slc
logo
Home   |    News
නොවැම්බර් 20, 2021
පුහුණු තරගයේදී කාන්තා පිලට ලකුණු 200 ක දැවැන්ත ජයක්

sinhala editor

කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට සහභාගිව සිටින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මුහුණ දුන් පළමු පුහුණු තරගයෙන් ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායමට එරෙහිව ලකුණු 200 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් වාර්තා කොට තරගාවලියට ජයග්‍රාහී ප්‍රවේශයක් ලබා ගැනීමට (නොවැම්බර් 19 වැනිදා) සමත්විය.

සිම්බාබ්වේහි පැවැත්වෙන මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලිය යටතේ කාසියේ වාසියත් සමඟ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 5 කට ලකුණු 326 ක් රැස් කර ගැනීමට සමත්විය. එම ඉලක්කය හඹා ගිය ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම පන්දුවාර 46 කදී ලකුණු 126 කට සීමා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්වූහ.  

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පිතිකාරිණියන් කීප දෙනෙකුම කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත්වූ අතර එහිදී වැඩිම ලකුණු ලාභිණිය බවට නිලක්ෂි සිල්වා පත්වූවාය. නොදැවී ලකුණු 77 ක් රැස් කළ නිලක්ෂි පන්දු යැවීමේදීද එක් ලකුණකට කඩුලු 4 ක් දවා ගනිමින් තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක්වීමට සමත්වූවාය.

ඇයට අමතරව ශ්‍රී ලංකාව වෙනුවෙන් එකම අර්ධ ශතක රැස් කරන ලද්දේ උප නායිකා හර්ෂිතා සමරවික්‍රම වන අතර ඇය නොදැවී ලකුණු 54 ක් ලබා සිටියදී ඉනිම හමාර කොට සෙසු ක්‍රීඩිකාවන්ට පන්දුවට පහර දීමට අවස්ථාව ලබා දුන්නාය.

ලකුණු සාරාංශය –

ශ්‍රී ලංකා කාන්තා පිල පන්දුවාර 50 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 326 යි (නිලක්ෂි සිල්වා 77*, හර්ෂිතා සමරවික්‍රම 54*, චමරි අතපත්තු 41, අමා කාංචනා 39*, ඉමේෂා දුලානි 31, හසිනි පෙරේරා 28, කවීෂා දිල්හාරි 20)

ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම පන්දුවාර 46 කදී ලකුණු 126 යි (ලිසා රම්ජිත් 68, ඉනෝකා රණවීර 26/3, සචිනි නිසංසලා 11/2, නිලක්ෂි ස්ලිවා 01/4, අචිනි කුලසූරිය 23/1)

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා පිල ලකුණු 54ක් ඉදිරියෙන්
    ‍සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකා පිල කඩුලු 2ක් අතැතිව ලකුණු 54ක් ඉදිරියෙන් සිටී. […]
  • බදුරලිය – කුරුණෑගල යූත් ප්‍රබල තත්ත්වයක
    ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ සී.සී.සී. – කුරුණෑගල තරුණ අතර තරගයේ දී සී.සී.සී. කණ්ඩායම පළමු ඉනිමේ දී ලකුණු 262කට දවාලු කුරුණෑගල […]
  • ඔස්ට්‍රේලියාව ලකුණු 73කින් ඉදිරියට
    සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ දෙවැනි දිනය නිමාවෙද්දී පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා පිල ලබාගත් ලකුණු 257ට පිළිතුරු […]
  • ශ්‍රී ලංකාව පළමු දිනය නිමාවෙද්දී කඩුලු 9කට 229යි
    සාචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ පළමු දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකා පිල කඩුලු 9කට ලකුණු 229ක් ලබා සිටියේය. ගාල්ල […]
  • දිමුත්ට ගාලු පිටියේදී ගෞරවනීය උපහාර පිදීමක්
    පුරා වසර 13ක් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් බිමේ ශ්‍රී ලංකාව වෙනුවෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නගේ 100 වැනි ටෙස්ට් තරගය සේම ටෙස්ට් පිටියේ ඔහු ක්‍රීඩා කරනු දක්නට […]

Pin It on Pinterest

USD United States (US) dollar