slc
logo
Home   |    News
මැයි 28, 2022
ශ්‍රී ලංකා නැගී එන පිල ලකුණු 66 ක පරාජයක් ලබයි

sinhala editor

එංගලන්තයේ තරග සංචාරයකට සහභාගිව සිටින ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සමර්සෙට් ප්‍රාන්ත පිලට එරෙහිව පැවැති විස්සයි-20 තරගයද ලකුණු 66 කින් පරාජයට පත් වූවේය. ටෝන්ටන්හි පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් සමර්සෙට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 4 කට ලකුණු 194 ක් ලබා ගත්තද ශ්‍රී ලංකා නැගීඑන පිලට රැස් කරගත හැකි වූයේ පන්දුවාර 17 කුත් පන්දු 3 කදී සියලු දෙනා දැවී ලකුණු 128 ක් පමණි.

සමර්සෙට් කණ්ඩායම වෙනුවෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක ලියැළුණු ජෝර්ජ් බාර්ට්ලට් පන්දු 38 කදී හයේ පහර 9 ක් සහ හතරේ පහර 2 ක් සමඟින් පන්දු 38 කදී නොදැවී ලකුණු 82 ක් ලබා ගත්තේය. ඊට අමතරව ආරම්භක පිතිකරු ජේම්ස් රෝ පන්දු 35 කදී ලකුණු 47 ක්ද ටොම් බැන්ටන් පන්දු 29 කදී ලකුණු 34 ක් ද ලබාගත්හ.

පන්දු යැවීමේදී දැඩිම ප්‍රහාරයකට ලක්වූයේ අම්ෂි ද සිල්වා සහ ධනංජය ලක්ෂාන් වන අතර ඔවුන් දෙදෙනාගේ පන්දුවාර 3 සඳහා පිළිවෙළින් ලකුණු 42 ක් සහ 39 ක් වශයෙන් පිතිකරුවන් ලකුණු රැස් කර තිබිණ. කැපී පෙනෙනම පන්දු යවන්නා වූයේ දුනිත් වෙල්ලාලගේ වන අතර ඔහු තම පන්දුවාර 4 දී ලකුණු 32 ක් පමණක් ලබාදී කඩුලු 2 ක් බිඳ හෙළීය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී සංචාරක පිල පන්දුවාර 17.3 කදී සීමා කිරීමට සමර්සෙට් පන්දු යවන්නෝ සමත්වූහ. ඒ අතරින් ලකුණු 30 සීමාව ඉක්මවාලීමට සමත්වූ ඒකම පිතිකරුවා බවට පත්වූයේ මැද පෙළින් පැමිණි අෂේන් බණ්ඩාරය. ඔහු පන්දු 36 කට මුහුණ දෙමින් ලකුණු 38 ක් ලබා ගත්තේය. ඒ හැරුණු කොට ලකුණු 20 සීමාව ඉක්මවා ගිය එකම පිතිකරුවා වූයේ නුවනිඳු ප්‍රනාන්දු (21) පමණි.

සමර්සෙට් පන්දුවාර 20 කදී කඩුලු 4 ට ලකුණු 194 යි – ටොම් බැන්ටන් 34, ජේම්ස් රෝ 47, ජෝර්ජ් බාර්ට්ලට් 83*, ලුවිස් ගෝල්ඩ්ස්වර්ති 10, දුනත් වෙල්ලාලගේ 32/2

ශ්‍රී ලංකා නැගී එන පිල පන්දුවාර 17.3 කදී ලකුණු 128 යි – අෂේන් බණ්ඩාර 38, නුවනිඳු ප්‍රනාන්දු 21, නිපුන් ධනංජය 14, නිශාන් මදුශ්ක 13, ලුවිස් ගෝල්ඩ්ස්වර්ති 28/3, බෙන් ග්‍රීන් 25/3, මැක්ස් වොලර් 15/2)

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest