේය.

ශ්‍රී ලංකා නායක දසුන් ශානක අදහස් දක්වමින් සඳහන් කර සිටියේ, අබුඩාබි තණතීරුවේ පන්දුව හැසිරීම පිළිබඳව පැහැදිළි අවබෝධයක් තම කණ්ඩායම සතුව පවතින බවයි. මේ වන විට පවතින තත්ත්වයන් වල සියුම් වෙනසක් සිදුවී තිබෙන බවත්, තණතීරුව පිතිකරුවන්ට යෝග්‍යව හැසිරීමට පටන් අරගෙන තිබෙන බවද සඳහන් කර සිටි ශ්‍රී ලංකා නායකයා, පිතිකරණ අංශය ශක්තිමත්ව පැවැතියේ නම් ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට යෑමට හොඳින්ම අවකාශ තිබුණු බව සඳහන් කර සිටියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයේදී එක් වෙනස්කමක් සිදුකරමින් අවතීර්ණව සිටින අතර වේග පන්දු යවන ළහිරු කුමාර වෙනුවට වමතින් වේග පන්දු යවන බිනුර ප්‍රනාන්දුව අවසන් 11 දෙනා අතර කැඳවා තිබේ.

ශ්‍රී ලංකාව – කුසල් පෙරේරා, පැතුම් නිස්සංක, චරිත් අසලංක, අවිෂ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, දසුන් ශානක (නායක), චාමික කරුණාරත්න, වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ, බිනුර ප්‍රනාන්දු.

බ.ඉ.කොදෙව් – ක්‍රිස් ගේල්, එවින් ලුවිස්, රොස්ටන් චේස්, නිකොලොස් පූරඑාන්, ශිම්රන් හෙට්මේයර්, කිරන් පොලාර්ඩ් (නායක), ඇන්ඩ්‍රෙ රසල්, ජේසන් හෝල්ඩර්, ඩ්වයින් බ්‍රාවෝ, අකීල් හොසේන්, රවී රාම්පෝල්.

Active filters

Recent Posts

  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
  • ඒස් කැපිටල්-කෝල්ට්ස්-බ්ලූම්ෆීල්ඩ්-ටැමිල් යුනියන් ජය වාර්තා කරති 
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (ජුනි 01) පැවැති ඒස් කැපිටල් – බදුරලිය තරගයේදී ඒස් කැපිටල් නායක රොෂාන් ජයතිස්ස තුන් ඉරියව්වේදීම […]
  • සිංහ – ඇෆ්ගන් සටනේ ‘ටිකට්’ ස්ථාන 3 කින්
    ඇෆ්ගනිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වෙබ් අඩෙවියට (www.srilankacricket.lk) පිවිසි මිලදී […]
  • ඇෆ්ගන් – ශ්‍රී ලංකා සටනේ නිලධාරීන් නම් කරයි
    හෙට (02 දා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වන ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින තරගාවලියේ තරග තීරකවරයා ලෙසින් ප්‍රවීන තරග තීරක රංජන් මඩුගල්ලේ මහතා කටයුතු කරනු ඇත. […]
  • යුද හමුදාවේ අසේල ගුණරත්න නැවත ලකුණු අතරට
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා […]
USD United States (US) dollar

Pin It on Pinterest