slc
Home   |    News
මාර්තු 7, 2022
ඉන්දියාව ටෙස්ට් තරගාවලිය පෙරමුණ ගනියි

sinhala editor

තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය යටතේ මොහොලිහි පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ඉනිමක සහ ලකුණු 222 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ඉන්දීය කණ්ඩායම අද (06 දා) සමත්විය. දින දෙකක්ම ඉතිරිව තිබියදී මෙම තරගය ජයගත් ඉන්දියානුවෝ තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගෙන සිටිති.

මුල් ඉනිමේදී කඩුලු 8 කට ලකුණු 574 ක් රැස් කළ ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකා පිලේ ඉනිම දෙක ලකුණු 174 කට සහ 178 කට සීමා කරමින් තරගය ජය ගැනීමට සමත්වූවේය. පිත්තෙන් රැස් කළ ශතකයට අමතරව පන්දු යවමින්ද කඩුලු 5 ක් දවා ගත් රවීන්ද්‍ර ජඩේජා ශ්‍රී ලංකා දෙවැනි ඉනිමට පෙර ලකුණු 400ක පරතරයකින් තැබීමට සමත්වූවේය.

තෙවැනි දිනය තුළ දැවී සමස්ථ කඩුලු සංඛ්‍යාව 16 කි. ඉන් 8 ක් ජඩේජාගේ නම ඉදිරියෙන් සනිටුහන් වද්දී 5 ක් රවිචන්ද්‍රන් අශ්වින්ගේ නම ඉදිරියෙන් සටහන් විය. පිත්තෙන් රැස් කරන ලද ලකුණු 175 හැරුණු කොට සමස්ථ තරගයේදී ලකුණු 87 කට කඩුලු 9 ක් දවා ගැනීමට රවීන්ද්‍ර ජඩේජා සමත්වූවේය. පළමු ඉනිමේ දවා ගන්නා ලද කඩුලු 5 ත් සමග වසර 145 ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු 150 ක් ඉක්මවා ලකුණු රැස් කොට එකම තරගයකදී කඩුලු 5 ක් ද දවා ගත් ලොව 6 වැන්නා බවට පත්වීමට ජඩේජා සමත්විය.

කඩුලු රැක ගැනීමට වඩා ලකුණු රැස්කිරීම වැදගත් බව තේරුම් ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට සාපේක්ෂව දෙවැනි ඉනිමේදී තරමක් වේගයෙන් ලකුණු රැස් කිරීමට උත්සාහ කළහ. ශ්‍රී ලංකාවට සිදුවූ දැවැන්තම පාඩුව වූයේ නායක කරුණාරත්නත් පැතුම් නිස්සංකත් අඩු ලකුණු සංඛ්‍යාවන් වලට දැවී යෑම විය. ඉතාමත් නිවැරදි ස්ථානයේ පතිත කොට විටෙක දඟ කවමින්ද තවත් විටෙක ඊට හාත්පසින්ම වෙනස් පන්දු යැවීමක නිරත වුණු අශ්විනව් තිරිමාන්න සහ නිස්සංකව දවාගන්නා විට ලකුණු පුවුරුව 19 ක් ලෙසින් සටහන් විය.

පළමු කඩුලු දෙක ඉක්මනින් දැවී ගියත් වේගයෙන් ලකුණු රැස් කළ ශ්‍රී ලංකාව දිවා ආහාරයත් තේ පානයත් අතර කාලයේදී ලකුණු 110 ක් රැස් කර ගත්තේය. මුලු ලකුණු සංඛ්‍යාව 121 ක් ව තිබියදී ප්‍රධාන පිතිකරුවන් පස්දෙනෙකු ප්‍රේක්ෂකයින් බවට පත්වීම නිසා ශ්‍රී ලංකාවට ඉතිරිව තිබුණේ යන්තම් හෝ සිව්වැනි දිනට තරගය රැගෙන යෑම විය. එහෙත් කිසිදු අවස්ථාවක් ලබා නොදුන් ඉන්දීය පන්දු යව්නනෝ ඉතිරි කඩුලු 5 ලකුණු 57 කදී දවා ගත්හ. ඉනිම අවසානයේ තම ඉනිම නොබිඳී තබාගත් කඩුලු රකින නිරෝෂන් දික්වැල්ල ලකුණු 51 ක් රැස් කර ගැනීමට සමත්වූවේය.

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest