slc
Home   |    News
ජූනි 26, 2022
එක්දින තරගාවලිය හෙට ඇරඹෙයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලිය හෙට (27 දා) ආරම්භ වනු ඇත. කණ්ඩායම් 26 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලිය ප්‍රධාන කාණ්ඩ 2 ක් යටතේ පැවැත්වෙනු ඇත.

‘ඒ’ සහ ‘බී’ කාණ්ඩ යටතේ තරග කිරීමේදී එක් කාණ්ඩයකට කණ්ඩායම් 13 වන පරිදි ඇතුළත් වන අතර මූලික වටයේදී එක් කණ්ඩායමකට තරග 12 බැගින් ක්‍රීඩා කිරීමට සිදුවනු ඇත.

මූලික වටයේ වැඩිම ජයග්‍රහණ සංඛ්‍යාවක් වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනු ලබන කණ්ඩායම් 2 අර්ධ අවසන් තරග වටයට සුදුසුකම් ලබනු ඇත. එම තරග ජූලි 25 වැනිදාත් අවසන් මහ තරගයජූලි 28 වැනිදාත් පැවැත්වෙනු ඇත.

අවසන් වරට පැවැති සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ එන්. සී. සී. කණ්ඩායම සමත් වූ අතර අනුශූරතාව රාගම කණ්ඩායමට හිමිවිය.

‘ඒ’ කාණ්ඩය – ටැමිල් යූනියන්, එන්.සී.සී., මුවර්ස්, පොලිස්, ලන්කන්, කෝල්ට්ස්, සෙබස්තියනයිට්ස්, එස්.එස්.සී., බ්ලූම්ෆීල්ඩ්, ඒස් කැපිටල්, සැරසන්ස්, බදුරලිය, කලුතර නගර

‘බී’ කාණ්ඩය – රාගම, යුද හමුදාව, චිලව් මේරියන්ස්, නිගම්බු, කුරුණෑගල, බී.ආර්.සී., පානදුර, කැන්ඩි කස්ටම්ස්, ගුවන් හමුදාව, නුගේගොඩ, නාවික හමුදාව, ගාල්ල.

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest