slc
logo
Home   |    News
ජූනි 24, 2022
චාමික සහ ප්‍රමෝද් නිසා ශ්‍රී ලංකාවට ‘සැනසිල්ලක්’

sinhala editor

By Chamila Karawita

චාමික කරුණාරත්නත් මංගල තරගයට සහභාගි වුණු ප්‍රමෝද් මදුශානුත් එක්ව 9 වැනි කඩුල්ල වෙනුවෙන් එක් කරන ලද ලකුණු 58 ක සම්බන්ධතාව ප්‍රධාන කොට ඔස්ට්‍රේලියානු පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පස්වැනි එක්දින තරගයේදී ලකුණු 160 ක් දක්වා ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ දමා ගැනීමට හැකියාව ලැබිණ.

ඉදිරි‌ පෙළ කඩුලු 8 ම ලකුණු 85 කදී බිඳ වැටී විටෙක ලකුණු 100 ලකුණු සීමාව පසුකර යෑමද දැඩි අවධානමකට ලක්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට චාමික කරුණාරත්න රැස් කරන ලද ලකුණු 75 ත් ප්‍රමෝද් මදුහාන් රැස් කරන ලද ලකුණු 15 ත් හේතුවෙන් සැනසුම්දායී ලකුණු සංඛ්‍යාවක් දක්වා ශ්‍රී ලංකා පිලට යෑමට හැකිවිය.  

පැට් කමින්ස්ට එල්ල කරන ලද පුල් පහරක් වැරදී යෑමෙන් චාමික දැවී යන වාත් සමඟ ශ්‍රී ලංකා ඉනිමත් ලකුණු 160 කදී නිමාවට පත්විය. පන්දු 75 කට මුහුණ දුන් මැද පෙළ පිතිකරුවා පන්දු 75 ක් ඒ වෙනුවෙන් වැය කළ අතර එයට දර්ශනීය හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක්ද ඇතුළත් කළේය. පළමු අර්ධ ශතකය ලෙසින් චාමික රැස් කරන ලද ලකුණු සංඛ්‍යාව, ශ්‍රී ලංකා ඉනිමේ වාර්තා වුණු මුලු ලකුණු සංඛ්‍යාවෙන් හරි අඩකට අඩු වූයේ ලකුණු 5 ක් පමණි. මෙම සම්බන්ධතාව ප්‍රධාන කොට වසර 37 ක පැරණි වාර්තාවක් අලුත්වීමට තිබූ ඉඩ කඩ ද ඇහිරී ගියේය. ඒ දෙරට අතර එක්දින තරග ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවය. ශ්‍රී ලංකා කණ්ඩායමක් ඔස්ට්‍රේලියාව හමුවේ දැවී ගොස් ඇති අඩුම ලකුණු සංඛ්‍යාව වූයේ 1985 වසරේදී ඇඩිලේඩ් නුවර පැවැති තරගයේදී දැවී ගිය ලකුණු 91 ක වේ.

චාමිකට අනගි සහායක් ලබා දුන් මදුශාන් රැස් කර ගන්නා ලද්දේ ලකුණු 15 ක් පමණක් වුවත් ජ්‍යෙෂ්ඨයාට ඔහුගේ සහාය නොවන්නට ශ්‍රී ලංකාව ඉහතින් සදහන් කරන ලද ලකුණු සංඛ්‍යාවට වඩා අඩුවෙන් දැවී යෑමේ වැඩි ඉඩ කඩක් පැවැතිණ.

ඔස්ට්‍රේලියානුවන් අද තරගයේදී කොතරම් හොදින් පන්දු යැව්වේද කිවහොත් ඔවුන් ලබා දී තිබූ අතිරේක ලකුණු සංක්‍යාව ඊට නිදසුන බවට පත්විය. ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන ලද පන්දුවාර 43 කුත් පන්දුවේදී ඔවුන් ලබා දී තිබුණේ අතිරේක ලකුණු 3 ක් පමණි. ඒවාද වයිඩ් පන්දුය. එමෙන්ම කඩුලු අතර ශක්තිමත් සබඳතා ගොඩ නගා ගැනීමට නොහැකිවීමෙන් වාසි ලබා ගත් ඔවුහු පන්දු වාර 8 ක්ම නිලකුණු පන්දුවාර ලෙසින් සටහන් කරගත්තේය. එක්දින තරගයකදී මෙය ඉතාම කලාතුරකින් දැක ගත හැකි දක්ෂතාවයකි.

පන්දුවාර 25 ක් අවසන් වීමට මත්තෙන් ඔස්ට්‍රේලියානුවෝ ශ්‍රී ලංකා පිලේ කඩුලු 8 ක් දවා ගත්හ. ඒ තැනට වැටීමට මූලිකම හේතුව වූයේ චරිත් අසලංකව දුවද්දී දවා ගැනීම වෙනුවෙන් ග්ලෙන් මැක්ස්වෙල්ගේ සුපිරි පන්දු යොමු කිරීම විය. ලකුණු 34 ක් ඇතුළත පළමු කඩුලු 3 බිඳ වැටුණත් සිව්වැනි කඩුල්ලට එක්වූ කුසල් මෙන්ඩිස් සහ චරිත් අසලංක කණ්ඩායම ගොඩ නැගීමේ කාර්යයේ නිරත වූහ. ලකුණු 2 ක් කරා පැති මාරු කර ගැනීම මූලික සැලසුම වුවත් නොසිතූ වේගයකින් ආ මැක්ස්වෙල් පන්දුව කඩුල්ලට දමා ගසන විටත් අසලංක සිටියේ සීමා ඉරට බොහෝ ඈතිනි.

අනතුරුව කුසල් මෙන්ඩිස් ද පසු පාදයට ගොස් පහරක් එල්ල කිරීමට යෑමේදී ‘හිට් විකට්’ව (කඩුල්ල බිඳී යෑමෙන්) දැවී ගියේය. එක්දින තරගාවලියට පෙර පැවැති විස්සයි-20 තරගාවලියේදීත් කුසල් මෙන්ඩිස් ‘හිට් විකට්’ ආකාරයෙන්ම දැවී ගියේය. මෙම තරගය සදහා දිනේෂ් චන්දිමාල් සහ ධනුෂ්ක ගුණතිලකව කැඳවා තිබුණත් ඔවුහු කණ්ඩායමට අවශ්‍ය සේවය ලබා දීමට අපොහොසත් වූහ. ආරම්භක ිතිකරුවා ලෙසින් ගුණතිලකත් අංක 4 පිතිකරුවා ලෙසින් චන්දිමාල්වත් යොදා ගනු ලැබුවත් ඔවුන්ට දෙදෙනාට කණ්ඩායම වෙනුවෙන් ලබා ද තිබුණේ ලකුණු 14 ක් පමණි.

Active filters

Recent Posts

  • දෙවැනි තරගයේ පරාජයේ වගකීම පිතිකරුවන් භාර ගන්නවා – ජනිත් ලියනගේ
    සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල ලද පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම පිතිකරණ අංශය භාර ගන්නා බව ජනිත් ලියනගේ පැවැසීය. […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල ජයග්‍රාහී මාවතට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම පරදවා ලකුණු 51 ක ජයග්‍රහණයක් වාර්තා කරමින් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීමට […]
  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee