slc
logo
Home   |    News
මාර්තු 26, 2022
නුවන් ප්‍රදීප්ගෙන් සුපිරි පන්දු යැවීමක්

sinhala editor

රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දඹුල්ල – ජැෆ්නා තරගයේදී ජැෆ්නා කණ්ඩායමේ ආරම්භක පන්දු යවන නුවන් ප්‍රදීප් ලකුණු 52කට දඹුල්ල පිතිකරුවන් හත්දෙනෙකුම දවාලීම මත දඹුල්ල ප්‍රථම ඉනිම ලකුණු 283කට සීමාවිණි. ප්‍රථම දිනයේ (24) දඹුල්ල කඩුලු 2කට ලකුණු 159ක් රැස්කරමින් ප්‍රබල තත්ත්වයක පසුවූවත් අද දිනයේ ඉතිරි කඩුලු අටම දැවී ඔවුන් ලබාගත්තේ තවත් ලකුණු 124ක් පමණකි.

ප්‍රථම දින නොදැවී ලකුණු 60ක් ලබාසිටි ලසිත් අබේරත්නට සහ නොදැවී ලකුණු 52ක් ලබාසිටි නායක මිනෝද් භානුකට දෙවන දින තවත් එක්කර ගතහැකිවූයේ අඩු ලකුණු සංඛ්‍යාවක්ය. ලසිත් අබේරත්න පන්දු 128කදී හතරේ පහක් සමඟ ලකුණු 68කටද මිනෝද් භානුක පන්දු 112කදී හතරෙ පහක් සමඟ ලකුණු 53ක්ද ලබාසිටියදී මෙදින තරග ආරම්භයේම දැවීගියහ.

මෙදින දස්කම් දැක්වූ දඹුල්ල පිතිකරුවන් වූයේ දුෂාන් හේමන්ත (නොදැවී ලකුණු 63යි) සහ ලකුණු 35ක් රැස්කළ චමිඳු විජේසිංහය. දඹුල්ල හොඳම සබඳතාවයන් වූයේ තෙවන කඩුල්ලට මිනෝද් භානුක සහ ලසිත් අබේරත්න එක්කළ ලකුණු 100 සහ අටවන කඩුල්ලට දුෂාන් හේමන්ත සහ චමිඳු විජේසිංහ රැස්කළ ලකුණු 58ය. ප්‍රබල පන්දු යැවීමක නිරතවූ නුවන් ප්‍රදීප් ලකුණු 52කට කඩුලු හතක් දවාලූවේ පන්දුවාර 21ක් යවමිනි.

දිනය නිමවන විට ජැෆ්නා කිසිවෙකු නොදැවී ලකුණු 45ක් ලබාසිටියේය. මෙහිදී 20 හැවිරිදි නවෝද්‍ය පරණවිතාන නොදැවී ලකුණු 24ක් ලබාසිටීමට සමත්විය.

දඹුල්ල මුල් ඉනිම සියල්ල දැවී 283 (පන්දුවාර 99.5යි) – (ලසිත් අබේරත්න 68, දුෂාන් හේමන්ත 63, මිනෝද් භානුක 53, චමිඳු විජේසිංහ 35, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 24, නිමේෂ් ගුණසිංහ 17, නුවන් ප්‍රදීප් 52/7යි)

ජැෆ්නා පළමු ඉනිම කිසිවකු නොදැවී 45 (පන්දුවාර 18.4යි) – (නවෝද් පරණවිතාන නොදැවී 24, සමඳ ප්‍රනාන්දු නොදැවී 06)

Active filters

Recent Posts

  • පානදුර ලකුණු 213කින් එන්.සී.සී. පරාජය කරයි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (08) පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති එන්.සී.සී. – පාණදුර ක්‍රීඩා සමාජය අතර තරගයෙන් එන්.සී.සී. ලකුණු 213කින් පරාජයට පත් […]
  • ලකුණු 99 ක විශිෂ්ඨ ජයක් සමගින් ශ්‍රී ලංකාව තරගාවලිය ජය ගනියි
    කුසල් මෙන්ඩිස්ගේ වටිනා ශතකයත් වේග පන්දු යවන්නන් වන දුෂ්මන්ත චමීර සහ අසිත ප්‍රනාන්දුගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තීරණාත්මක තෙවැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු […]
  • ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ තීරණාත්මකම සාධයකයක් බවට පත්ව තිබෙන කාසියේ වාසිය තමන්  සතු කරගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම අද […]
  • දෙපිළම තීරණාත්මක කඩඉමක් අභියස
    පිතිකරුවන් අතින් සිදුවූ අතපසුවීම හේතුවෙන් ලකුණු 249 ක ජයග්‍රාහී පහසු ඉලක්කය අතහැර ගැනීම නිසා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට පැමිණීමට පෙරම තරගාවලියේ ජය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකාවට තිබූ පහසුම අවස්ථාව මඟ […]
  • දසුන් සහ චාමිකට විස්සයි-20 සංචිතයට කැඳවුම්
    බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට හිටපු නායකයකු වන තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක සහ චාමික […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee