slc
logo
Home   |    News
මැයි 19, 2022
බංග්ලාදේශ පන්දු යවන්නෝ පීඩනය වැඩි කරති

sinhala editor

By Chamila Karawita

චිටෝග්‍රෑම්හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනය වන අද (29 වැනිදා) දිනයේ දිවා භෝජනය සඳහා තරගය නිමා කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් කඩලු 2 ක් දවා ගත් බංග්ලාද්ශ කණ්ඩායම පීඩනය වැඩි කිරීමට සමත්වූවේය. ලකුණු 68 ක් පිටුපසින් සිට දෙවනි ඉනිම ඇරැඹූ ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු 4 ක් දැවී ලකුණු 128 ක් ලබා සිටින්නේ සත්කාරකයින්ට වඩා ලකණු 60 ක් ඉදිරියට පැමිණෙමිනි.

ලකුණු 39 කට කඩුලු 2ක් දැවී ගොස් තිබියදී දිමුත් කරුණාරත්න සමඟ දිනය කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායමට ශක්තිමත් සම්බන්ධතාවක් ඒක් කළහ. ඒහෙත් තයිජුල් ඉස්ලාම්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසා කුසල් මෙන්ඩිස්ගේ ඉනිම ලකුණු 48 කට සීමා විය. කඩුල්ලේ රැඳී සිටීමට වඩා ලකුණු ලබා ගැනීමට වැඩි උනන්දුවක් දැක්වූ කුසල් මුහුණ දුන් පන්දු 43 න් ඒක් වතාවක් හතරේ සීමාවට ඉහළින්ද 8 වතාවක් හතරේ සීමාවට ඒපිටින්ද පන්දුව යැවීමට සැලැස්වීය.

අනතුරුව පිටියට පිවිසි පළමු ඉනිමේ ශතක ලාභී ඇන්ජලෝ මැතිව්ස්ව ලකුණු ලබා ගැනීමට පෙරම ඉවත් කිරීමට තයිජුල් ඉස්ලාම් සමත්වූවේය. පෙරළා ලද උඩ පන්දුවක් රැක ගැනීමෙන් මැතිව්ස්ගේ ඉනිම හමාර වන විට මෙතෙක් ශ්‍රී ලංකා පිලේ දැවී ගිය කඩුලු 4 ටම තයිජුල් දායකත්වය දැක්වීම කැපී පෙනෙයි. ඊයේ දිනයේ දැවී ගිය ඔ්ෂධ ප්‍රනාන්දුව දුවද්දී දවා ගැනීම වෙනුවෙන් තයිජුල්ගේ දක්ෂ පන්දු යැවීම ඉවහල් වුණා මෙන්ම අනතුරුව දැවී ගිය කඩුලු 3 ම ඔහු විසින්ම දවා ගැනීම කැපී පෙනෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගය අභියෝගයකින් තොරව ජය පැරදුමෙන් තොරව අවසන් කර ගැනීමට තේ පානය තෙක් සිය කඩුලු ආරක්ෂා කර ගැනීම වඩා වැදගත් වනු ඇත. කෙසේ වෙතත් අද දිනය නිමා වීමට නම් තරගය ප.ව. 5 වන තෙක් යන අතර ඒ් අතරතුර පන්දුවාර 62 ක් යවා අවසන් විය යුතු වේ.

නායකත්වයේ ඉනිමක් දියත් කරමින් සිටින දිමුත් කරුණාරත්න ලකුණු 44 ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 12 ක් ලබා කඩුල්ලේ රැඳී සිටිති.

Active filters

Recent Posts

  • දෙවැනි තරගයේ පරාජයේ වගකීම පිතිකරුවන් භාර ගන්නවා – ජනිත් ලියනගේ
    සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල ලද පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම පිතිකරණ අංශය භාර ගන්නා බව ජනිත් ලියනගේ පැවැසීය. […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල ජයග්‍රාහී මාවතට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම පරදවා ලකුණු 51 ක ජයග්‍රහණයක් වාර්තා කරමින් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීමට […]
  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee