slc
Home   |    News
ජූනි 21, 2022
අසලංකගේ මංගල ශතකය ප්‍රධානකොට කැන්ගරුවන්ට ලකුණු 259 ක ඉලක්කයක්

sinhala editor

By Chamila Karawita

මන්දගාමී තණතීරුවක වුවද ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන්නන් හොඳින් පන්දු යැවීමත් අනවශ්‍ය ලෙස කඩුලු අතර දිව යෑමේදී කඩුලු 3 ක් අහිමිවීමත් නිසා නියමිත පන්දුවාර 50 අවසන්වීමට පන්දු 6 ක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා ඉනිම නිමාවට පත්විය. ඉනිමේ අවසන් පිතිකරුවා ලෙසින් මහීෂ් තීක්ෂණ දුවද්දී දැවී යෑමකට හසුව ඉනිම හමාර වූ නමුත් ලකුණු 259 ක ඉලක්කයක් ඔස්ට්‍රේලියානුවන් වෙත ලබා දීමට ශ්‍රී ලංකාව සමත්විය.

වඩාත් මන්දගාමීව තිබෙන කොළඹ ආර්. ප්‍රේමදාස තණතීරුවේ දී පළමුව ලකුණු රැස් කිරීමේ කාර්යයේ නියැළුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 3ම ලකුණු 34 කදී බිඳ දැමීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත්වූහ.

ගෙවී ගිව අවසන් වසර කීපයේදීම ශ්‍රී ලංකා කණ්ඩායමේ අසාර්ථක භාවයට හේතුවූ කරුණක් වූයේ කඩා වැටීමකදී ශක්තීමත් කඩුලු අතර සම්බන්ධතා ගොඩ නැගීමට නොහැකිවීමය. එහෙත් එම ගැටලුවට කදිම විසඳුම් ලබා දුන් ධනංජය ද සිල්වා සහ චරිත් අසලංක සිව්වැනි කඩුල්ලට ලකුණු 101 ක් එක් කරමින් ශ්‍රී ලංකා ඉනිම ගොඩ ගත්හ. ඒ සදහා පන්දු 100 ක් වැය කළ දකුණත් සහ වමත් පිතිකරුවන් දෙදෙනාගෙන් ධනංජය ද සිල්වා ලකුණු 60 කදී ඉනිම නිමා කරගත්තත් සිය අන්තය ආරක්ෂා කරගත් චරිත් අසලංක මංගල එක්දින ශතකය කරා ඇදී ගියේය.

මුහුණ දුන් 99 වැනි පන්දුවේදී ශතකය සපුරාගත් අසලංක අංක 5 පිතිකරු ස්ථානයට වඩාත් සුදුස්සා තමන් බව යළි යළිත් ඔප්පු කිරීමට සමත්වූවේය. ග්ලෙන් මැක්ස්වෙල්ගේ සුපිරි උඩ පන්දු රැකීමත් සමඟ ධනංජයගේ ඉනිම ලකුණු 60 කදී නිමා වුවත් දුනිත් වෙල්ලාලගේ සමඟ එක්වූ අසලංක 6 වැනි කඩුල්ල වෙනුවෙන් තවත් ලකුණු 57 ක් එක් කරමින් අවධානමෙන් මුදවා ගත්හ. අවසන් තරග 10 දීම අර්ධ ශතකයක් වාර්තා කර ගැනීමට අසමත්ව සිටි ධනංජය මුහුණ දුන් 52 වැනි පන්දුවේදී අර්ධ ශතකය ඉක්මවා ගියේය.

ශ්‍රී ලංකා ඉනිමේ 48 වැනි පන්දුවාරය වන තෙක්ම කඩුල්ලේ රැඳී සිටි අසලංක ලොව අංක 1 ටෙස්ට්  පන්දු යවන්නා වන පැට් කමින්ස්ගේ පන්දුවක් හමුවේ දැවී යන විටත් ලකුණු 110 ක් රැස් කරගෙන සිටියේය.  පන්දු 106 කින් සමන්විත වූ අසලංකගේ ඉනිම හයේ පහරකින් සහ තවත් හතරේ පහර 10 කින් වර්ණවත් කරගත්තේය.

පෙර තරගයට ක්‍රීඩා නොකළ පැට් කමින්ස් සහ මිචෙල් මාෂ් ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 2 බැගින් දවා ගත්තේ පන්දුවාරයකට ලකුණු 4.2 කට වඩා අඩුවෙන් තබා ගිනිමිනි. ඔස්ට්‍රේලියාව වෙනුවෙන් කඩුලු 2 ක් දවා ගත් අනෙක් පන්දු යවන්නා වූයේ මැතිව් කුනේමන් වූ නමුත් ඔහුගේ පන්දුවාරයකට ලකුණු 7 ක වේගයක් රඳවා ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවන් සමත්විය.

දසුන් ශානක ඉක්මනින් දැවී යෑමෙන් පසු පිටියට පිවිසි 19 හැවිරිදි දුනිත් වෙල්ලාලගේ පරිණත පිතිකරුවකුගේ ලක්ෂණ විදහා පාමින් පන්දුවට පහර දීම තරගය නැරඹී දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයින්ගේ ආකර්ෂණයට හේතුවිය.  සිය තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයට සහභාගිව සිටින වමත් යෞවනයා ලකුණු 21 කින් ශ්‍රී ලංකා ඉනිම පෝෂණය නොකරන්නට අසලංකට මීට වඩා අසීරු තත්ත්වයකට මුහුණ දීමට සිදුවනවා නොඅනුමානය.

8 වැනි පිතිකරුවා ලෙසින් අසලංකගේ දැවී යන විට ශ්‍රී ලංකා ඉනිම ලකුණු 256 ක් ලෙසින් සටහන් විය. ඒ වන විටත් වගකීමක් ගෙන පන්දුවට පහරදිය හැකි පිතිකරුවකු ලෙසින් නම් දරා සිටි වනිඳු හසරංග අනෙක් කඩුල්ලේ රැඳී සිටියත් ශ්‍රී ලංකාවට රැස් කරගත හැකි වූයේ ලකුණු 3 ක් පමණි. කඩුලු අතර දිව යෑමේදී සිදුවූ අනවබෝධය නිසා ජෙෆ්රි වැන්ඩර්සි සහ මහීෂ් තීක්ෂණ දෙදෙනාම දුවද්දී දැවී යෑම් වලට හසුවීම නිසා වනිඳුට තනිවම කිසිවක් කළ නොහැකි විය.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest