slc
Home   |    News
ජනවාරි 26, 2022
ඔස්ට්‍රේලියානු සංචාරයේත් ප්‍රධාන පුහුණුකරු ධුරය රුමේෂ් රත්නායකට

sinhala editor

එළැඹෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරය සඳහාද ජාතික කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක මහතා පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. අවසන් වුණු සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙසද රත්නායදක මහතා කටයුතු කළේය.

සිම්බාබ්වේ තරගාවලියෙන් අනතුරුව ඒ මහතාට කොවිඩ් වෛරසය ආසාධනය වී තිබෙන අතර මේ වන විටත් ස්වයං නීරෝධායනයට ලක්ව සිටියි. එම තත්ත්වය මත ඔහුට කණ්ඩායම සමඟ පිටත්ව යෑමේ අවස්ථාව අහිමි වන නමුත් පෙබරවාරි 11 වැනිදා ආරම්භ වන පළමු තරගයට පෙර රත්නායක මහතා කණ්ඩායම සමඟ එකතුවීමට නියමිතය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන තාක්ෂණික උපදේශන කමිටුව සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් ඒ මහතාව ඔස්ට්‍රේලියානු තරග සංචාරය සඳහා පත් කිරීමට පියවර ගෙන තිබේ.

Active filters

Recent Posts

  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
  • ඒස් කැපිටල්-කෝල්ට්ස්-බ්ලූම්ෆීල්ඩ්-ටැමිල් යුනියන් ජය වාර්තා කරති 
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (ජුනි 01) පැවැති ඒස් කැපිටල් – බදුරලිය තරගයේදී ඒස් කැපිටල් නායක රොෂාන් ජයතිස්ස තුන් ඉරියව්වේදීම […]
  • සිංහ – ඇෆ්ගන් සටනේ ‘ටිකට්’ ස්ථාන 3 කින්
    ඇෆ්ගනිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වෙබ් අඩෙවියට (www.srilankacricket.lk) පිවිසි මිලදී […]
  • ඇෆ්ගන් – ශ්‍රී ලංකා සටනේ නිලධාරීන් නම් කරයි
    හෙට (02 දා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වන ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින තරගාවලියේ තරග තීරකවරයා ලෙසින් ප්‍රවීන තරග තීරක රංජන් මඩුගල්ලේ මහතා කටයුතු කරනු ඇත. […]
  • යුද හමුදාවේ අසේල ගුණරත්න නැවත ලකුණු අතරට
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා […]
USD United States (US) dollar

Pin It on Pinterest