slc
logo
Home   |    News
ජූනි 15, 2022
අන්තර් සමාජ විස්සයි-20 අවසන් සටන කෝල්ට්ස් සහ යුද හමුදාව අතර

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම අද (15 දා) පස්වරුවේ සමත්විය. පී. සරා ඔ්වල් පිටියේ පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී සැරසන්ස් පිල ලකුණු 52 ක පරාජයකට ඇද දැමූ යුද හමුදා කණ්ඩායම ලබන 17 වැනිදා කෝල්ට්ස් පිලට එරෙහිව පැවැත්වෙන අවසන් මහ තරගයේ ප්‍රතිවාදීන් බවට පත්විය.  

කාසියේ වාසියත් සමඟ පළමුව පිති ප්‍රහාරයත් දියත් කළ යුද හමුදා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 8 කට ලකුණු 170 ක ඉලක්කයක් සැරසන්ස් කණ්ඩායම හමුවේ තැබූ නමුත් ඔවුන්ට නියමිත පන්දුවාර 20 අවසනදී  කඩුලු 8 ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 117 ක් පමණි.

සැරසන්ස් පිල වෙනුවෙන් ප්‍රමෝද් මධුවන්ත සහ ආකාෂ් සේනාරත්න කණ්ඩායම සාර්ථකත්වය කරා රැගෙන යෑමට උත්සාගත නමුත් එය යුද හමුදාව පරාජයට කිරීමට තරම් ප්‍රමාණවත් නොවීය. පන්දු යැවීමේදී සීකුගේ ප්‍රසන්න, යශෝධ මෙන්ඩිස් සහ ලක්ෂාන් එදිරිසිංහ කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.

යුද හමුදා  පිල වෙනුවෙන් වේගවත් පිතිහරඹයක නියැළුණු තිසර පෙරේරා පන්දු 26 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමඟින් ලකුණු 50 ක් රැස් කළේය. ඔහුට අමතරව සීකුගේ ප්‍රසන්න ලකුණු 39 ක් සහ ලක්ෂාන් එදිරිසිංහ ලකුණු 27 ක් ලබා ගත්හ.

ශ්‍රී ලංකා යුද හමුදාව පන්දුවාර 20 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 169 යි – තිසර පෙරේරා 50*, සීකුගේ ප්‍රසන්න 39, ලක්ෂාන් එදිරිසිංහ 27, ඉසිත විජේසුන්දර 25/3

සැරසන්ස් පන්දුවාර 20 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 117 යි – ප්‍රමෝද් මධුවන්ත 37*, ආකාෂ් සේනාරත්න 29, ලක්ෂාන් එදිරීසිංහ 08/2, සීකුගේ ප්‍රසන්න 16/2, යශෝධ මෙන්ඩිස් 33/2

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67කින් උගන්ඩාව පරාජය කරයි
    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ උගන්ඩා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (01) අබුඩාබිහි පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67ක […]
  • මහනුවර පළමු ඉනිමේ ලකුණු 69ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ලකුණු […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම දෙවැනි තරගය කඩුලු 8කින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ කණ්ඩායම අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (30) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ද ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට කඩුලු […]
  • මහනුවර පිල පළමු දිනයේ කඩුලු 8කට ලකුණු 279යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අද ආරම්භ වූ අවසන් මහා තරගයේ […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ ලකුණු අටකින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ සහ ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායම් අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (28) පැවැති එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ‘ ඒ ‘ කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee