slc
Home   |    News
ජූනි 25, 2022
ටෙස්ට් තරගාවලියට වැන්ඩර්සිව කැඳවයි

sinhala editor

By Chamila Karawita

ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට පා දඟ පන්දු යවන‌ ජෙෆ්රි වැන්ඩර්සිව එක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. තරග 5 කින් සමන්විත ඊයේ අවසන් වුණු එක්දින තරගාවලියේදී දක්වන ලද දක්ෂතා සැලකිල්ලට ගනිමින් වැන්ඩර්සිව ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද 18 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට එක් කර තිබේ.  ඔහුට අමතරව ආබාධයක් හේතුවෙන් බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරග සංචාරය අහිමි වුණු පැතුම් නිස්සංකටද යළිත් කණ්ඩායමට එක්වීමට අවස්ථාව උදාවී තිබේ.

ගෙවී ගිව වසර කීපයේදීම විටින් විට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝනය කළ වැන්ඩර්සි තවමත් ටෙස්ට් වරම් ලබා නොමැත. පළමු පෙළ තරග 55 කදී කඩුලු 233 ක් දවා ගැනීමට සමත්ව සිටින දකුණත් පා දඟ පන්දු යවන්නා, කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 26.92 ක් රඳවා ගැනීමට සමත්ව සිටියි. ලසිත් ඇඹුල්දෙණිය, ප්‍රවීන් ජයවික්‍රම සහ රමේෂ් මෙන්ඩිස්ට අමතරව කණ්ඩායම සතුව සිටින එකම පා දඟ පන්දු යවන්නා වන්නේද වැන්ඩර්සි වේ.

මොවුන් දෙදෙනා කණ්ඩායමට එකතුවීමේදී බංග්ලාදේශ තරග සංචාරය අතරතුරදී හදියේම ශ්‍රී ලංකාවට කැඳවන ලද කමිල් මිශාරටත් පා දඟ පන්දු යවන සුමින්ද ලක්ෂාන්ටත් කණ්ඩායමේ දොරගුලු වැසී තිබේ. 3-2 ක් ලෙස ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරන ලද එක්දින තරගාවලියටද ක්‍රීඩා කළ වැන්ඩර්සි තරග 4 කට ක්‍රීඩා කරමින් කඩුලු 5 ක් දවා ගැනීමට සමත්වූවේය.

කෙසේ වෙතත් එක්දින තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වුණු දුනිත් වෙල්ලාලගේට හිමිව ඇත්තේ අතිරේක ක්‍රීඩකයින්ට වෙන්වූ ලැයිස්තුව වේ. තරග 5 කට ක්‍රීඩා ක වේලාලලේගේ කඩුලු 9 ක් දවා ගනිමින් එක්දින තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වූවේය.

ශ්‍රී ලංකා කණ්ඩායම – දිමුත් කරුණාරත්න (නායක), පැතුම් නිස්සංක, ඔ්ෂධ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, කමිදු මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, රමේෂ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, කසුන් රජිත, විශ්ව ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, ඩිල්ෂාන් මදුශංක, ප්‍රවීන් ජයවික්‍රම, ලසිත් ඇඹුල්දෙණිය, ජෙෆ්රි වැන්ඩර්සි.

Recent Posts

  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
  • විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට
    නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය […]
  • පළමු ඉනිමේ වරදින් ශ්‍රී ලංකාව ‌අනපේක්ෂිත අවධානමක
    වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී ලංකා පළමු ඉනිම ඉනිම ලකුණු 164 කට අවසන් කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීම නිසා නැවතත් […]
  • ශ්‍රී ලංකාව ලකුණු 554 ක් පිටුපසින්
    කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ […]
  • අෂේන් බණ්ඩාරගේ වෙහෙසකර ශතකය අපතේ යයි
    නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest