slc
Home   |    News
ජූනි 11, 2022
කසුන් – මතීෂ වෙනුවට අසිත සහ ප්‍රමෝද් විස්සයි-20ට කැඳවයි

sinhala editor

ඔස්ට්‍රේලියානු පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියට නම් කළ කණ්ඩායමේ සිටි වේග පන්දු යවන්නන් දෙදෙනකු වූ කසුන් රාජිත සහ මතීෂ පතිරණ ආබාධවලට ගොදුරුව සිටිති. මේ නිසා ඔවුන් දෙදෙනාටම ජුනි 11 වැනිදා පැවැත්වීමට නියමිත තෙවැනි විස්සයි-20 තරගය අහිමිව තිබේ.

කෙසේ වෙතත් ඒ වෙනුවට අසිත ප්‍රනාන්දු සහ නවක වේග පන්දු යවන්නකු වන ප්‍රමෝද් මදුශාන්ව කණ්ඩායමට එක් කිරීමට ශ්‍රී ලංක ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. මතීෂ පතිරණගේ දකුණු වැළමිටේ ආබාධයකට ගොදුරුව සිටින අතර රාජිත උකුලේ වම් ස ආශ්‍රිතව ආබාධයකට ගොදුරුව සිටිති. මෙම තත්ත්වය මත ඔවුන් දෙදෙනාවම මේ වන විට ආබාධ සුවකර ගැනීමේ පුනරුත්ථාපනයකට ලක් කිරීමට කණ්ඩායම් කළමනාකාරීත්වය පියවර ගෙන තිබේ.

ඔස්ට්‍රේලියානු ‘ඒ’ පිලට එරෙහිව කොළඹ එස්. එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි නිල නොවන එක්දින තරගයට ක්‍රීඩා කළ ප්‍රමෝද් මදුශාන් එම තරගයේදී ලකුණු 50 ට කඩුලු 4 ක් බිඳ හෙළීමට සමත්වූවේය. විස්සයි-20 කණ්ඩායමට එක් කිරීමට පෙර ඔහු ඊට පෙර මාධ්‍ය වෙත මුදාහැරුණු තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ක්‍රීඩකයින් 21 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම සඳහා නම් කර තිබීම විශේෂත්වයකි.

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest