slc
logo
Home   |    News
ජනවාරි 24, 2022
ප්‍රියමාල්ගේ සුපිරි පිතිහරඹයෙන් ගාල්ල දිනයි

sinhala editor

By Chamila Karawita

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් අද (24 දා) ආරම්භ වුණු නැෂනල් සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ කොළඹ කණ්ඩායමට එරෙහිව කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් කඩුලු 3 ක ජයක් වාර්තා කිරීමට ගාල්ල කණ්ඩායම සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 214 ක ඉලක්කයක් හඹා යෑමේදී පන්දුවාර 42 කුත් පන්දු 4 කදී ගාල්ල කණ්ඩායම ඉලක්කය සපුරා ගන්නා ලද්දේ කඩුලු 7 ක් පමණක් ප්‍රතිවාදී පන්දු යවන්නන් හමුවේ පූජා කරමිනි. ගාල්ල පිල වෙනුවෙන් කැපී පෙනෙන පිතිහරඹයක නිරත වුණු ප්‍රියමාල් පෙරේරා පන්දු 122 කදී ලකුණු 98 ක් ලබා තරග ජයගහණය සනාථ වන තෙක්ම කඩුල්ලේ රැඳී සිටියේය. හයේ පහරක් සහ හතරේ පහර 11 කින් සමන්විත වුණු ප්‍රියමාල්ගේ ඉනිමේ වටිනා කම වූයේ ලකුණු 93 කට කඩුලු 5 ක් බිඳ වැටී තිබියදී එම ඉනිම දියත් කිරීම නිසා විය.

එම ජයග්‍රහණයේදී ගාලු පිලට කණස්සල්ලට කරුණක් වූයේ නම් ඒ ප්‍රියමාල් පෙරේරාට ශතකය ලබා ගැනීමට නොහැකිවීම පමණි. 43 වැනි පන්දුවාරය ආරම්භයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 4 ක් ලබා ගත යුතු වුවත් එක් ලකුණකින් පැති මාරු කර ගැනීමට ප්‍රියමාල් කටයුතු කළේ තවත් අවස්ථාවක් ලබා ගැනීමේ බලාපොරොත්තු ඇතිව විය. එහෙත් ඊළඟ පන්දුවට ජෙහාන් ඩැනියල් දැවී යෑමත් සමඟ පිටියට පිවිසි හේෂාන් හෙට්ටිආරච්චි එල්ල කරන ලද හතරේ පහරත් සමඟ ගාල්ලේ ජයග්‍රහණය සනාථවීම සිය ඉනිම ලකුණු 98 දී නොබිඳිව තබා ගැනීමට ප්‍රියමාල්ට සිදුවිය.

ප්‍රියමාල්ට අමතරව සාර්ථක පිතිහරඹයක නිරත වුණු රමේෂ් මෙන්ඩිස් හයවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නංවන ලද සම්බන්ධතාවය පන්දු 125 කදී ලකුණු 110 ක් විය. ලකුණු 37 ක් ලබා ගැනීමේදී පන්දු 62 ක් මෙන්ඩිස් විසින් වැය කර තිබුණද එම ඉනිමේ වටිනා කම ගාල්ල කණ්ඩායමට කියා නිම කළ නොහැකි මට්ටමක විය. මීට අමතරව ඉනිම ආරම්භ කළ ධනංය ලක්ෂාන් පන්දු 34 කදී ලකුණු 29 ක් එක් කරමින් ජයග්‍රහණයට දායකත්වය දැක්වූවේය.

කාසියේ වාසියත් සමඟ පළමුව පන්දුවට පහර දුන් කොළඹ කණ්ඩායම පන්දුවාර 47.3 කදී සියලු දෙනා ලකුණු 213 කට සීමා විය. ඒ වෙනුවෙන් කැපී පෙනෙන පන්දුයැවීමක නිරත වුණු මහීෂ් තීක්ෂන ලකුණු 42 කට කඩුලු 3 ක්ද, ධනංජය ලක්ෂාන් සහ රමේෂ් මෙන්ඩිස් කඩුලු 2 බැගින්ද බිඳ හෙලූහ.

ක්‍රිෂාන් සංජුල වැඩිම ලකුණු ලාභියා වූයේ ලකුණු 46 ක් රැස් කරමිනි. හතරේ පහර 4 ක් ඇතුළත් වුණු සංජුල කුසල් මෙන්ඩිස් සමඟ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 60 කදී ලකුණු 56 ක් රැස් කළේය. මෙන්ඩිස් ලකුණු 37 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් විය. සිය සහායකයා පිටියෙන් ඉවත් වුවද තම ඉනිම නොනවැත්වූ සංජුල නුවනිඳු ප්‍රනාන්දු සමඟ එක්ව දෙැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 75 කදී ලකුණු 59 ක සම්බන්ධතාවක්ද පවත්වමින් කොළඹ පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

ලකුණු සාරාංශය

ගාල්ල කණ්ඩායම පන්දුවාර 42.4 කදී කඩුලු 7 ට ලකුණු 215 යි – (ධනංජය ලක්ෂාන් 29, ප්‍රියමාල් පෙරේරා 98*, හිමාෂ ලියනගේ 18, රමේෂ් නේඩිස් 37, ප්‍රභාත් ජයසූරිය 40/2, කවිඳ නදීෂාන් 43/2)

කොළඹ කණ්ඩායම පන්දුවාර 47.3 කදී සියලු දෙනා දැවී ලකුණු 213 යි – (කුසල් මෙන්ඩිස් 37, ක්‍රිෂාන් සංජුල 46, නුවනිඳු ප්‍රනාන්දු 30, සම්මු අශාන් 21, අෂේන් බණ්ඩාර 34, කලන පෙරේරා 15*, මහීෂ් තීක්ෂණ 42/3, ධනංජය ලක්ෂාන් 25/2, රමේෂ් මෙන්ඩිස් 31/2)

Active filters

Recent Posts

  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]
  • දෙවැනි එක්දින තරගයේදී දෙපිළේම වෙනස්කම් දෙකක්
    ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී හඹා යෑම අතිශය අසීරු ක්‍රීඩාංගණයක් ලෙසින් ප්‍රචලිත කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී, කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක මෙහෙදි හසන් මිරාස්  පළමුව පන්දුවට පහර දීමට තීරණය […]
  • පළමු තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිලට අමිහිරි පරාජයක්
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සහභාගිවුණු පළමු තරගයෙන්ම ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම හමුවේ ලකුණු 198 ක අමිහිරි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee