slc
Home   |    News
පෙබරවාරි 19, 2022
ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් සටනෙන් පුජාරා – රහනේ ඉවතට

sinhala editor

ශ්‍රී ලංකාව සමඟ මාර්තු මසදී පැවැත්වෙන ටෙස්ට් තරග 2 සඳහා නම් කරන ලද ඉන්දීය කණ්ඩායමෙන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් දෙපළක් වන චෙටේෂ්වර් පුජාරා සහ අජින්ක්‍යා රහනේව ඉවත් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. අවසන් ටෙස්ට් තරග වලදී ලකුණු අතර නොසිටීම ඔවුන් දෙපළට කණ්ඩායමේ ස්ථාන අහිමිවීමට හේතුවී තිබේ.

රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුතුව නම් කරන ලද ඉන්දීය කණ්ඩායමේ උප නායකයා ලෙස ජස්ප්‍රිට් බුම්රා පත් කර තිබේ. කණ්ඩායමට නැවත පැමිණීමට නම් යළිත් රංජි කුසලාන තරගාවලියේදී ලකුණු අතරට පැමිණෙන ලෙස චේතන් ශර්මාගේ සභාපතිත්වයෙන් යුත් ඉන්දීය තේරීම් කමිටුව විසින් පුජාරා සහ රහනේට දැනුම් දී තිබේ.

ටෙස්ට් සංචිතය සඳහා හිටපු නායක විරාත් කෝලි සහ රිෂාබ් පාන්ට් නම් කර තිබුණත් මේ මස 24 වැනිදා ආරම්භ වන විස්සයි-20 තරගාවලියේදී ඔවුන් දෙදෙනාව විවේක ගැන්වීමට තීරණය කර තිබේ. ආබාධයක් හේතුවෙන් දකුණු අප්‍රිකාවට එරෙහි සංචාරයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වුණු රවීන්ද්‍ර ජඩේජා ටෙස්ට් සහ විස්සයි-20 කණ්ඩායම් දෙකටම කැඳවා තිබීම කැපී පෙනෙයි.

ඉන්දීය විස්සයි-20 කණ්ඩායම – රෝහිත් ෂර්මා (නායක), ජස්ප්‍රිට් බුම්රා (උප නායක), ඉෂාන් කිශාන්, රුටුරාජ් ගයික්වාඩ්, සූර්යකුමාර් යාදව්, ශ්‍රෙයාස් අයියර්, දීපාක් හූඩා, වෙන්කටේෂ් අයියර්, බුවනේෂ්වර් කුමාර්, දීපාක් චහාර්, හර්ෂාල් පතෙල්, මොහොමඩ් සිරාජ්, සංජු සැම්සන්, රවීන්ද්‍ර ජඩේජා, යුෂ්වේන්ද්‍ර චෙහල්, රවී බිෂ්නෝයි, කුල්දිප් යාදව්, අවේෂ් ඛාන්.

ඉන්දීය ටෙස්ට් කණ්ඩායම – රෝහිත් ෂර්මා (නායක), පහානක් අග්‍රවාල්, ප්‍රියන්ක් පංචල්, විරාත් කෝලි, ශ්‍රෙයාස් අයියර්, හනුමා විහාරි, ශුබමන් ගිල්, රිෂාබ් පාන්ට්, කේ.එස්.භරත්, රවිචන්ද්‍රන් අශ්වින්, රවීන්ද්‍ර ජඩේජා, ජයන්ට් යාදව්, කුල්දීප් යාදව්, ජස්ප්‍රිට් බුම්රා, මොහොමඩ් ශාමි, හොහොමඩ් ශිරාජ්, උමේෂ් යාදව්, සෞරබ් කුමාර්.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest