slc
Home   |    News
ජූනි 14, 2022
අන්තර් සමාජ විස්සයි-20 අවසන් පූර්ව තරග හෙට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග හෙට (15 දා) කොළඹදී පැවැත්වේ. සැරසන්ස්, බී.ආර්.සී, කෝල්ට්ස් සහ යුද හමුදා කණ්ඩායම් ඒම අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබා සිටිති.

කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම අවසන් පූර්ව තරගවලදී පෙරවරුවේ පැවැත්වෙන තරගය ‘ඒ’ කාණ්ඩයෙන් පෙරමුණට පැමිණ සිටින සැරසන්ස් ක්‍රීඩා සමාජයත් ‘ඩී’ කාණ්ඩයේ පෙරමුණට පැමිණ සිටින ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමත් අතර පැවැත්වෙන අතර පස්වරුවේ තරගය ‘බී’ කාණ්ඩයේ පෙරමුණට පැමිණි බී.ආර්.සී. සහ ‘සී’ කාණ්ඩයේ පෙරමුණට පැමිණි කෝල්ට්ස් කණ්ඩායම් අතර පැවැත්වෙනු ඇත. තරගාවලියේ අවසන් මහ තරගය ලබන 17 වැනිදා පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

මූලික වටයේ අවසන් තරග ලෙසින් අද පැවැති තරගවලදී කෝල්ට්ස් කණ්ඩායම විසින් ටැමිල් යනියන් පිල ලකුණු 97 කින්ද, රාගම කණ්ායම විසින් නුගේගොඩ කණ්ඩායම කඩුලු 6 කින්ද, බී.ආර්.සී. කණ්ඩායම විසින් ඒන්.සී.සී. කණ්ඩායම කඩුලු 3 කින්ද පානදුර ලකුණු 08 කින් හලාවත මේරියන්ස් ද සහ කැන්ඩි කස්ටම්ස් කඩුලු 8 කින් ශ්‍රී ලංකා පොලිසියද සහ සෙබස්තියනයිට්ස් ලකුණු 26 කින් නිගම්බු කණ්ඩායම්ද පරාජය කිරීමට සමත්වූහ.  

කෝල්ට්ස් ලකුණු 97 කින් ටැමිල් යුනියන් පරදවයි

කෝල්ට්ස් කණ්ඩායමේ සංගීත් කුරේ පන්දු 54කදී  හතරේ පහරක් හයේ හතරක් සමඟ ලකුණු 83ක් රැස්කළ අතර අකිල ධනංජය ලකුණු 21 කට කඩුලු 4ක් දවාලමින් පන්දු යැවීමේදී  දක්ෂතා දැත්වීය.

කෝල්ට්ස් පන්දුවාර 20 කදී කඩුලු 7 ට ලකුණු 211යි  – (සංගීත් කුරේ 83, හෂාන් දුවිඳු 54, රවිඳු රසන්ත 32,  මුදිත ලක්ෂාන් 17, කවිඳු පතිරන 41/3, ඉසුරු උදාන 25/2)

ටැමිල් යුනියන් පන්දුවාර 14.1 කදී සියල්ල දැවී ලකුණු 114 යි –  (ඩිල්රුවන් පෙරේරා 33, ඉසුරු උදාන 23, සුපුන් කවිඳු 17, අකිල ධනංජය 21/4, මුදිත ලක්ෂාන් 27/3)

රාගම  කඩුලු 6 න් නුගේගොඩ පරාජය කරයි

රාගම කණ්ඩායමේ නිශාන් මධුෂ්ක පන්දු 37කදී හතරේ හතක් හයේ පහරක් සමඟ නොදැවී  ලකුණු 80 ක් රැස් කිරීමෙන් රාගමට පන්දු 44ක් ඉතිරිව තිබියදී පහසු ජයක් අත්කර ගැනීමට අවස්ථාව උදාවිණි.

නුගේගොඩ පන්දුවාර 20 කදී කඩුලු 5 ට ලකුණු 128 යි – (භාග්‍යා දිසානායක 52, රනිත ලියනආරච්චි 24, නයන ප්‍රනාන්දු 15, ජනිත් ලියනගේ 24/2)

රාගම පන්දුවාර 12.4 කදී කඩුලු 4 ට ලකුණු 131 යි)  -( නිශාන් මධුෂ්ක  නොදැවී 80, අවිශ්ක තරිඳු 15, චමින්ද බණ්ඩාර 24/1)

බී.ආර්. සී කඩුලු 3 කින්  එන්.සී.සී. පරාජය කරයි

එන්.සී.සී. පන්දුවාර 19.1 කදී සියල්ල දැවී ලකුණු 100 යි – (කාවින්ද බණ්ඩාර 26, ජොහාන් ද සිල්වා 20, අෂේන් ඩැනියල් 15, දුවිඳු තිලකරත්න 8/3, උමේෂ්ක මොරායස් 18/2)

බි.ආර්.සී. පන්දුවාර 19 කදී කඩුලු 7ට ලකුණු 101 යි – (ඩිලාන් ජයලත් නොදැවී 43, තිලකරත්න සම්පත් 26, දුෂාන් හේමන්ත 09, විනුජ සහන් 23/3, සචිඳු කොළඹගේ 28/2)

පානදුර ලකුණු  8කින් චිලව් මේරියන්ස් පරාජය කරයි

පානදුර පන්දුවාර 15.4 දී සියල්ල දැවී ලකුණු 86 යි) – (කෝසල රවිඳු 18, නිමේෂ් විමුක්ති 18, තෙයිවේන්දිරන් දිනෝෂාන් නොදැවී 15, කසුන් විරංග 15/2, අවිඳු තීක්ෂණ 19/2, කවිඳු දිල්හාර 14/2)

චිලව් මේරියන්ස් පන්දුවාර 18.1 කදී සියල්ල දැවී ලකුණු 78 යි – (කසුන් විදුර 24, සුඛිත මනෝජ් 13, චරිත් ජයම්පති 08, තරිඳු කෞෂාල් 18/3, නිමේෂ් විමුක්ති 12/3)

කැන්ඩි කස්ටම්  ලකුණු 8කින් පොලීසිය පරාජය කරයි

කැන්ඩි කස්ටම් පන්දුවාර 20 කදී කඩුලු 9ට ලකුණු 150 යි – (සජිත් ප්‍රියාල් 63, රශ්මික මධුශංඛ 34, නිම්න ප්‍රනාන්දු 18, අෂේන් බන්ඩාර 33/3, චරිත්  සුදාරක 20/2, චාරුක ජයතිලක 30/2)

පොලීසිය පන්දුවාර 19.5 කදී සියල්ල දැවී ලකුණු 142 යි – චාමර සිල්වා 37, දිල්හාර පොල්ගම්පල 23, අෂේන් බණ්ඩාර 44, පසන් පෙතියන්ගොඩ 29/3, මෙතුෂාන් තිළිණ 28/2)

සෙබස්ටියනයිට්ස් ලකුණු 26කින් නිගම්බු පරාජය කරයි

සෙබස්ටියනයිට්ස් පන්දුවාර 20 කදී කඩුලු 5ට ලකුණු 143 යි  – සශ්‍රීක පුස්සේගොල්ල 60, තරිඳු රත්නායක නොදැවී 24, සෂා ද අල්විස් 18, ඩිල්ෂාන් මුනවීර 25/2)

නිගම්බු පන්දුවාර 20 කදී කඩුලු 9ට ලකුණු 117 යි   – දිල්ෂාන් මුනවීර 34, සඳරුවන් චින්තක 42, සචිත්‍ර ජයතිලක 22/2, තරිඳු රත්නායක 18/2, සශ්‍රික පුස්සේගොල්ල 15/2)

Recent Posts

  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest