slc
Home   |    News
අප්‍රේල් 9, 2022
ශ්‍රී ලංකා පිලේ නව ප්‍රධාන පුහුණුකරු – ‘ක්‍රිස් සිල්වර්වුඩ්’

sinhala editor

By Chamila Karawita

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා හිටපු එංගලන්ත ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතාව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. 2019 වසරේ ලෝක කුසලානය එංගලන්ත කණ්ඩායම දිනා ගන්නා ලද එංගලන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කරන ලද ට්‍රෙවර් බේලීස් මහතා එම තනතුරෙන් ඉවත්වීමෙන් පසු සිල්වර්වුඩ් මහතා එංගලන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට පත්විය.

එංගලන්ත කණ්ඩායම එක්දින ලෝක ශූරයින් ලෙසන කිරුළු පළඳන විට ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කරන ලද්දේ ට්‍රෙවර් බේලීස් මහතාගේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙසින් කටයුතු කරන ලද්දේ සිල්වර්වඩු මහතා විය.

එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 6 කට සහ එක්දින තරග 7 කට ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකා නව ප්‍රධාන පුහුණුකරුවා එරට ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේදී යෝක්ෂයර් සහ මිඩ්ල්සෙක්ස් යන ප්‍රාන්ත කණ්ඩායම් නියෝජනය කර ඇත්තේය. 47 හැවිරිදි වියේ පසුවන සිල්වර්වුඩ් මහතා තරුණ ක්‍රීඩකයින් සමඟ කණ්ඩායමක් ගොඩනැංවීමට සමත් පුහුණුකරුවකු ලෙස ලොව නමක් දිනා ඇත්තෙකි.

ක්‍රීඩා දිවියට තිත තැබීමෙන් පසු සිල්වර්වුඩ් මහතා පුහුණුකරු දිවිය තෝරාගත් අතර ඔහුගේ පළමු තනතුර බවට පත්වූයේ සිම්බාබ්වේහි මෂෝනලන්ඩ් ඊගල්ස් කණ්ඩායම විය. පළමු තරගාවලියේදීම ලෝගන් කුසලාන දිනා ගැනීම දක්වා ඊගල්ස් කණ්ඩායම රැගෙන යෑමෙන් පසු සිල්වර්වුඩ් මහතා එසෙක්ස් ප්‍රාන්ත ක්‍රිකට් කණඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් පත්වීම් ලැබුවේය. එම පත්වීමෙන් පසු එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායමේ ප්‍රවර්ධනය සඳහා වැඩි දායකත්වයක් ලබාදී ඇති සිල්වර්වුඩ් මහතා, සිය පළමු පත්වීමේදීම වසර 25 ක් තිස්සේ දිනා ගැනීමට නොහැකි වූ ප්‍රාන්ත ශූරතා ජයග්‍රහණය දක්වා එසෙක්ස් කණ්ඩායම මෙහෙයවීය.

මැයි මසදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයේ සිට සිල්වර්වුඩ් මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ වගකීම භාර ගනු ඇත. වසර 2 ක කාලයක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා ගිවිසුම්ගතව සිටින සිල්වර්වුඩ් මහතා, 2021 වසරේ එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව ගාල්ලේදී තරග වැදි තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ එංගලන්ත පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කළේය. එම තරගාවලිය 2-0 ක් ලෙස ශ්‍රී ලංකාව පරාජය කිරීමට ජෝ රූට්ගේ නායකත්වයෙන් යුතු එංගලන්තය කණ්ඩායම සමත්වූවේය.

“ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ක්‍රිස්ව පත් කිරීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. ඔහු පළපුරුදු පුහුණුකරුවකු වන අතර ඔහු සමඟ සිදුකරන ලද සාකච්ඡාවලදී ජාතික කණ්ඩායම ඉදිරියට රැගෙන යෑමට අවශ්‍ය හැකියාව ඔහු සතුව තිබෙන බව අපිට පැහැදිළි වුණා” යි ජාතික කණ්ඩායමේ වගකීම සිල්වර්වුඩ් මහතා වෙත ලබාදීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා සඳහන් කර සිටියේය.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ කටයුතු කිරීමට අවස්ථාව හිමිවීම පිළිබඳව අදහස් දක්වා සිටින ක්‍රිස් සිල්වර්වුඩ් මහතා, “මම ශ්‍රී ලංකාවට ගොස් කණ්ඩායම සමඟ කටයුතු කිරීමට නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා. ඔවුන් සතුව දක්ෂ සහ උද්‍යෝගිමත් ක්‍රීඩකයින් පිරිසක් සිටින අතර ඔවුන් මෙන්ම පුහුණු කාර්යය මණ්ඩලය ඉක්මනින් මුණ ගැසී කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් පසුවෙනවා” යනුවෙනි.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest