slc
Home   |    News
මැයි 3, 2022
බලාපොරොත්තු තබන් යොවුන් පිල ක්‍රිකට් උපන් දේශයට යයි

sinhala editor

By Chamila Karawita

සිව්දින තරග 3 කට සහ විස්සයි-20 තරග තුනකට ක්‍රීඩා කිරීම සඳහා ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම මැයි මස 01 වැනිදා උදෑසන එංගලන්තය බලා පිටත්ව ගියේය. පිටත්ව යෑමට පෙර අදහස් දක්වා සිටි සිව්දින කණ්ඩායම් නායක නිපුන් ධනංජය, ජාත්‍යන්තර තලය වෙනුවෙන් අඛණ්ඩ වර්ධනයකට එංගලන්තයේ ක්‍රීඩා කිරීමට අත්දැකීමක් ලැබීම හොඳ අවස්ථාවක් බව සඳහන් කර සිටියේය.

වයස අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායමේ නායකයා ලෙසින්ද කටයුතු කළ නිපුන් ධනංජය, නායකයකු වශයෙන් ලැබී තිබෙන කණ්ඩායම ගැන සතුටට පත්වනවා සේම එංගලන්තයට ගොස් ක්‍රීඩා කිරීමට ලැබීම ගැනද ගොඩක් සතුටු වන බව සඳහන් කර සිටියේය.

සිව්දින තරගාවලියෙන් අනතුරුව පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ නායකයා ලෙස කෝල්ට්ස් කණ්ඩායමේ ධනංජය ලක්ෂාන් කටයුතු කරනු ලබන අතර, එංගලන්තය වැනි තණතීරුවල ක්‍රීඩා කිරීමට අවස්ථාව උදාවීම අභියෝගයක් වන නමුත්, එම තරගාවලියට පෙර සිව්දින තරගාවලියට ක්‍රීඩා කිරීමට අවස්ථාව උදාවිම නිසා තණතීරුව පිළිබඳව කිසියම් අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව හිමිවන බව සඳහන් කර සිටියේය.

කලක් ජාතික කණ්ඩායමේ පන්දු රැකිමේ පුහුණුකරු ලෙසින්ද අනතුරුව බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙසින්ද වසර ගණනාවක් සේවය කළ රුවන් කල්පගේ මහතා මෙම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කරනු ඇත. ඉකුත් මාර්තු මසදී නැගී එන කණ්ඩායමේ පුහුණුකරු ධුරයේ වැඩ රාජකාරි භාරගත් කල්පගේ මහතාගේ පළමු වගකීම වන්නේද මෙම එංගලන්ත තරග සංචාරය වේ.

“ඇත්තටම ක්‍රීඩකයින් ගොඩක් උද්‍යෝගයෙන් සිටින්නේ මේ එංගලන්ත තරගාවලියට ක්‍රීඩා කරන්න. ඒ වෙනුවෙන් අපි අප්‍රේල් මස මුල සිටම සංචිතයක් වශයෙන් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පුහුණුවීම් සිදුකළා. මෙතැන තියෙන වැදගත්ම කාරණය තමයි කණ්ඩායමට එක්ව සිටින සියලුම ක්‍රීඩකයින් මෑතකදි අවසන් වුණු නැෂනල් සුපර් ලීග් සහ නැගී එන කණ්ඩායම් අතර තරගාවලිවලදී හොඳින් දක්ෂතා දක්වන ලද ක්‍රීඩකයින්ගෙන් සමන්විත වීම” යැයි කල්පගේ මහතා සඳහන් කර සිටියේය.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම – ලසිත් කෲස්පුල්ලේ, නිශාන් මදුශ්ක, නිපුන් ධනංජය (නායක – සිව්දින අංශය), නුවනිඳු ප්‍රනාන්දු, අෂේන් බණ්ඩාර, අවිශ්ක තරිඳු, අවිශ්ක පෙරේරා, දුනිත් වෙල්ලාලගේ, ධනංජය ලක්ෂාන් (නායක – වි-20 අංශය), සංතුෂ් ගුණතිලක, යසිරු රුඳ්‍රගෝ, අම්ෂි ද සිල්වා, නිපුන් මාලිංග, උදිත් මදුශාන්, නිපුන් රන්සික, දිලුම් සුධීර, අෂෙයින් ඩැනියල්, මනෙල්කර් ද සිල්වා.

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest