slc
Home   |    News
නොවැම්බර් 18, 2021
රතු පන්දුවට හුරුවීමේ අවස්ථාව, වර්ෂාව අහිමි කරයි

sinhala editor

ටෙස්ට් තරග සංචාරයක නිරතව සිටින බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ පිලට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබූ සිව්දින පුහුණු තරගය එකම පන්දුවක් හෝ නොයවාම අතහැර දැමීමට සිදුවිය.

තරගයේ අවසන් දිනය වුණු නොවැම්බර් 17 වැනිදා දිනයේ වර්ෂාව ඇද නොහැලුණු නමුත් පෙර දින රාත්‍රියේ ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් හතරේ සීමාව ආසන්න ප්‍රදේශය තෙත බරිත තත්ත්වයෙන් පැවැතිණ.

කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගයේදී සිව්වැනි දිනද පිටිය නිරීක්ෂණය කළ විනිසුරුවෝ තරගය දිවා ආහාරයට පෙරම අතහැර දැමීමට තීරණය කළහ. ඒ අනුව ලබන 21 වැනිදා ආරම්භ වන තරග 2 කින් සමන්විත දෙරට අතර ටෙස්ට් තරගාවලියට කණ්ඩායම් දෙකම පුහුණු තරගයකින් තොරව ක්‍රීඩා කරනු ඇත. ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිත ක්‍රීඩකයින් ගණනාවක් ක්‍රිකට් සභාපතිවරයාගේ පිලට ඇතුළත්ව තිබුණද ඔවුන්ට රතු පන්දුවෙන් පුහුණුව ලබා ගැනීමට තිබූ හොඳම අවස්ථාව වර්ෂාව අහිමි කර සිටියේය.

ජෛව බුබුලු පරිසරයක් යටතේ පැවැත්වෙන මෙම ටෙස්ට් තරගාවලිය ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර පළමුවැනින 25 වැනිදා අවසන් වන අතර දෙවැන්න 29 වැනිදා සිට දෙසැම්බර් 03 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත.

Recent Posts

  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest