slc
Home   |    News
මැයි 5, 2022
නැගීඑන කණ්ඩායම ‘කෙන්ට්’ පිලට එරෙහිව හෙට වැඩ අල්ලයි

sinhala editor

සිව්දින තරග 3 කට සහ විස්සයි-20 තරග 3 කට සහභාගිවීම සඳහා එංගලන්තයට ගොස් සිටින ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සිය පළමු තරගය සඳහා හෙට (06 වැනිදා) දිනයේදී අවතීර්ණ වේ. එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනු ලබන  ප්‍රබල කණ්ඩායමක් වන කෙන්ට් පිලට එරෙහිව පැවැත්වෙන මෙම තරගය කැන්ටබරිහි ස්පිට්ෆයර් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

මෙම තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සාර්ථක දින දෙකක පුහුණු සැසිකයකට සහභාගිවූවේය. එම පුහුණුවීම් සැසි දෙක ක්‍රිකට් ක්‍රීඩාවේ උත්තරීතරම ක්‍රීඩාංගණය ලෙසින් සැලකෙන ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී සහභාගිවූවේය. එම දින දෙකට අමතරව අද දිනයේදී ඔවුහු කෙන්ට්හිදී පුහුණු සැසියකට සහභාගිවූහ.

අදියර දෙකක් යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ සිව්දින තරග නිපුන් ධනංජයගේ නායකත්වයෙන් යුතුවද විස්සයි-20 අංශයේ තරග ධනංජය ලක්ෂාන්ගේ නායකත්වය යටතේද සහභාගිවනු ඇත.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම  ලසිත් කෲස්පුල්ලේ, නිශාන් මදුශ්ක, නිපුන් ධනංජය (නායක – සිව්දින අංශය), නුවනිඳු ප්‍රනාන්දු, අෂේන් බණ්ඩාර, අවිශ්ක තරිඳු, අවිශ්ක පෙරේරා, දුනිත් වෙල්ලාලගේ, ධනංජය ලක්ෂාන් (නායක – වි-20 අංශය), සංතුෂ් ගුණතිලක, යසිරු රුඳ්‍රගෝ, අම්ෂි ද සිල්වා, නිපුන් මාලිංග, උදිත් මදුශාන්, නිපුන් රන්සික, දිලුම් සුධීර, අෂෙයින් ඩැනියල්, මනෙල්කර් ද සිල්වා.

Active filters

Recent Posts

  • යුද හමුදාවේ අසේල ගුණරත්න නැවත ලකුණු අතරට
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා […]
  • ඉසුරු උදානගේ ප්‍රහාරයෙන් ටැමිල් යුනියන්ට ජය
    ටැමිල් යුනියන් සහ එස්.එස්.සී. අතර අද (30) එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති ‘සී‘ කොටසේ තියුණුම මුහුණුවරක් ගත් තරගයේ අවසාන පන්දුවාරයේ පන්දුවක් ඉතිරිව තිබියදීම කඩුලු 4 ක ජයක් වාර්තා කර ගැනීමට […]
  • දිමුත් කරුණාරත්න යළිත් එක්දින පිලට
    ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග 2 සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණනාරත්නව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් […]
  • ලෝක ටෙස්ට් ශූරතාවලියෙන් ශ්‍රී ලංකා පිලට කෝටි 6ක තෑග්ගක්
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙහයවූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ පස්වැනි ස්ථානයට පත් වූ දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ත්‍යාග මුදල ලෙස ඇමෙරිකානු ඩොලර් 200,000 ක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • පළමු කඩුලු 5 චමෝද්ගෙන්
    එන්.සී.සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල යුද හමුදාව සමඟ අද (29) පැවැති අන්තර් සමාජ විස්සයි 20 තරගයේදී පන්දු 11කදී හයේ පහර තුනක් හතරේ පහර තුනක් සමඟ ලකුණු 34ක් රැස් […]
USD United States (US) dollar

Pin It on Pinterest