slc
Home   |    News
ජූනි 15, 2022
අතේ තිබූ ජය මැක්ස්වෙල් උදුරා ගනියි

sinhala editor

තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය ආරම්භ කරමින් පල්ලකැලේ ක්‍රීඩාංගණයේ අද (14 වැනිදා) පැවැති පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 2 ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය.

කාසියේ වාසියත් සමඟ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 301 ක ඉලක්කයක් ඔස්ට්‍රේලියානුවන් වෙත ලබා දුන්නද වර්ෂාවෙන් සිදුවූ බලපෑම හේතුවෙන් එය පන්දුවාර 44 කදී ලකුණු 282 ක් ලෙස සංශෝධනය කෙරිණ. විටින් විට කණ්ඩායම් දෙකටම ජයග්‍රහණය දෝලනය වූ මෙම තරගයේදී ඔස්ට්‍රේලියානු පිල ජය ගන්නා විට තවත් පන්දු 9 ක් ඉතිරිව තිබිණ.

ඔස්ට්‍රේලියානු ජයග්‍රහණයේ නියමුවා බවට පත්වූ ග්ලෙන් මැක්ස්වෙල් දුෂ්මන්ත චමීරගේ පන්දු දෙකකට පිට පිට හයේ පහර 2 ක් එල්ල කරමින් ඔස්ට්‍රේලියානු පිල කඩුලු 2  ජයක් කරා රැගෙන යෑමට මුල් විය. වනිඳු හසරංග කඩුලු 4 ක් සහ අද දින එක්දින ජාත්‍යන්තර වරම් දිනාගත් දුනිත් වෙල්ලාලගේ කඩුලු 2 ක් දවා ගත්තද මැක්ස්වෙල්ගේ අනුකම්පා විරහිත ඉනිම නිමා කිරීමට නොහැකිවීම නිසා ශ්‍රී ලංකාවේ පරාජය වළකාලීමට ඔවුනට නොහැකි විය. අංක 7 ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි මැක්ස්වෙල් සිය කණ්ඩායමේ ජයග්‍රහණය සනාථ කරන විට පන්දු 51 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 6 ක් ද ඉනිමට එල්ල කරමින් ලකුණු 80 ක් ලබා සිටියේය. එම ඉනිම ප්‍රධාන කොට තරගයේ වීරයා සම්මානයෙන්ද මැක්ස්වෙල් පිදුම් ලැබීය.

කුසල් මෙන්ඩිස් සහ වනිඳු හසරංග එක්ව හත්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 25 කදී රැස් කරන ලද ලකුණු 42 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අවසන් පන්දුවාර 10 දී ලකුණු 86 ක් රැස් කර ගත් ශ්‍රී ලංකා පිතිකරුවෝ නියමිත පන්දුවාර 50 අවසානයේ ලකුණු 300 ක් රැස් කර ගැනීමට සමත්වූහ.

මුහුණ දුන් පන්දු 19 දී පිට පිට පන්දු 5 කදී හතරේ පහර බවට පරිවර්තනය කළ වනිඳු හසරංග ලකුණු 300 කඩ ඉම වෙත කණ්ඩායමට රැගෙන ඒම වෙනුවෙන් වැඩි දායකත්වයක් දැක්වූවේය. ජායි රිචර්ඩ්සන් යැවූ 19 වැනි පන්දුවාරයේ පිට පිට පන්දු 5 කදී ක්‍රීඩාංගණයට වටා හතරේ පහර 5 ක් එල්ල කරන ලද්දේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා දැක ගැනීමට පල්ලකැලේ ක්‍රීඩාංගණයට රැස්ව සිටි ක්‍රීඩා ලෝලීන්ගේ මන දොළ සපුරමිනි.

ඉනිමේ අවසන් පන්දුවේදී දැවී යන විට වනිඳු පන්දු 19 කදී ලකුණු 37 ක් රැස් කරගෙන සිටියේය. වසර 2 ක් තිස්සේ අර්ධ ශතකයක් රැස් කර ගැනීමට අපොහොසත්ව සිටි අද දිනයේ අංක 3 පිතිකරු ලෙසින් පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් යළිත් ලකුණ අතරට පැමිණීම විශේෂත්වයකි. ශ්‍රී ලංකා ඉනිමේ කොඳු නාරටිය ලෙසින් පිටියේ පන්දුවට පහර දුන් දකුණත් පිතිකරුවා ඉනිම හමාර වන තෙක්ම සිය කඩුල්ල ආරක්ෂා කරගත්තේ ලකුණු 86 කින් සිය ඉනිම පෝෂණය කර ගනිමිනි. ඉනිම ආරම්භයේදී ඒතරම් කලබලයක් නොපෙන්වූ මෙන්ඩිස් පළමු ලකුණු 25 ලබාගැනීම සඳහා පන්දු 38 ක් වැය කළත් මුහුණ දුන් 59 වැනි පන්දුවේදී අර්ධ ශතකය සම්පූර්ණ කරගත්තේය. එතැන් පටන් වේගය ඒක් කළ මෙන්ඩිස් ඉනිම අවාසනයේදී ලකුණු සහ පන්දු (87) ආසන්නට ගෙන එමිනි.

 කලකට පසු පළමු කඩුල්ල වෙනුවෙන් සාර්ථක වුණු පැතුම් නිස්සංක සහ ධනුෂ්ක ගුණතිලක ලකුණු 115 ක් එක් කළහ. පන්දු දෙකකදී අර්ධ ශතක වාර්තා කරගත් මොවුන් දෙදෙනා අතරින් මුලින්ම ගුණතිලක දැවී ගියේ කඩුලු අතර දිව යෑමේ සිදුවූ අතපසුවීමකිනි. ඊට ලකුණු 3 කට පසු පැතුම් ද දැවී ගියත් ශ්‍රී ලංකාවට අවශ්‍ය කඩුලු අතර සම්බන්ධතාව එක් කිරීමට චරිත් සහ කුසල් මෙන්ඩිස් සමත්වූහ. මොවුන් දෙදෙනා එක්ව ශ්‍රී ලංකා ලකුණු පුවරුව 200 ඔබ්බට රැගෙන එම සම්බන්ධතාව 40 වැනි පන්දුවාරය තෙක්ම රැගෙන යමිනි.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගය ලබන 16 වැනිදා පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

Recent Posts

  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර අද (20 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
  • ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්
      දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක […]
  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest