slc
logo
Home   |    News
දෙසැම්බර් 2, 2021
ධනංජයගේ ඉනිමෙන් ශ්‍රී ලංකාව ප්‍රභල ස්ථානයකට

sinhala editor

සිව්වැනි දිනය ආරම්භයේදී තරමක අවධානමකට මුහුණ දී සිටි ශ්‍රී ලංකා කණ්ඩායම, ධනංජය ද සිල්වා නොදැවී ලබා ගත් ලකුණු 153 ක ඉනිම නිසා දිනය අවසන් වන විට කඩුලු 8 කට ලකුණු 328 ක් ලබා ප්‍රභල ස්ථානයකට පැමිණ සිටියේය. ගාල්ල ජාත්‍යන්තර පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේ යවන ලද අවසන් පන්දුව තෙක්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව්වන්ට වඩා ලකුණු 279 කින් ඉදිරියට පැමිණ සිටියේය.

තරගයේ පස්වැනි සහ අවසන් දිනය වන හෙට (03 දා) දිනය ආරම්භයේදී කොදෙව් කණ්ඩායමට හඹා යෑමේ අවස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා නායකයා තීරණය කළහොත් ප්‍රතිවාදීන්ට හිමි ලකුණු 280 ක ඉලක්කය හඹා යෑම හෝ ජය පැරදුමෙන් තොරව අවසන් කර ගැනීමට පන්දුවාර 98 ක් ඉතිරිව පවතියි.

ඉදිරි පෙළ පිතිකරුවන් තිදෙනාම ලකුණු 73 ක් ඇතුළත බිඳ වැටී තිබියදී පිටියට පිවිසි සිව්වැනි දිනයේ වීරයා, ධනංජය ද සිල්වා පසු පෙළ පිතිකරුවන් සමග එක් කරන ලද ලකුණු සංඛ්‍යාව 255 කි. එහිදී 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලසිත් ඇඹුල්දෙණිය සමඟ එක්ව ලකුණු 107 ක් රැස් කළ හැඩ කාර දකුණත් පිතිකරුවා එම කඩුල්ල වෙනුවෙන් ගාල්ල ජාත්‍යන්තර පිටි‍යේ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවටද හිමිකම් කීවේය. මීට පෙර මෙම සම්බන්ධතාවයට හිමිකම් කියන ලද්දේ පාකිස්තානු පිතිකරුවන් යුගලක් වන අසාද් ශෆික් සහ සුල්ෆිකර් බාබර් 2015 වසරේදී රැස් කරන ලද ලකුණු 101 ක සම්බන්ධතාව විය.

දිවා ආහාරයට පෙර තවත් කඩුලු 2 ක් අහිමි කරගෙන සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් ඉතිරිව ඉදිරියෙන් සිටියේ ලකුණු 102 ක් පමණි. එහිදී ධනංජයට අනගි සහායක් ලබා දුන් රමේෂ් මෙන්ඩිස් 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 51 ක සම්බන්ධතාවක් පවත්වා ලකුණු පුවරුව ලකුණු 208 ක් දක්වා රැගෙන ගියහ. ඒ වෙනුවෙන් රමේෂ්ගේ දායකත්වය ලකුණු 25 කිනි.

දිනය අවසන් වන තෙක්ම නොබිඳිව පැවැති ධනංජය අද දිනයේ රැස් කර ගන්නා ලද්දේ සිය ටෙස්ට් තරග දිවියේ 8 වැන්න විය. රැස් කර ඇති ශතක අතුරින් වැඩි ප්‍රතිශතයක් පීඩනයක් සහිත අවස්ථාවන්වලදී රැස් කිරීමට සමත්ව සිටින ධනංජය අද දිනයේදීද ක්‍රීඩා කරන ලද්දේ එවැනි ඉනිමකි. පන්දු 259 ක් පුරා විහිදුණු ධනංජය සිය ඉනිම හතරේ පහර 11 කින් සහ හයේ පහර 2 කින් අලංකාර කර ගත්තේය. ඔහුට අනගි සහායක් ලබා දුන් ඇඹුල්දෙණිය පන්දු 110 කදී ලකුණු 25 ක් ලබා සිටියි.

හෙට තරගයේ පස්වැනි සහ අවසන් දිනයයි.

Active filters

Recent Posts

  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]
  • තීරණාත්මක ගැටුමේදී පීඩනය දෙපිළ මතටම
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හෙට (16 දා) පැවැත්වෙන තෙවැනි සහ අවසන් විස්සයි-20 ජාත්‍යන්තර තරගය ශ්‍රී ලංකාවට මෙන්ම බංග්ලාදේශයට අතිශය තීරණාත්මක තරගයකි. දෙපිළම තරගය බැගින් ජය ගෙන සිටින හෙයින් හෙට […]
  • තුන්වැනි තරගයේත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ මස 16 වැනිදා (බදාදා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට තෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේ සියලුම ප්‍ර වේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා […]
  • ඔස්ට්‍රේලියානු ‘ඒ‘ පිතිකරුවෝ සෙමින් ලකුණු රැස් කරති
    ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඩාර්වින් නුවර පැවැත්වෙ පළමු සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (14 දා) තරගය නිමා කරද්දී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ඔස්ට්‍රේලියානු […]
  • රනේෂ්ගේ ශතකයෙන් ඒස් කැපිටල්ට ජය
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී තියුණු තරගයකින් පසු ලකුණු 10 ක ජයක් වාර්තා කිරීමට ඒස් කැපිටල් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee