slc
Home   |    News
නොවැම්බර් 8, 2021
ලෝක ටෙස්ට් ශූරතාවලියේ පළමු සටනට කොදෙව්වෝ ලංකාවට එති

sinhala editor

ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරග 2 කට සහභාගිවීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද (08 වැනිදා) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණියේය. එළැඹෙන 2023 වසරේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් ලෝක ශූරතාවලිය සඳහා පැවැත්වෙන මෙම ටෙස්ට් තරගාවලිය සඳහා පැමිණි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ක්‍රෙග් බ්‍රැත්වයිට්ගේ නායකත්වයෙන් යුතුව තරග වදිනු ඇත.

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ දෙපිළම සහභාගිවන පළමු තරගාවලිය වන්නේ මෙම මස 21 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයෙන් ආරම්භ වන තරග 2 කින් සමන්විත මෙම තරගාවලිය වේ. එම තරගාවලියට පෙර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම දෙපිළ බෙදී පවත්වනු ලබන සිව්දින පුහුණු තරගයකට කොළඹදී සහභාගිවනු ඇත. ජෛව බුබුලු පරිසරයක් යටතේ පවත්වනු ලබන මෙම තරගාවලිය සඳහා නම් කරන ලද 15 දෙනෙකුගෙන් සමන්විත කොදෙව් කණ්ඩායමට නවක ක්‍රීඩකයෙකු වෙන ජෙරම් සොලොසනෝව එක් කර තිබේ.

අවසන් වරට කොදෙව් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ ටෙස්ට් තරග සංචාරයකට සහභාගිවූයේ 2015/16 වසරේදී පැවැති තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියට වේ. එම තරගාවලිය 2-0 ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගැනීමට සමත්විය. ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් තරග වැදි එම තරගාවලියට වමත් දඟ පන්දු යවන්නන් අතර ලොව වැඩිම කඩුලු ලාභියා බවට පත්ව සිටින රංගන හේරත් ක්‍රීඩා කරමින් කඩුලු 15 ක් බිඳ හෙළමින් තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම – ක්‍රෙග් බ්‍රැත්වයිට් (නායක), ජෙරමින් බ්ලැක්වුඩ් (උප නායක), කෘමා බොනර්, රොස්ටන් චේස්, රකීම් කෝන්වෝල්, ජෂුවා ද සිල්වා, ශෙනන් ගේබ්‍රියල්, ජේසන් හෝල්ඩර්, ෂායි හෝප්, කයිල් මේයර්ස්, වීරසාමී පෙරුමාල්. කෙමාර් රෝච්, ජේඩ්න් සීල්ස්, ජෙරම් සොලොසානෝ. ජොමෙල් වොරිකන්.

තරග කාලසටහන

නොවැම්බර් 21-24 – පළමු ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය

නොවැම්බර් 29 දෙසැම්බර් 03 – දෙවැනි ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest