slc
logo
Home   |    News
ජනවාරි 22, 2022
මැලේසියාව පැරදූ ශ්‍රී ලංකා කාන්තාවෝ අපරාජිතව ඉදිරියට ඇදෙයි

sinhala editor

මැලේසියාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ සෙනසුරාදා (22) පැවැති තවත් තරගයකදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 93 ක ජයක් සත්කාරක මැලේසියා කාන්තා කණ්ඩායමට එරෙහිව ලබාගැනීමට සමත්විය. එම ජයග්‍රහණයත් සමඟ චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා පිල එම තරග වටය යටතේ සහභාගිවූ තරග 3 ම ජය ගනිමින් ඉදිරියට යෑම කැපී පෙනෙයි.

මැලේෂියාව මේ තරගයේ කාසියේ වාසිය දිනා ශ්‍රී ලංකාවට මුලින් පන්දුවට පහරදීමට ඇරියුම් කළ අතර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දු වාර 20කදී කඩුලු 3ක් දැවී පන්දුවාර 20 අවසානයේ ලබාගත් ලකුණු 175ට පිළිතුරු ලෙස මැලේෂියා කාන්තා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු හතක් දැවී ලබාගත්තේ ලකුණු 82ක් පමණකි.

ශ්‍රී ලංකා උප නායිකා හර්ෂිතා මාධවී පන්දු 42කදී හතරේ දහයක් සමඟ නොදැවී ලකුණු 65ක් රැස්කරමින් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස තේරිණි. හර්ෂිතාට අමතරව නිලක්ෂි ද සිල්වා පන්දු 31කදී හතරේ හතක් සමඟ නොදැවී ලකුණු 49ක්ද නායිකා චමරි අතපත්තු පන්දු 17කදී හතරේ හතක් සමඟ ලකුණු 30ක්ද රැස්කළහ. මැලේෂියා නායිකා දුරායි සිං ලකුණු 42ක් ලැබුවාය.

හර්ෂිතා මාධවී සහ නිලක්ෂි ද සිල්වා සිව්වන කඩුල්ලට පන්දු 46කදී ලකුණු 87ක සබඳතාවයක් තබා ගනිමින් ලංකා කණ්ඩායමේ හොඳම සබඳතාවය වාර්තා කළහ. ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසාන තරගය පැවැත්වෙන්නේ 24 වැනිදා බංග්ලාදේශය සමඟය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 20කදී කඩුලු 3ට 175යි – (හර්ෂිතා මාධවී නොදැවී 65, නිලක්ෂි ද සිල්වා නොදැවී 49, චමරි අතපත්තු 30, නික් නූර් අටෙයිලා 21/1යි)

මැලේෂියා කාන්තා කණ්ඩායම කඩුලු 7ට 82යි – (විනිෆ්‍රෙඩ් ඩුරායි සිං 42, නූර් නට්ශ්‍යා 10, සුගන්ධිකා කුමාරි 12/2, ඕෂදි රණසිංහ 14/2)

Active filters

Recent Posts

  • කොළඹ ලැබූ 386ට යාපනයේ පිළිතුර කඩුලු 7ක් දැවී 227යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ කොළඹ පිල පළමු ඉනිමට ලබාගත් ලකුණු 386ට පිළිතුරු ලෙස […]
  • ගාල්ල පළමු ඉනිමට ලකුණු 602යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ දෙවැනි දිනයේදී ගාල්ල පිලේ […]
  • මල්කිගේ මංගල දක්ෂතා ශ්‍රී ලංකාවට ජය විවර කර දෙයි
    තමන් සහභාගිවූ මංගල පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරගයේදීම දක්ෂතා අතරට පැමිණීමට සමත් මඳ වේග පන්දු යවන්නියක වන මල්කි මදරා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ දක්ෂ පන්දු යැවීම ප්‍රධාන කොට නවසීලන්ත කාන්තා […]
  • අවිශ්කගේ ප්‍රහාරයෙන් කොළඹ ලකුණු පුවරුව ඉහළ යයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ යාපනය පිලට එරෙහිව පන්දු 164කදී හයේ 2ක් හා හතරෙ […]
  • ගාල්ල පිල කඩුලු 4කට ලකුණු 336ක් ලබා ප්‍රබල තත්ත්වයක
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ පළමු දිනය නිමාවෙද්දී මුලින් […]

Pin It on Pinterest

USD United States (US) dollar