slc
logo
Home   |    News
ජූනි 24, 2022
ඔස්ට්‍රේලියාව ගෞරවාන්විතව තරගාවලිය නිමා කරයි

sinhala editor

By Chamila Karawita

ඉලක්කය ලකුණු 161 ක් වුවත් එය රැක ගැනීමට දුනිත් වෙල්ලාලගේ ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන් දැඩි සටනක නිරත වුවත්, මැද පෙළ පිතිකරුවන් වූ ඇලෙක්ස් කේරි මානස් ලබුෂේන් දෙදෙනා එක්ව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (24 දා) නිමාව දුටු පස්වැනි එක්දින තරගයෙන් ඔස්ට්‍රේලියානු පිල කඩුලු 4 ක ජයග්‍රහණයක් කරා  කැඳවාගෙන ගියහ. මෙම තරගය පරාජයට පත් වුවත් තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 3-2 ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගත්තේය.

අසීරු අවස්ථාවේදී සහාය දැක්වීම සදහා ශ්‍රී ලංකාවට පැමිණි ඔස්ට්‍රේලියානුවන්ට කෘත ගුණ සැලකීමක් වශයෙන් කහ පැහැති වර්ණයෙන් සැරසී තරගය නැරඹීමට පැමිණ සිටි 35,000 කට අධික ක්‍රීඩා ලෝලීන්ගේ ඉදිරියේ වැන්ඩර්සිට එරෙහිව හයේ සීමාවෙන් එහාට පන්දුව යැවූ කැමරන් ග්‍රීන් ඔස්ට්‍රේලියානු ජයග්‍රහණය සනිටුහන් කළේය. ඒ වන විටත් ඔස්ට්‍රේලියානුවන් අත පන්දු 63 ක් සහ කඩුලු 4 ක් ඉතිරිව තිබිණ.

ඉලක්කය හඹා යෑමේදී පළමු කඩුලු 3 ම ලකුණු 19 කදී බිඳ හෙළීමට මහීෂ් තීක්ෂණ සහ දුනිත් වෙල්ලාගේ සමත්වූහ. පන්දු 4 ක් තුළ ආරම්භක පිතිකරුවන් දෙදෙනාව දවා ගන්නා විටත් ඔස්ට්‍රේලියානු ලකුණු පුවරුව ලකුණු 14 ක් ලෙස සටහන් විය. නැවතත් ක්‍රියාත්මක වුණු තීක්ෂණ යළිත් මංගල තරගයට සහාභාගි වූ ජොස් ඉංග්ල්ස්ගේ කඩුල්ල දවා ගනිමින් ඔස්ට්‍රේලියානුවන් තවත් අසරණත්වයට පත් කළේය.

අනතුරුව ශ්‍රී ලංකාව වෙනුවෙන් මංගල එක්දින වරම් ලද වේග පන්දු යවන ප්‍රමෝද් මදුශාන් මිචෙල් මාෂ්ගේ කඩුල්ල දවා ගනිමින් ඔස්ට්‍රේලියානු පිල වෙත තවත් පීඩනය එල්ල කළේය. පිට ඉන්නට පිටතින් පැමිණි පන්දුවට එල්ල කරන ලද පහර පැතුම් නිස්සංක විසින් රැක ගැනීමත් සමඟ මිචෙල් මාෂ්, ප්‍රමෝද්ගේ මංගල කඩුල්ල ලෙසින් පිටියෙන් ඉවත් විය. ප්‍රමෝද් තම මංගල තරගයේ පන්දු යැවීම පන්දුවාර 3 කදී ලකුණු 13 කට එක් කඩුල්ලක් ලෙස සනිටුහන් කර ගත්තේය.

ඉනිමේ වැඩිම කඩුලු ලාභියා වූයේ දුනිත් වෙල්ලාලය. පන්දුවාර 10 කදී ලකුණු 43 කට කඩුලු 3 ක් ලෙසින් සිය පන්දු යැවීම අහවර කරගත් තවමත් 19 වියේ පසුවන යෞවනවා මෙම තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා ලෙසින් තරගාවලිය අහවර කිරීම කැපී පෙනිණ. තරග 5 ටම ක්‍රීඩා කළ වේලාලලෙග් කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 22.33 ක් රදවා තබා ගනිමින් මුලු කඩුලු 9 ක් දවා ගනිමින් පන්දු යවන්න්න අතර පෙරමුණට පැමිණියේය.

මිචෙල් මාෂ්ගේ දැවී යෑමෙන් පසු කේරිට එක්වූ මානස් ලබුෂේන් 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 51 ක් රැස් කළේ ලකුණු ලබා ගැනීමට වඩා කඩුල්ල රැක ගැනීමට වැඩි තැනක් ලබා දෙමිනි. තමන්ට ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට රුසියෙක් බව තව තවත් ඔප්පු කළ දුනිත් වෙල්ලාලගේ මානස් ලබුෂේන් (31) වත් ග්ලෙන් මැක්ස්වෙල්වත් (16) දවා ගත්තත් සිය අන්තය ආරක්ෂා කර ගත් ඇලෙක්ස් කේරි ඔස්ට්‍රේලියාව ජය කනුව කරා රැගෙන යෑමේ පෙරමුණ ගත්තේය. තරගය අහවර වන විට සිය ඉනිම ආරක්ෂා කරගත් කේරි පන්දු 65 කදී ලකුණු 45 ක් ලබා සිටියේය.

චාමික කරුණාරත්නත් මංගල තරගයට සහභාගි වුණු ප්‍රමෝද් මදුශානුත් එක්ව 9 වැනි කඩුල්ල වෙනුවෙන් එක් කරන ලද ලකුණු 58 ක සම්බන්ධතාව ප්‍රධාන කොට ලකුණු 161 ක් දක්වා ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ දමා ගැනීමට හැකියාව ලැබිණ.

ඉදිරි‌ පෙළ කඩුලු 8 ම ලකුණු 85 කදී බිඳ වැටී විටෙක ලකුණු 100 ලකුණු සීමාව පසුකර යෑමද දැඩි අවධානමකට ලක්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට චාමික කරුණාරත්න රැස් කරන ලද ලකුණු 75 ත් ප්‍රමෝද් මදුශාන් රැස් කරන ලද ලකුණු 15 ත් හේතුවෙන් සැනසුම්දායී ලකුණු සංඛ්‍යාවක් දක්වා ශ්‍රී ලංකා පිලට යෑමට හැකිවිය.  චමීරගේ මෙම ඉනිම ්‍රධාන කොට තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලබද්දී තරගාවලියේ වීරයා සම්මානයෙන් කුසල් මෙන්ඩිස් පිදුම් ලැබීය.

පැට් කමින්ස්ට එල්ල කරන ලද පුල් පහරක් වැරදී යෑමෙන් චාමික දැවී යන වාත් සමඟ ශ්‍රී ලංකා ඉනිමත් ලකුණු 160 කදී නිමාවට පත්විය. පන්දු 75 කට මුහුණ දුන් මැද පෙළ පිතිකරුවා පන්දු 75 ක් ඒ වෙනුවෙන් වැය කළ අතර එයට දර්ශනීය හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක්ද ඇතුළත් කළේය. පළමු අර්ධ ශතකය ලෙසින් චාමික රැස් කරන ලද ලකුණු සංඛ්‍යාව, ශ්‍රී ලංකා ඉනිමේ වාර්තා වුණු මුලු ලකුණු සංඛ්‍යාවෙන් හරි අඩකට අඩු වූයේ ලකුණු 5 ක් පමණි. මෙම සම්බන්ධතාව ප්‍රධාන කොට වසර 37 ක පැරණි වාර්තාවක් අලුත්වීමට තිබූ ඉඩ කඩ ද ඇහිරී ගියේය. ඒ දෙරට අතර එක්දින තරග ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවය. ශ්‍රී ලංකා කණ්ඩායමක් ඔස්ට්‍රේලියාව හමුවේ දැවී ගොස් ඇති අඩුම ලකුණු සංඛ්‍යාව වූයේ 1985 වසරේදී ඇඩිලේඩ් නුවර පැවැති තරගයේදී දැවී ගිය ලකුණු 91 ක වේ.

චාමිකට අනගි සහායක් ලබා දුන් මදුශාන් රැස් කර ගන්නා ලද්දේ ලකුණු 15 ක් පමණක් වුවත් ජ්‍යෙෂ්ඨයාට ඔහුගේ සහාය නොවන්නට ශ්‍රී ලංකාව ඉහතින් සදහන් කරන ලද ලකුණු සංඛ්‍යාවට වඩා අඩුවෙන් දැවී යෑමේ වැඩි ඉඩ කඩක් පැවැතිණ.

ඔස්ට්‍රේලියානුවන් අද තරගයේදී කොතරම් හොදින් පන්දු යැව්වේද කිවහොත් ඔවුන් ලබා දී තිබූ අතිරේක ලකුණු සංක්‍යාව ඊට නිදසුන බවට පත්විය. ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන ලද පන්දුවාර 43 කුත් පන්දුවේදී ඔවුන් ලබා දී තිබුණේ අතිරේක ලකුණු 3 ක් පමණි. ඒවාද වයිඩ් පන්දුය. එමෙන්ම කඩුලු අතර ශක්තිමත් සබඳතා ගොඩ නගා ගැනීමට නොහැකිවීමෙන් වාසි ලබා ගත් ඔවුහු පන්දු වාර 8 ක්ම නිලකුණු පන්දුවාර ලෙසින් සටහන් කරගත්තේය. එක්දින තරගයකදී මෙය ඉතාම කලාතුරකින් දැක ගත හැකි දක්ෂතාවයකි.

පන්දුවාර 25 ක් අවසන් වීමට මත්තෙන් ඔස්ට්‍රේලියානුවෝ ශ්‍රී ලංකා පිලේ කඩුලු 8 ක් දවා ගත්හ. ඒ තැනට වැටීමට මූලිකම හේතුව වූයේ චරිත් අසලංකව දුවද්දී දවා ගැනීම වෙනුවෙන් ග්ලෙන් මැක්ස්වෙල්ගේ සුපිරි පන්දු යොමු කිරීම විය. ලකුණු 34 ක් ඇතුළත පළමු කඩුලු 3 බිඳ වැටුණත් සිව්වැනි කඩුල්ලට එක්වූ කුසල් මෙන්ඩිස් සහ චරිත් අසලංක කණ්ඩායම ගොඩ නැගීමේ කාර්යයේ නිරත වූහ. ලකුණු 2 ක් කරා පැති මාරු කර ගැනීම මූලික සැලසුම වුවත් නොසිතූ වේගයකින් ආ මැක්ස්වෙල් පන්දුව කඩුල්ලට දමා ගසන විටත් අසලංක සිටියේ සීමා ඉරට බොහෝ ඈතිනි.

අනතුරුව කුසල් මෙන්ඩිස් ද පසු පාදයට ගොස් පහරක් එල්ල කිරීමට යෑමේදී ‘හිට් විකට්’ව (කඩුල්ල බිඳී යෑමෙන්) දැවී ගියේය. එක්දින තරගාවලියට පෙර පැවැති විස්සයි-20 තරගාවලියේදීත් කුසල් මෙන්ඩිස් ‘හිට් විකට්’ ආකාරයෙන්ම දැවී ගියේය. මෙම තරගය සදහා දිනේෂ් චන්දිමාල් සහ ධනුෂ්ක ගුණතිලකව කැඳවා තිබුණත් ඔවුහු කණ්ඩායමට අවශ්‍ය සේවය ලබා දීමට අපොහොසත් වූහ. ආරම්භක ිතිකරුවා ලෙසින් ගුණතිලකත් අංක 4 පිතිකරුවා ලෙසින් චන්දිමාල්වත් යොදා ගනු ලැබුවත් ඔවුන්ට දෙදෙනාට කණ්ඩායම වෙනුවෙන් ලබා ද තිබුණේ ලකුණු 14 ක් පමණි.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar