slc
logo
Home   |    News
දෙසැම්බර් 2, 2021
කොදෙව්වෝ පෙරමුණට එති

sinhala editor

ලකුණු 49 ක පළමු ඉනිමේ වාසියක් අත්කර ගත් කොදෙව් කණ්ඩායම දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනට තරගය නිමා කරන විට නැවතත් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සතු හොඳම පිතිකරුවා වන නායක දිමුත් කරුණාරත්නගේ කඩුල්ල දවා ගනිමින් තරගයේ සැලකිය යුතු වාසියක් අත්කර ගැනීමට සමත්ව සිටියේය.

සෝබර්ස් – තිසේරා කුසලාන වෙනුවෙන් පැවැත්වෙන මෙම ටෙස්ට් තරගාවලියේදී දිනය අවසන් වන විට ශ්‍රී ලංකා පිල කඩුලු 2 ක් දැවී ලකුණු 46 ක් ලබා කොදෙව් පිලට වඩා ලකුණු 03 ක් පිටුපසින් සිටියේය. දිමුත්ට අමතරව ඊයේ දිනයේ දැවී ගිය අනෙක් පිතිකරුවා වූයේ ඕෂද ප්‍රනාන්දු විය. නායකයා ලකුණු 06 ක් ද ඕෂද ලකුණු 14 ක්ද ලබා සිටියදී දැවී ගියේ දුවද්දී දැවී යෑම් ලෙසිනි.

මෙතෙක් පැවැති ඉනිම 3 දීම සැලකිය යුතු මට්ටමේ බරක් ඇදි පිතිකරුවා බවට පත්වූ දිමුත් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යෑම ශ්‍රී ලංකාවට දරාගත නොහැකි පාඩුවකි. කෙසේ වෙතත් දෙවැනි පිතිකරුවාත් දුවද්දී දවා ගැනීමට හැකියාව ලැබීම කොදෙව් පිලේ ආත්ම විශ්වාසය ඉහළ යන්නකට බවට පත්ව තිබේ. පැතුම් නිස්ංසක පන්දු 53 කදී ලකුණු 21 ක්ද චරිත් අසලංක පන්දු 22 කදී ලකුණු 4 ක්ද ලබා සිව්වැනි දිනටත් පන්දුවට පහරදීමේ අවස්ථාව උදා කරගෙන සිටිති.

තෙවැනි දිනයේ දිවා ආහාරයෙන් පසුවත් කොදෙව් පිල විශ්වාසයකින් යුතුව ලකුණු රැස් කළේය. එහෙත් දෙවැනි නව පන්දුව ලබා ගැනීමත් සමඟ නැවතත් දක්ෂතා වලට අවතීර්ණ වුණු රමේෂ් මෙන්ඩිස් ලකුණු 70 කට කඩුලු 6 ක් දවා ගනිමින් සිය ටෙස්ට් තරග දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කර ගත්තේය. ඔහුට සහයෝගයක් දුන් ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 59 කට කඩුලු 2 ක් දවා ගත්තේය.

කොදෙව් පිල වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් බ්‍රැත්වයිට් ලකුණු 72 ක් ලබා ගත්තේය. බ්‍රැත්වයිට් සහ බෝනාර් සමඟ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නැංවුණු සම්බන්ධතාවය ලකුණු 75 කි.

හෙට තරගයේ සිව්වැනි දිනයයි.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee