slc
Home   |    News
ජූනි 15, 2022
කෝල්ට්ස් අවසන් මහ තරගයට

sinhala editor

අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අද (15 දා) පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී බී.ආර්.සී. පිලට ඒරෙහිව ලකුණු 67 ක ජයක් වාර්තා කළ කෝල්ට්ස් ක්‍රීඩා සමාජය ලබන 17 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත්විය.

වනාතමුල්ල පී. සරා ඕවල් පිටියේ පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් කෝල්ට්ස් කණ්ඩායම පන්දුවාර 19.4 කදී ලකුණු 128 ක් රැස් කිරීමට සමත් වුවත් එය හඹා යෑමේදී බී.ආර්.සී. පිල පන්දුවාර 16.3 කදී ලකුණු 61 කට සීමා කිරීමට කෝල්ට්ස් පන්දු යවන්නෝ සමත්වූහ.

කෝල්ට්ස් කණ්ඩායම වෙනුවෙන් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ අකිල ධනංජය පන්දුවාර 3.3 කදී ලකුණු 03 ක් පමණක් ලබා දී කඩුලු 3 ක් බිඳ හෙළීමට සමත්වූවේය. ඔහුට අමතරව මුදිත ලක්ෂාන් කඩුලු 2 ක් දවා ගනිද්දී සෙසු පන්දු යැවූ පන්දු යවන්නන් සිව්දෙනාම කඩුල්ල බැගින් බිඳ හෙළීමට සමත්වූහ.

පන්දුවට පහර දීමේදී විශාඩ් රන්දික ලකුණු 35 ක් රැස් කිරීම තරගයේ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් විය. ඒ හැරුණු විට හෂාන් දුමිඳු (22) සහ රවිඳු රසාන්ත (21) හැරුණු විට වෙන කිසිම පිතිකරුවකු ලකුණු 20 සීමාව ඉක්මවාලීමට අසමත් වූහ.

ඒ අනුව අද පස්වරුවේ පැවැත්වීමට නියමිත සැරසන්ස් සහ යුද හමුදා අතර තරගයේ ජයග්‍රාහකයින් ලබන 17 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගයේ කෝල්ට්ස් කණ්ඩායමේ ප්‍රතිවාදීන් බවට පත් වනු ඇත.

කෝල්ට්ස් පන්දුවාර 19.4 කදී ලකුණු 128 යි – (විශාඩ් රන්දික 35, රවිඳු රසාන්ත 21, ධනංජය ලක්ෂාන් 13, හෂාන් දුමිඳු 22, දුවිඳු තිලකරත්න 13/2, තිලකරත්න සම්පත් 172, මල්ක මදුසංක 21/2, දුශාන් හේමන්ත 13/2)

බී.ආර්.සී. පන්දුවාර 16.3 කදී සියලු දෙනා දැවී ලකුණු 61 යි – (තිලකරත්න සම්පත් 17, දුශාන් හේමන්ත 12, අකිල ධනංජය 03/3,  මුදිත ලක්ෂාන් 18/2)

Recent Posts

  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest