slc
logo
Home   |    News
මාර්තු 16, 2022
දිමුත් හොඳම පිතිකරුවන් පස් දෙනා අතරට

sinhala editor

ඉන්දියාවට එරෙහිව චින්නස්වාමි ක්‍රීඩාංගණයේ පැවැති දිවාරාත්‍රී ටෙස්ට් තරගයේදී රැස් කරන ලද ලකුණු 107 ක ඉනිම හේතුවෙන් ලොව ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි පළමු පිතිකරුවන් පස්දෙනා අතරට පැමිණීමට දිමුත් කරුණාරත්න සමත්ව සිටියි.

තරගාවලිය ආරම්භ වනවිට එම ශ්‍රේණිගත කිරීමේ 8 වැනි ස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලංකා නායකයා ප්‍රසාද ලකුණු 781 ක් ලබමින් පියවර 3 ක් ඉදිරියට පැමිණ සිටියි. ඉන්දියාවට එරෙහිව පැවැති තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී දිමුත් ශතකයත් සමඟ මුලු ලකුණු 166 ක් ලබා ගැනීමට සමත්වූවේය.

ඔස්ට්‍රේලියානු පිතිකරු මානස් ලබුෂේක් එම සටහනේ පළමු ස්ථානයේ පසුවන අතර එංගලන්ත නායක ජෝ රූට් දෙවැනි ස්ථානයේත්, ස්ටීවන් ස්මිත් තෙවැනි ස්ථානයේත් සහ කේන් විලියම්සන් සිව්වැනි ස්ථානයෙන් දිමුත්ට ඉදිරියෙන් පසුවෙති.

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

USD United States (US) dollar