slc
logo
Home   |    News
මැයි 17, 2022
බංග්ලාදේශය තවත් ලකුණු 240 ක් පිටුපසින්

sinhala editor

By Chamila Karawita

ලකුණු 321 ක් පසුපසින් සිට තෙවැනි දිනය ආරම්භ කළ බංග්ලාදේශ කණ්ඩායම දිවා විවේකය සඳහා තරගය නිමා කරන විට කිසිදු කඩුල්ලක් ලබා නොදී තවත් ලකුණු 81 කින් සත්කාරක කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෝ සමත්වී සිටියහ. ලකුණු 157 ක් ලෙසින් බංග්ලාදේශ ලකුණු පුවරුව සටහන් වද්දී ටමීම් ඉක්බාල් ලකුණු 89 ක් සහ මහමුදුල් හසන් ජෝයි ලකුණු 58 ක් වශයෙන් ලබාගෙන සිටියහ.

චිටෝග්‍රෑම්හි සහූර් අහමඩ් ක්‍රීඩාංගණයේ තෙවැනි දිනටත් පැවැත්වෙන මෙම ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පන්දු රකින්නන් වෙහෙසට පත්කර හසන් ජෝයි පන්දු 134 කට මුහුණ දෙමින් හතරේ පහර 9 ක්ද ටමීම් ඉක්බාල් පන්දු 152 කට මුහුණ දෙමින් හතරේ පහර 10 ක්ද සිය ඉනිම් සඳහා එල්ල කර තිබුණහ.

මොවුන් දෙදෙනා විසින් රැස් කරන ලද මෙම සම්බන්ධතාවය බංග්ලාදේශ ආරම්භක පිතිකරුවන් යුගලයක් ඒක් කරන ලද හොඳම සම්බන්ධතාව ලෙසින් සටහන් විය. ඒසේම වසර 5 කට පසු ඔවුනගේ ආරම්භක පිතිකරුවන් යුගලයක් ලකුණු 100 කට වඩා වැඩියෙන් රැස් කරන ලද පළමු අවස්ථාව ලෙසින්ද මෙය වාර්තා පොත් අතරට ඒකතුවිය.

මොවුන් අතර වූ පළමු කඩුල්ලේ ලකුණු 157 ක සම්බන්ධතාව නිමා කර ගැනීම සදහා අවස්ථාවක් හිමි වුවද එය ලසිත් ඇඹුල්දෙණියගේ දුර්වල පන්දු රැකීම හමුවේ අහිමිවිය. අසිත ප්‍රනාන්දු විසින් එවන ලද පන්දුවකට හුක් පහරක් එල්ල කිරීමට යෑමේදී එය ෆයින් ලෙග් කළාපයේ පන්දු රැකි ලසිත් ඇඹුල්දෙණිය වෙත පහසු උඩ පන්දුවක් ලෙසින් ඇදී ආ නමුත් දුර්වල පන්දු රැකීම හේතුවෙන් ඔහු අතින් ගිලිහී ගියේය. උඩ පන්දුව ගිලිහුණා පමණක් නොව එය හතරේ සීමාවෙන් ඔබ්බට යෑම නිසා තවත් ලකුණු 4 ක් ජෝයිගේ ඉනිමට එකතුවිය. යම් ලෙසකින් ඒම උඩ පන්දුව රැක ගත්තේ නම් ජෝයිගේ ඉනිම ලකුණු 51 කදී නිමාවට පත් වනු ඇත.

තවමත් 21 වැනි වියේ පසුවන හසන් ජෝයි අද රැස් කරන ලද්දේ ඔහගේ දෙවැනි අර්ධ ශතකය විය.ගෙවී ගිය දශකයකට වැඩිකාලය තුළ බංග්ලාදේශ පිලේ ආරම්භක පිතිකරුවා ලෙසින් කටයුතු කරන පළපුරුදු ටමීම් ඉක්බාල් මේ වන විට ලබා සිටින්නේ සිය 32 වැනි ටෙස්ට් අර්ධ ශතකය වේ.

එ් හැරුණු විට උදෑසන කාල සීමාවේදී කැපී පෙනුණු දෙයක් වූයේ නම් දුර්වල පන්දු දුටු සැනින් සත්කාරක පිතිකරුවන් පහර කරා යෑම විය. ශ්‍රී ලංකාව පළමු ඉනිම වෙනුවෙන් රැස් කරන ලද ලකුණු 397 ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී කිසිදු කඩුල්ලක් ලබා නොදී ප්‍රබල පිළිතුරක් ලබා දී සිටින බංග්ලාදේශ පිල මේ වන විට ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 240 ක් පිටුපසින් වේ.

මේ අතර පන්දුවට පහර දෙමින් සිටියදී හිසේ පන්දුවක් වැදුණු විශ්ව ප්‍රනාන්දු අද දිනයේ පන්දු රැකීමට නොපැමිණි අතර ඔහුව වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ.  ඒම තත්ත්වය මත ක්‍රීඩාංගණ තුළ සිදුවන ‘Concussion’  හෙවත් ‘කම්පන’ අවස්ථාවකදී ඒ සඳහා හිමිවන ආදේශක ක්‍රීඩකයාලෙස දකුණත් වේග පන්දු යවන කසුන් රාජිතව කණ්ඩායමට එක් කර තිබේ.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]
  • චමරි අතපත්තු ලොව අංක 1ට ශ්‍රේණිගත වේ
    ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව එක්දින තරග පිතිකාරිණියන් අතුරින් ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු ප්‍රථම ස්ථානයට පත්ව සිටී. ශ්‍රී ලංකා පිතිකාරිණියක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේදී […]

Pin It on Pinterest

USD United States (US) dollar