slc
logo
Home   |    News
මැයි 28, 2022
ශ්‍රී ලංකා නැගී එන පිල ලකුණු 66 ක පරාජයක් ලබයි

sinhala editor

එංගලන්තයේ තරග සංචාරයකට සහභාගිව සිටින ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සමර්සෙට් ප්‍රාන්ත පිලට එරෙහිව පැවැති විස්සයි-20 තරගයද ලකුණු 66 කින් පරාජයට පත් වූවේය. ටෝන්ටන්හි පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් සමර්සෙට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 4 කට ලකුණු 194 ක් ලබා ගත්තද ශ්‍රී ලංකා නැගීඑන පිලට රැස් කරගත හැකි වූයේ පන්දුවාර 17 කුත් පන්දු 3 කදී සියලු දෙනා දැවී ලකුණු 128 ක් පමණි.

සමර්සෙට් කණ්ඩායම වෙනුවෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක ලියැළුණු ජෝර්ජ් බාර්ට්ලට් පන්දු 38 කදී හයේ පහර 9 ක් සහ හතරේ පහර 2 ක් සමඟින් පන්දු 38 කදී නොදැවී ලකුණු 82 ක් ලබා ගත්තේය. ඊට අමතරව ආරම්භක පිතිකරු ජේම්ස් රෝ පන්දු 35 කදී ලකුණු 47 ක්ද ටොම් බැන්ටන් පන්දු 29 කදී ලකුණු 34 ක් ද ලබාගත්හ.

පන්දු යැවීමේදී දැඩිම ප්‍රහාරයකට ලක්වූයේ අම්ෂි ද සිල්වා සහ ධනංජය ලක්ෂාන් වන අතර ඔවුන් දෙදෙනාගේ පන්දුවාර 3 සඳහා පිළිවෙළින් ලකුණු 42 ක් සහ 39 ක් වශයෙන් පිතිකරුවන් ලකුණු රැස් කර තිබිණ. කැපී පෙනෙනම පන්දු යවන්නා වූයේ දුනිත් වෙල්ලාලගේ වන අතර ඔහු තම පන්දුවාර 4 දී ලකුණු 32 ක් පමණක් ලබාදී කඩුලු 2 ක් බිඳ හෙළීය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී සංචාරක පිල පන්දුවාර 17.3 කදී සීමා කිරීමට සමර්සෙට් පන්දු යවන්නෝ සමත්වූහ. ඒ අතරින් ලකුණු 30 සීමාව ඉක්මවාලීමට සමත්වූ ඒකම පිතිකරුවා බවට පත්වූයේ මැද පෙළින් පැමිණි අෂේන් බණ්ඩාරය. ඔහු පන්දු 36 කට මුහුණ දෙමින් ලකුණු 38 ක් ලබා ගත්තේය. ඒ හැරුණු කොට ලකුණු 20 සීමාව ඉක්මවා ගිය එකම පිතිකරුවා වූයේ නුවනිඳු ප්‍රනාන්දු (21) පමණි.

සමර්සෙට් පන්දුවාර 20 කදී කඩුලු 4 ට ලකුණු 194 යි – ටොම් බැන්ටන් 34, ජේම්ස් රෝ 47, ජෝර්ජ් බාර්ට්ලට් 83*, ලුවිස් ගෝල්ඩ්ස්වර්ති 10, දුනත් වෙල්ලාලගේ 32/2

ශ්‍රී ලංකා නැගී එන පිල පන්දුවාර 17.3 කදී ලකුණු 128 යි – අෂේන් බණ්ඩාර 38, නුවනිඳු ප්‍රනාන්දු 21, නිපුන් ධනංජය 14, නිශාන් මදුශ්ක 13, ලුවිස් ගෝල්ඩ්ස්වර්ති 28/3, බෙන් ග්‍රීන් 25/3, මැක්ස් වොලර් 15/2)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee