slc
logo
Home   |    News
දෙසැම්බර් 2, 2021
ධනංජයගේ ඉනිමෙන් ශ්‍රී ලංකාව ප්‍රභල ස්ථානයකට

sinhala editor

සිව්වැනි දිනය ආරම්භයේදී තරමක අවධානමකට මුහුණ දී සිටි ශ්‍රී ලංකා කණ්ඩායම, ධනංජය ද සිල්වා නොදැවී ලබා ගත් ලකුණු 153 ක ඉනිම නිසා දිනය අවසන් වන විට කඩුලු 8 කට ලකුණු 328 ක් ලබා ප්‍රභල ස්ථානයකට පැමිණ සිටියේය. ගාල්ල ජාත්‍යන්තර පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේ යවන ලද අවසන් පන්දුව තෙක්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව්වන්ට වඩා ලකුණු 279 කින් ඉදිරියට පැමිණ සිටියේය.

තරගයේ පස්වැනි සහ අවසන් දිනය වන හෙට (03 දා) දිනය ආරම්භයේදී කොදෙව් කණ්ඩායමට හඹා යෑමේ අවස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා නායකයා තීරණය කළහොත් ප්‍රතිවාදීන්ට හිමි ලකුණු 280 ක ඉලක්කය හඹා යෑම හෝ ජය පැරදුමෙන් තොරව අවසන් කර ගැනීමට පන්දුවාර 98 ක් ඉතිරිව පවතියි.

ඉදිරි පෙළ පිතිකරුවන් තිදෙනාම ලකුණු 73 ක් ඇතුළත බිඳ වැටී තිබියදී පිටියට පිවිසි සිව්වැනි දිනයේ වීරයා, ධනංජය ද සිල්වා පසු පෙළ පිතිකරුවන් සමග එක් කරන ලද ලකුණු සංඛ්‍යාව 255 කි. එහිදී 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලසිත් ඇඹුල්දෙණිය සමඟ එක්ව ලකුණු 107 ක් රැස් කළ හැඩ කාර දකුණත් පිතිකරුවා එම කඩුල්ල වෙනුවෙන් ගාල්ල ජාත්‍යන්තර පිටි‍යේ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවටද හිමිකම් කීවේය. මීට පෙර මෙම සම්බන්ධතාවයට හිමිකම් කියන ලද්දේ පාකිස්තානු පිතිකරුවන් යුගලක් වන අසාද් ශෆික් සහ සුල්ෆිකර් බාබර් 2015 වසරේදී රැස් කරන ලද ලකුණු 101 ක සම්බන්ධතාව විය.

දිවා ආහාරයට පෙර තවත් කඩුලු 2 ක් අහිමි කරගෙන සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් ඉතිරිව ඉදිරියෙන් සිටියේ ලකුණු 102 ක් පමණි. එහිදී ධනංජයට අනගි සහායක් ලබා දුන් රමේෂ් මෙන්ඩිස් 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 51 ක සම්බන්ධතාවක් පවත්වා ලකුණු පුවරුව ලකුණු 208 ක් දක්වා රැගෙන ගියහ. ඒ වෙනුවෙන් රමේෂ්ගේ දායකත්වය ලකුණු 25 කිනි.

දිනය අවසන් වන තෙක්ම නොබිඳිව පැවැති ධනංජය අද දිනයේ රැස් කර ගන්නා ලද්දේ සිය ටෙස්ට් තරග දිවියේ 8 වැන්න විය. රැස් කර ඇති ශතක අතුරින් වැඩි ප්‍රතිශතයක් පීඩනයක් සහිත අවස්ථාවන්වලදී රැස් කිරීමට සමත්ව සිටින ධනංජය අද දිනයේදීද ක්‍රීඩා කරන ලද්දේ එවැනි ඉනිමකි. පන්දු 259 ක් පුරා විහිදුණු ධනංජය සිය ඉනිම හතරේ පහර 11 කින් සහ හයේ පහර 2 කින් අලංකාර කර ගත්තේය. ඔහුට අනගි සහායක් ලබා දුන් ඇඹුල්දෙණිය පන්දු 110 කදී ලකුණු 25 ක් ලබා සිටියි.

හෙට තරගයේ පස්වැනි සහ අවසන් දිනයයි.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee