slc
logo
Home   |    News
ජූනි 15, 2022
ටෙස්ට් තරගවල ‘ටිකට්’ අළෙවිය හෙට ඇරඹෙයි

sinhala editor

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර අලෙවිය හෙට (ජුනි 16 දා) සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධි විධාන යොදා තිබේ.

ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට බලාපොරොත්තු වන ක්‍රීඩා ලෝලීන්ට www.srilankacricket.lk යන වෙබ් අඩෙවියට පිවිසීමෙන් හෝ කොළඹ 07, විද්‍යා මාවතට යාබද එස්.එස්.සී. පිටියේ පිහිටුවා ඇති ප්‍රවේශපත්‍ර කවුලුවෙන් සිය ප්‍රවේශ පත්‍ර වෙන්කරවා ගත හැක.

දෙරට අතර පළමු ටෙස්ට් තරගය ජුනි මස 28 වැනිදා ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර ඊට පෙර එනම් ජුනි 26 වැනිදා සිට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඇති ප්‍රවේශ පත්‍ර කවුලුවෙන්ද ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු යොදා තිබේ.

රුපියල් 300, 500, 1000, 5000 සහ 7500 යන මිල ගණන් යටතේ ප්‍රවේශ පත්‍ර අලෙවි කෙරෙනු ඇත. තරග 2 කින් සමන්විත මෙම ටෙස්ට් තරගාවලිය අනරත්ජාතික ක්‍රිකට් සම්මේලනය මෙහෙයවනු ලබන ටෙස්ට් ලෝක ශූරතාවලිය යටතේ පැවැත්වෙනු ඇත.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar