slc
logo
Home   |    News
මැයි 28, 2022
ශ්‍රී ලංකා නැගී එන පිල ලකුණු 66 ක පරාජයක් ලබයි

sinhala editor

එංගලන්තයේ තරග සංචාරයකට සහභාගිව සිටින ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සමර්සෙට් ප්‍රාන්ත පිලට එරෙහිව පැවැති විස්සයි-20 තරගයද ලකුණු 66 කින් පරාජයට පත් වූවේය. ටෝන්ටන්හි පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් සමර්සෙට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 4 කට ලකුණු 194 ක් ලබා ගත්තද ශ්‍රී ලංකා නැගීඑන පිලට රැස් කරගත හැකි වූයේ පන්දුවාර 17 කුත් පන්දු 3 කදී සියලු දෙනා දැවී ලකුණු 128 ක් පමණි.

සමර්සෙට් කණ්ඩායම වෙනුවෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක ලියැළුණු ජෝර්ජ් බාර්ට්ලට් පන්දු 38 කදී හයේ පහර 9 ක් සහ හතරේ පහර 2 ක් සමඟින් පන්දු 38 කදී නොදැවී ලකුණු 82 ක් ලබා ගත්තේය. ඊට අමතරව ආරම්භක පිතිකරු ජේම්ස් රෝ පන්දු 35 කදී ලකුණු 47 ක්ද ටොම් බැන්ටන් පන්දු 29 කදී ලකුණු 34 ක් ද ලබාගත්හ.

පන්දු යැවීමේදී දැඩිම ප්‍රහාරයකට ලක්වූයේ අම්ෂි ද සිල්වා සහ ධනංජය ලක්ෂාන් වන අතර ඔවුන් දෙදෙනාගේ පන්දුවාර 3 සඳහා පිළිවෙළින් ලකුණු 42 ක් සහ 39 ක් වශයෙන් පිතිකරුවන් ලකුණු රැස් කර තිබිණ. කැපී පෙනෙනම පන්දු යවන්නා වූයේ දුනිත් වෙල්ලාලගේ වන අතර ඔහු තම පන්දුවාර 4 දී ලකුණු 32 ක් පමණක් ලබාදී කඩුලු 2 ක් බිඳ හෙළීය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී සංචාරක පිල පන්දුවාර 17.3 කදී සීමා කිරීමට සමර්සෙට් පන්දු යවන්නෝ සමත්වූහ. ඒ අතරින් ලකුණු 30 සීමාව ඉක්මවාලීමට සමත්වූ ඒකම පිතිකරුවා බවට පත්වූයේ මැද පෙළින් පැමිණි අෂේන් බණ්ඩාරය. ඔහු පන්දු 36 කට මුහුණ දෙමින් ලකුණු 38 ක් ලබා ගත්තේය. ඒ හැරුණු කොට ලකුණු 20 සීමාව ඉක්මවා ගිය එකම පිතිකරුවා වූයේ නුවනිඳු ප්‍රනාන්දු (21) පමණි.

සමර්සෙට් පන්දුවාර 20 කදී කඩුලු 4 ට ලකුණු 194 යි – ටොම් බැන්ටන් 34, ජේම්ස් රෝ 47, ජෝර්ජ් බාර්ට්ලට් 83*, ලුවිස් ගෝල්ඩ්ස්වර්ති 10, දුනත් වෙල්ලාලගේ 32/2

ශ්‍රී ලංකා නැගී එන පිල පන්දුවාර 17.3 කදී ලකුණු 128 යි – අෂේන් බණ්ඩාර 38, නුවනිඳු ප්‍රනාන්දු 21, නිපුන් ධනංජය 14, නිශාන් මදුශ්ක 13, ලුවිස් ගෝල්ඩ්ස්වර්ති 28/3, බෙන් ග්‍රීන් 25/3, මැක්ස් වොලර් 15/2)

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා – බංග්ලාදේශ විස්සයි 20 තරග සඳුදා සිට
    ශ්‍රී ලංකා විස්සයි 20 ක්‍රිකට් කණ්ඩායමේ මෙවර බංග්ලාදේශ ක්‍රිකට් සංචාරයේ ප්‍රථම තරගය සඳුදා (04) සවස 5.30ට බංග්ලාදේශයේ සිල්හට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඇරැඹේ. මේ කණ්ඩායම් දෙකේම පසුගිය මාස කිහිපයේදී […]
  • මහනුවරට හා ගාල්ලට ජය | මිනෝද් භානුකගෙන් ශතකයක්
    මහනුවරට හා ගාල්ලට ජය මිනෝද් භානුකගෙන් ශතකයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය එක්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) තරගාවලියේ අද පැවැති කොළඹ […]
  • සුපර් ලීග් එක්දින තරග දෙකකදී ලකුණු 1243ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය එක්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) තරගාවලියේ ඊයේ පැවැති යාපනය හා මහනුවර පළාත් කණ්ඩායම් අතර තරගයෙන් කඩුලු […]
  • සුපර් ලීග් එක්දින තරගාවලියේ මහනුවරට හා කොළඹට ජය
    Iශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය එක්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) තරගාවලියේ අද පැවැති තරග දෙකේ ජය මහනුවර හා කොළඹ පළාත් කණ්ඩායම් […]
  • ඇෆ්ගනිස්තානයට සැනසිලි දායක තියුණු ජයක්
    තරග ජයග්‍රහණය කණ්ඩායම් දෙකටම දෝලනය වෙමින් පැවැති ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තානය තෙවන සහ අවසාන විස්සයි 20 තරගයේ අවසාන ඕවරයේදී ලංකා කණ්ඩායමට ජයග්‍රහණයට ලකුණු 19ක් අවශ්‍ය තිබුණත් උණුසුම් මුහුණුවරකින් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest