slc
logo
Home   |    News
ජූනි 11, 2022
ඔස්ට්‍රේලියාව පන්දුවට පහර දෙයි

sinhala editor

පූර්ණ තරගාවලි පරාජයකින් බේරීමට ජයග්‍රහණය අත්‍යාවශ්‍යම පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (11 දා) පැවැත්වෙන තෙවැනි විස්සයි-20 තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම එක වෙනස්කමක් කරමින් තරගයට අවතීර්ණ වී සිටියි. ඒ පළමු තරග 2 ට ක්‍රීඩා කරන ලද වේග පන්දු යවන නුවන් තුෂාරගේ ස්ථානය සඳහා වමත් දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම ආදේශ කරමිනි.

තරගාවලිය 2-0 ක් ලෙස පෙරමුණ ගෙන සිටින ඔස්ට්‍රේලියානු කණ්ඩායම, අංක 3 පිතිකරු ස්ථානයේ ක්‍රීඩා කරන මිචෙල් මාෂ් වෙනුවට ජොෂ් ඉංග්ලිස් කැඳවමින් තරගයට අවතීර්ණව සිටියි. කාසියේ වාසිය උරගා බැලීමේදී එය දිනාගත් ඔස්ට්‍රේලියානු නායක ඇරන් ෆින්චි පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ අනුව මෙවර තරගාවලියේදී ඔවුන් පළමුවට පන්දුවට පහර දෙන පළමු තරගය බවට අද තරගය පත්වනු ඇත.

ශ්‍රී ලංකාව – 1- පැතුම් නිස්සංක, 2. ධනුෂ්ක ගුණතිලක, 3. චරිත් අසලංක, 4. කුසල් මෙන්ඩිස්, 5. භානුක රාජපක්ෂ, 6. දසුන් ශානක (නායක), 7. වනිඳු හසරංග, 8. චාමික කරුණාරත්න, 9. දුෂ්මන්ත චමීර, 10 මහීෂ් තීක්ෂණ, 11. ප්‍රවීන් ජයවික්‍රම.

ඔස්ට්‍රේලියාව – 1. ඇරන් ෆින්ච් (නායක), 2. ඩේවිඩ් වෝනර්, 3. ජොස් ඉංග්ලිස්, 4. ග්ලෙන් මැක්ස්වෙල්, 5. ස්ටීවන් ස්මිත්, 6. මාකස් ස්ටොයිනිස්, 7. මැතිව් වේඩ්, 8. ඇෂ්ටන් ඒගාර්, 9. ජායි රිචර්ඩ්සන්, 10. කේන් රිචර්ඩ්සන්, 11. ජොෂ් හෙසල්වුඩ්.

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest