slc
logo
Home   |    News
මාර්තු 29, 2022
කලම්බු – ජැෆ්නා සහ කැන්ඩි – ගෝල් අවසන් පූර්ව වටයේ ගැටෙති

sinhala editor

By Chamila Karawita

නැෂනල් සුපර් ලීග් 2022 සිව්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ හෙවත් අර්ධ අවසන් තරග වටයේ තරග එළැඹෙන මාර්තු 31 වැනිදා සිට අප්‍රේල් 03 වැනිදා දක්වා හම්බන්තොට මහින්ද රාජපක්ෂ සහ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණවල පැවැත්වේ. ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන කලම්බු කණ්ඩායම එම සටහනේ සිව්වැනි ස්ථානයේ පසුවන ජැෆ්නා අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදීද දෙවැනි ස්ථානයේ පසුවන කැන්ඩි සහ තෙවැනි ස්ථානයේ රැඳී සිටින ගෝල් කණ්ඩායම් අතර තරගය මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේදීද පැවැත්වේ. මෙම තරගවලින් ජයගනු ලබන කණ්ඩායම් අප්‍රේල් මස 07 වැනිදා සිට 10 වැනිදා දක්වා ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබනු ඇත.

මෙරට පවත්වනු ලබන දේශීය ක්‍රිකට් තරගාවලි අතර ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය ලෙසින් සැලකෙන නැෂනල් සුපර් ලීග් සිව්දින තරගාවලියේ ශූරතාව දිනාගනු ලබන කණ්ඩායම සඳහා ශූරතා කුසලාන සමඟ රුපියල් ලක්ෂ 50 ක (රු. 5,000,000/=) මුදලක් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. අනුශූරතාවට පත් කණ්ඩායමට රුපියල් ලක්ෂ 25 ක් (රු. 2,500,000/=) පිදෙන මෙම තරගාවලියේ තරගාවලියේ වීරයා සම්මානය සඳහා රුපියල් ලක්ෂ 5 ක් (රු. 500,000/=), හොඳම පිතිකරුට රුපියල් දෙලක්ෂ පනස්දහසක් (රු. 250,000/=)  සහ හොඳම පන්දු යවන්නාට රුපියල් දෙලක්ෂ පනස්දහසක (රු. 250,000/=) මුදලක් පිරිනැමීමට තරග සංවිධායකයෝ පියවර ගෙන ඇත්තාහ.

අවසන් සතිය වන තෙක්ම  දෙවැනි ස්ථානයේ පසුවූ කලම්බු කණ්ඩායම දඹුල්ල පිලට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමත් සමඟ එතෙක් දිනක් එහි පළමු ස්ථානයේ රැදී සිටි කැන්ඩි කණ්ඩායම දෙවැනි ස්ථානය වෙත තල්ලු කරමින් පළමු ස්ථානයට පැමිණියේය. එබැවින් ඔවුන්ට එම ප්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි කණ්ඩායම සමඟ අවසන් පූර්ව තරගයේදී ක්‍රීඩා කිරීමට අවස්ථාව විවර කරගත්තේය.

පළමු වටය අවසන් වත්ම වැඩිම ලකුණු ලාභීන් අතර තවදුරටත් පෙරමුණ ගැනීමට කැන්ඩි නායක කමිඳු මෙන්ඩිස් සමත්වද්දී දෙවැනි ස්ථානය ඕෂද ප්‍රනාන්දු රැඳී සිටියි. තරග 4 කට ක්‍රීඩා කර ඇති කමිඳු ශතක 3 ක් සහ අර්ධ ශතක 3 ක් ද සමඟින් ලකුණු 649 ක් ලබා සිටින්නේ ඉනිමක සාමාන්‍ය 81.12 ක් රඳවා තබා ගනිමිනි. තරග 4 කදී ලකුණු 476 ක් ලබා සිටින ඕෂදගේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 68 කි. පෙර සති අන්තයේ සිව්වැනි ස්ථානයේ රැඳී සිටි මිනෝද් භානුක (418) මේ සතිය වන විට පිතිකරුවන් අතර තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත් වද්දී තෙවැනි ස්ථානයේ සිටි සහන් ආරච්චිගේ (363) සිව්වැනි ස්ථානය දක්වා පහත බැස සිටියි.  ඉනිම 6 කට ක්‍රීඩා කර සිටින රොෂේන් සිල්වා මෙම පිතිකරුවන් අතර වැඩිම සාමාන්‍යයක් රඳවා තබා ගැනීමට සමත්ව සිටින පිතිකරුවා වේ. ඔහු තරග 4 කට ක්‍රීඩා කළද ක්‍රීඩා කරන ලද ඉනිම 6 තුළදී ලකුණු 304 ක් ලබා සිටින්නේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 101.33 ක් රඳවා ගනිමිනි. වැඩිම කඩුලු ලාභීන් පළමු ස්ථානය දෝලනය වූයේ වමත් දඟ පන්දු යවන්නන් වන ප්‍රභාත් ජයසූරිය සහ මාලින්ද පුෂ්පකුමාර අතරය. ගතවූ සති අන්තයේදී ගෝල් පිලට එරෙහිව කඩුලු 11 ක් බිඳ හෙළීමට සමත්වූ ප්‍රභාත් ජයසූරිය එතෙක් දිනක් පළමු ස්ථානයේ රැඳී සිටි මාලින්ද පුෂ්පකුමාරව දෙවැනි තැනට ඇද දමමින් පළමු ස්ථානයට පැමිණීමට සමත්ව සිටියි. මොවුන් දෙදෙනාම තරග 4 කට ක්‍රීඩා කර තිබෙන නමුත් කඩුලු 26 ක් ලබා සිටින ප්‍රභාත් ජයසූරිය එහි පෙරමුණට පිවිස සිටියි. මාලින්දගේ නම ඉදිරියෙන් සටහන්ව ඇත්තේ කඩුලු 24 කි. කඩුල්ලක් ලබා ගැනීමේ සාමාන්‍ය ගෙන බැළීමේදී ප්‍රභාත් 22.15 ක් රඳවා ගනිද්දී මාලින්ද 26.12 ක සාමාන්‍යයක් පවත්වාගෙන සිටියි. මෙම කඩුලු සංඛ්‍යාව බිඳ හෙළීමේදී  මාලින්ද පුෂ්පකුමාර පන්දුවාර 217.1 ක් ද ජයසූරිය පන්දුවාර 160.4 ක් ද යවා තිබේ.

Active filters

Recent Posts

  • දෙවැනි තරගයේ පරාජයේ වගකීම පිතිකරුවන් භාර ගන්නවා – ජනිත් ලියනගේ
    සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල ලද පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම පිතිකරණ අංශය භාර ගන්නා බව ජනිත් ලියනගේ පැවැසීය. […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල ජයග්‍රාහී මාවතට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම පරදවා ලකුණු 51 ක ජයග්‍රහණයක් වාර්තා කරමින් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීමට […]
  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee