slc
logo
Home   |    News
පෙබරවාරි 16, 2022
ධනංජය ද සිල්වාගේ තුන් ඉරියව් දක්ෂතා නිසා ජැෆ්නා පිල අවසන් මහ තරගයට

sinhala editor

ජැෆ්නා කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා නැෂනල් සුපර් ලීග් තරගාවලියේදී නැවත වතාවක් තුන් ඉරියව්වේම දස්කම් දැක්වීම හේතුවෙන් කළම්බු කණ්ඩායමට එරෙහිව කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට ජැෆ්නා කණ්ඩායම අද සමත්විය. මෙම ජයග්‍රහණයත් සමඟ එතෙක් වේලා අවසන් මහ තරග අවස්ථාව දිනා ගැනීමවෙනුවෙන් පැවැති තුන්කොන් සටනද නිමාවට පත්කරමින් ලබන 19 වැනිදා කැන්ඩි පිලට එරෙහිව පල්ලකැලේ පිටියේදී ආලෝක ධාරා මධ්‍යයේ පැවැත්වීමට නියමිත අවසන් මහ තරග අවස්ථාවට ක්‍රීඩා කිරීම සඳහා ජැෆ්නා පිල සුදුසුකම් ලබා ගත්තේය.

පන්දුවෙන් කඩුලු 2 ක් දවා ලූ ජැෆ්නා නායකයා ඉලක්කය හඹා යෑමේදී නොදැවී ලකුණු 79ක් රැස් කරමින් සිය කණ්ඩායමට ජයග්‍රාහී මාවත විවර කර දීමට වැඩිම වෙහෙසක් ගනු ලැබූ ක්‍රීඩකයා බවට පත්වූවේය. ඔහු මෙම තරගාවලියේදී ශතක දෙකක් හා අර්ධ ශතක තුනක් සමග ලකුණු 461 ක් ලබා වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටියි. ඔහුගේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 76.83 ක් ලෙස සටහන් වේ.

රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේදී පන්දුවාර 50 අවසානයේ කඩුලු 8කට කලම්බු පිල ලබාගත් ලකුණු 195 ට පිළිතුරු ලෙසින් ජැෆ්නා පිතිකරුවන් කඩුලු හයක් දැවී ලකුණු 198ක් රැස්කළේ පන්දු 19ක් ද ඉතිරිව තිබියදීය.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ධනංජය ද සිල්වා ලකුණු 79 ලබා ගැනීම සඳහා පන්දු 93කට මුහුණ දුන්නේය.  හතරේ පහර අටක් ඇතුළත් වුණු නායකයාගේ ඉනිමට අමතරව,  ආරම්භක පිතිකරු සධීර සමරවික්‍රම (ලකුණු 39) සහ සංතූෂ් ගුණතිලක (ලකුණු 30ක්) පිත්තෙන් දායකත්වය දැක්වූහ.

ජැෆ්නා හොඳම සබඳතාවයන් දෙක වූයේ සිව්වන කඩුල්ලට ධනංජය ද සිල්වා සහ සංතූෂ් ගුණතිලක පන්දු 112කදී එක්කළ ලකුණු 69 සහ පළමු කඩුල්ලට සධීර සමරවික්‍රම සහ නිශාන් මධුෂ්ක පන්දු 73කදී රැස්කළ ලකුණු 45 වේ.

ජැෆ්නා කාසියේ වාසිය දිනා තීරණය කළේ පන්දුවට පහරදීම කළම්බු කණ්ඩායමට පැවරීමටය. ආරම්භක පිතිකරු සිතාර ගිම්හාන් (01) අසාර්ථක වීමෙන් පසු දෙවන කඩුල්ලට නිපුන් ධනංජය (24) සහ නුවනිඳු ප්‍රනාන්දු (37) සබඳතාවය ඉතා සෙමින් ගොඩනැගුවේ පන්දු 111කදී ලකුණු 57ක් පමණක් රැස් කරමිනි. කෙසේ වුවද කළම්බු කණ්ඩායමේ හොඳම සබඳතාවය වුයේද එයයි.

කළම්බු කණ්ඩායම රැස් කළ දෙවැනි සාර්ථක සබඳතාවය වූයේ රොෂේන් සිල්වා සහ ළහිරු මධුශංඛ (10) හයවන කඩුල්ලට එවැනිම අඩු වේගයකින් පන්දු 52කදී එක් කළ ලකුණූ 29 වේ.

මොවුනගේ සාර්ථකම පිතිකරුවන් වූයේ රොෂේන් සිල්වා වන අතර ඔහු නොදැවී  ලකුණු 64 ක් රැස් කරගත්තේය.  ඊට අමතරව  නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 37 ක් සහ  නිපුන් ධනංජය ලකුණු 24 ක් ලබා පිත්තෙන් දස්කම් දැක්වූහ.

ලකුණු පුවරුව

කළම්බු පන්දුවාර 50දී කඩුලු 8ට 195 යි – (රොෂේන් සිල්වා නොදැවී 64,නුවනිඳු ප්‍රනාන්දු 37, නිපුන් ධනංජය 24, ෂම්මු අෂාන් 15, නුවන් ප්‍රදීප් 22/2 , ධනංජය ද සිල්වා 42/2)

ජැෆ්නා පන්දුවාර 46.5කදී කඩුලු 6ට 198 යි – (ධනංජය ද සිල්වා නොදැවී 79,සධීර සමරවික්‍රම 39,සංතූෂ් ගුණතිලක 30 නිහාන් මධුෂ්ක 14,දුනිත් වෙල්ලාලගේ 13 තරිඳු රත්නායක 44/2 ,ප්‍රභාත් ජයසූරීය 24/1)

  • බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]
  • දෙවැනි එක්දින තරගයේදී දෙපිළේම වෙනස්කම් දෙකක්
    ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී හඹා යෑම අතිශය අසීරු ක්‍රීඩාංගණයක් ලෙසින් ප්‍රචලිත කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී, කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක මෙහෙදි හසන් මිරාස්  පළමුව පන්දුවට පහර දීමට තීරණය […]
  • පළමු තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිලට අමිහිරි පරාජයක්
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සහභාගිවුණු පළමු තරගයෙන්ම ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම හමුවේ ලකුණු 198 ක අමිහිරි […]

Pin It on Pinterest

USD United States (US) dollar