slc
logo
Home   |    News
ජූනි 14, 2022
අන්තර් සමාජ විස්සයි-20 අවසන් පූර්ව තරග හෙට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග හෙට (15 දා) කොළඹදී පැවැත්වේ. සැරසන්ස්, බී.ආර්.සී, කෝල්ට්ස් සහ යුද හමුදා කණ්ඩායම් ඒම අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබා සිටිති.

කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම අවසන් පූර්ව තරගවලදී පෙරවරුවේ පැවැත්වෙන තරගය ‘ඒ’ කාණ්ඩයෙන් පෙරමුණට පැමිණ සිටින සැරසන්ස් ක්‍රීඩා සමාජයත් ‘ඩී’ කාණ්ඩයේ පෙරමුණට පැමිණ සිටින ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමත් අතර පැවැත්වෙන අතර පස්වරුවේ තරගය ‘බී’ කාණ්ඩයේ පෙරමුණට පැමිණි බී.ආර්.සී. සහ ‘සී’ කාණ්ඩයේ පෙරමුණට පැමිණි කෝල්ට්ස් කණ්ඩායම් අතර පැවැත්වෙනු ඇත. තරගාවලියේ අවසන් මහ තරගය ලබන 17 වැනිදා පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

මූලික වටයේ අවසන් තරග ලෙසින් අද පැවැති තරගවලදී කෝල්ට්ස් කණ්ඩායම විසින් ටැමිල් යනියන් පිල ලකුණු 97 කින්ද, රාගම කණ්ායම විසින් නුගේගොඩ කණ්ඩායම කඩුලු 6 කින්ද, බී.ආර්.සී. කණ්ඩායම විසින් ඒන්.සී.සී. කණ්ඩායම කඩුලු 3 කින්ද පානදුර ලකුණු 08 කින් හලාවත මේරියන්ස් ද සහ කැන්ඩි කස්ටම්ස් කඩුලු 8 කින් ශ්‍රී ලංකා පොලිසියද සහ සෙබස්තියනයිට්ස් ලකුණු 26 කින් නිගම්බු කණ්ඩායම්ද පරාජය කිරීමට සමත්වූහ.  

කෝල්ට්ස් ලකුණු 97 කින් ටැමිල් යුනියන් පරදවයි

කෝල්ට්ස් කණ්ඩායමේ සංගීත් කුරේ පන්දු 54කදී  හතරේ පහරක් හයේ හතරක් සමඟ ලකුණු 83ක් රැස්කළ අතර අකිල ධනංජය ලකුණු 21 කට කඩුලු 4ක් දවාලමින් පන්දු යැවීමේදී  දක්ෂතා දැත්වීය.

කෝල්ට්ස් පන්දුවාර 20 කදී කඩුලු 7 ට ලකුණු 211යි  – (සංගීත් කුරේ 83, හෂාන් දුවිඳු 54, රවිඳු රසන්ත 32,  මුදිත ලක්ෂාන් 17, කවිඳු පතිරන 41/3, ඉසුරු උදාන 25/2)

ටැමිල් යුනියන් පන්දුවාර 14.1 කදී සියල්ල දැවී ලකුණු 114 යි –  (ඩිල්රුවන් පෙරේරා 33, ඉසුරු උදාන 23, සුපුන් කවිඳු 17, අකිල ධනංජය 21/4, මුදිත ලක්ෂාන් 27/3)

රාගම  කඩුලු 6 න් නුගේගොඩ පරාජය කරයි

රාගම කණ්ඩායමේ නිශාන් මධුෂ්ක පන්දු 37කදී හතරේ හතක් හයේ පහරක් සමඟ නොදැවී  ලකුණු 80 ක් රැස් කිරීමෙන් රාගමට පන්දු 44ක් ඉතිරිව තිබියදී පහසු ජයක් අත්කර ගැනීමට අවස්ථාව උදාවිණි.

නුගේගොඩ පන්දුවාර 20 කදී කඩුලු 5 ට ලකුණු 128 යි – (භාග්‍යා දිසානායක 52, රනිත ලියනආරච්චි 24, නයන ප්‍රනාන්දු 15, ජනිත් ලියනගේ 24/2)

රාගම පන්දුවාර 12.4 කදී කඩුලු 4 ට ලකුණු 131 යි)  -( නිශාන් මධුෂ්ක  නොදැවී 80, අවිශ්ක තරිඳු 15, චමින්ද බණ්ඩාර 24/1)

බී.ආර්. සී කඩුලු 3 කින්  එන්.සී.සී. පරාජය කරයි

එන්.සී.සී. පන්දුවාර 19.1 කදී සියල්ල දැවී ලකුණු 100 යි – (කාවින්ද බණ්ඩාර 26, ජොහාන් ද සිල්වා 20, අෂේන් ඩැනියල් 15, දුවිඳු තිලකරත්න 8/3, උමේෂ්ක මොරායස් 18/2)

බි.ආර්.සී. පන්දුවාර 19 කදී කඩුලු 7ට ලකුණු 101 යි – (ඩිලාන් ජයලත් නොදැවී 43, තිලකරත්න සම්පත් 26, දුෂාන් හේමන්ත 09, විනුජ සහන් 23/3, සචිඳු කොළඹගේ 28/2)

පානදුර ලකුණු  8කින් චිලව් මේරියන්ස් පරාජය කරයි

පානදුර පන්දුවාර 15.4 දී සියල්ල දැවී ලකුණු 86 යි) – (කෝසල රවිඳු 18, නිමේෂ් විමුක්ති 18, තෙයිවේන්දිරන් දිනෝෂාන් නොදැවී 15, කසුන් විරංග 15/2, අවිඳු තීක්ෂණ 19/2, කවිඳු දිල්හාර 14/2)

චිලව් මේරියන්ස් පන්දුවාර 18.1 කදී සියල්ල දැවී ලකුණු 78 යි – (කසුන් විදුර 24, සුඛිත මනෝජ් 13, චරිත් ජයම්පති 08, තරිඳු කෞෂාල් 18/3, නිමේෂ් විමුක්ති 12/3)

කැන්ඩි කස්ටම්  ලකුණු 8කින් පොලීසිය පරාජය කරයි

කැන්ඩි කස්ටම් පන්දුවාර 20 කදී කඩුලු 9ට ලකුණු 150 යි – (සජිත් ප්‍රියාල් 63, රශ්මික මධුශංඛ 34, නිම්න ප්‍රනාන්දු 18, අෂේන් බන්ඩාර 33/3, චරිත්  සුදාරක 20/2, චාරුක ජයතිලක 30/2)

පොලීසිය පන්දුවාර 19.5 කදී සියල්ල දැවී ලකුණු 142 යි – චාමර සිල්වා 37, දිල්හාර පොල්ගම්පල 23, අෂේන් බණ්ඩාර 44, පසන් පෙතියන්ගොඩ 29/3, මෙතුෂාන් තිළිණ 28/2)

සෙබස්ටියනයිට්ස් ලකුණු 26කින් නිගම්බු පරාජය කරයි

සෙබස්ටියනයිට්ස් පන්දුවාර 20 කදී කඩුලු 5ට ලකුණු 143 යි  – සශ්‍රීක පුස්සේගොල්ල 60, තරිඳු රත්නායක නොදැවී 24, සෂා ද අල්විස් 18, ඩිල්ෂාන් මුනවීර 25/2)

නිගම්බු පන්දුවාර 20 කදී කඩුලු 9ට ලකුණු 117 යි   – දිල්ෂාන් මුනවීර 34, සඳරුවන් චින්තක 42, සචිත්‍ර ජයතිලක 22/2, තරිඳු රත්නායක 18/2, සශ්‍රික පුස්සේගොල්ල 15/2)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee