slc
logo
Home   |    News
නොවැම්බර් 22, 2021
ශ්‍රී ලංකාව 386 න් නවතියි

sinhala editor

Chamila Karawita reporting from Galle

ඉලක්කය ලකුනු 500 කට එහා ලකුණු සංඛ්‍යාවක් වුවද අවසන් කඩුලු 7 ම ලකුණු 105 කදී දවා ගැනීමට රොස්ටන් චේස් ප්‍රමුඛ බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නන් සමත්වීම නිසා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 400 කට ලකුණු 14 ක් අඩුවෙන් හෙවත් ලකුණු 386 කදී නිමාවට පත්විය.

ශ්‍රී ලංකා ඉනිම නිමාවට පත් කිරීමේදී තරගය ඇරැඹි පළමු පැයේදී ශතක ලාභී දිමුත් කරුණාරත්ව සහ අර්ධ ශතක ලාභී ධනංජය ද සිල්වාගේ කඩුලු දවා ගනිමින් නැවතත් තරගයට අවතීර්ණවීමට කොදෙව් කණ්ඩායම සමත්විය. මොවුන් දෙදෙනාට අමතරව තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙසින් නම් කෙරුණු රමේෂ් මෙන්ඩිස්ද දිවා ආහාරයට පෙර දැවී යෑම මීට වඩා ලකුණු සංඛ්‍යාවක් කරා ශ්‍රී ලංකා පිලට යෑමට තිබූ අවස්ථාව අහිමිවීමට හේතු විය.

පිටියට පිවිසි අවස්ථාවේදී එතරම් විශ්වාසයකින් යුතුව පන්දුවට පහර දීමට අපොහොසත් වුවද ශ්‍රී ලංකා ඉනිමේ 8 වැනි පිතිකරුවා ලෙසින් දිනේෂ් චන්දිමාල් දැවී යන විට ලකුණු 45 ක් රැස් කරගෙන සිටියේය. වේග පන්දු යවන ෂෙනන් ගේබ්‍රියල් විසින් එවන ලද කෙටි පන්දු වැළකදී තරමක් අපහසුතාවයෙන් මුහුණ දුන්නද පිටියේ ස්ථාවරත්වය ගොඩ නඟා ගැනීමට චන්දිමාල් සමත්වූවේය. පසු පෙළ පිතිකරුවන්වද ආරක්ෂා කර ගනිමින් පන්දුවට පහර දීමට චන්දිමාල් දරන ලද උත්සාහයේදී එල්ල කරන ලද රිවර් ස්වීප් පහරක් වැරැදී යෑම නිසා අර්ධ ශතකයට ලකුණු 3 ක් තිබියදී චන්දිමාල් කඩුල්ල අහිමි කර ගත්තේය.

ඉනිමේ අවාසනාවන්තම දැවී යෑම ලෙස සටහන් වූයේ ධනංජය ද සිල්වාගේ දැවී යෑමය. ලකුණු 56 ක් ලබා සිටියදී ඉනිම ඇරඹූ ධනංජයට පිත්ත කඩුල්ල වැදීම (හිට් විකට්) හේතුවෙන් අද දිනයේදී රැස් කරගත හැකි වූයේ ලකුණු 5 ක් පමණි. ෂෙනන් ගේබ්‍රියල් එවන ලද පන්දු පසුපස පාදයේ ආරක්ෂිත පහරක් එල්ල කළද එය කඩුල්ල සොයා යන බවක් පෙනුණි. ඒ අවස්ථාවේදී සැණෙකින් පන්දුව වෙත හැරුණු ධනංජය පන්දුව කඩුල්ලෙන් පැත්තකට යැවීම වෙනුවෙන් පිත්ත හුවා දැක්වූවේය. පළමු වතාවේදී පන්දුව පිත්තේ නොවැදුණු හෙයින් දෙවැනි වරටත් පන්දුව පැත්තකට යැවීම වෙනුවෙන් ධනංජය ගත් උත්සාහයේදී පිත්තෙන් කඩුල්ල බිඳ වැටිණ.

සිදුවූ අතපසුවීම පිළිබඳව අදහාගත නොහැකි වූ දකුණත් පිතිකරුවා මඳ වේලාවක් පිත්ත තුරුළු කරන් නිසොල්මනේ සිටීමෙන් පිළිබිඹු වූයේ අතපසුවීඹ පිළිබඳව දැඩි පශ්චත්තාපයට පත්වූ බවකි. අකමැත්තෙන් වුවද ධනංජයගේ ඉනිම ලකුණු 61 කදී නිමාවට පත්වූයේ පන්දු 95 කට මුහුණ දීමෙන් පසුවය.

ඊයේ දිනයේදී සිය 13 වැනි ශතකය වාර්තා කරගත් නායක කරුණාරත්න අද දිනයේදී ලකුණු 150 පෙනි පෙනී දැවී ගියේය. දිගු ඉනිම් වලට නම් දරා සිටින දිමුත් අද දිනයේදී 7 වැනි වතාවටත් ලකුණු 140 සීමාව ඉක්මවා රැස් කර ගත්තේය. මිනිත්තු 434 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි දිමුත් ස්ටම්ප් කිරීමකට හසුව දැවී ගියේය. පහර එල්ල කරද්දී දිමුත්ගේ පාදය සීමා ඉරෙන් යන්තමින් ඉදිරියට ගොස් තිබියදී උපරිම ඵල නෙළා ගත් කඩුලු රකින ජොෂුවා ද සිල්වා  කඩුල්ල බිඳ දැම්මේය. මුහුණ දුන් 300 වැනි පන්දුවේදී දැවී ගිය දිමුත් තම ඉනිම හතරේ පහර 15 කින් වර්ණවත් කරගෙන සිටියේය.

ඉනිමේ අවසන් පිතිකරුවන් දෙදෙනා වුණු වමත් දඟ පන්දු යවන ලසිත් ඇඹුල්දෙණිය සහ ප්‍රවීන් ජයවික්‍රම එම කඩුල්ල වෙනුවෙන් ලකුණු 25 කින් ලකුණු පුවරුව පෝෂණය කළහ. වැඩි වගකීම ගනිමින් පන්දුවට පහර දුන් ඇඹුල්දෙණිය රොස්ටන් චේස් හමුවේ එල්ල කරන මනරම් හයේ පහර ශ්‍රී ලංකා කඳවුරෙන් වාර්තා වුණු එකම හයේ පහරද වූවේය.

ශ්‍රී ලංකා ඉනිම හමාර කිරීම වෙනුවෙන් වූ ඇඹුල්දෙණියගේ කඩුල්ල දවා ගැනීමත් සමඟ තෙවැනිවතාවටත් කඩුලු 5 ක් දවා ගැනීමට රොස්ටන් චේස් සමත්වූවේය. දකුණතින් පා දඟ පන්දු යවන චේස් ලකුණු 83 කට කඩුලු 5 දවා ගනිද්දී වමතින් දඟ පන්දු යැවූ ජොමෙල් වොරිකන් ලකුණු 87 කදී කඩුලු 3 ක් දවා ගත්තේය.

හෙට (23 වැනිදා) තරගයේ තෙවැනි දිනයයි.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee