slc
Home   |    News
ජූනි 8, 2022
තරගාවලියේ ශූරයින් තෝරණ තීරණාත්මක තරගයේත් ශ්‍රී ලංකාව මුලින් පන්දුවට පහර දෙයි

sinhala editor

විස්සයි-20 තරගාවලියේ ජයගැනීම සඳහා තවදුරටත් බලාපොරොත්තු රඳවා ගැනීමට නම් ජයග්‍රහණය අතිශය තීරණාත්මක දෙවැනි විස්සයි-20 තරගයේදීත් කාසියේ වාසිය තමන් සතු කර ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්වද්දී පළමු පන්දුවට පහර දීම සඳහා ඔවුහු සත්කාරක ශ්‍රී ලංකාවට ආරාධනා කර සිටියහ. පළමු තරගය ජය ගෙන සිටින ඔස්ට්‍රේලියානු කණ්ඩායමට පල්ලකැලේ පැවැත්වෙන තරගයට පෙර තරගාවලියේ ජය අත්කර ගැනීමට මෙම තරගයේ ජයග්‍රහණ ප්‍රමාණවත් වේ.  

ආබාධයක් හේතුවෙන් අද තරගයට මිචෙල් ස්ටාර්ක් සහභාගි නොවන අතර ඒ සදහා කණ්ඩායමට ජායි රිචර්ඩ්සන්ව ඒක් කිරීමට ඒරට තේරීම්වලදී පියවර ගෙන තිබේ. පළමු තරගයේදී කඩුලු 10 ක පරාජයකට මුහුණ දුන්නද ශ්‍රී ලංකා කණ්ඩායම ඒකම හෝ වෙනස්කමක් සිදුනොකරමින් අද තරගයට අවතීර්ණව සිටියි.

පෙර දිනයට සාපේක්ෂව තරගය පැවැත්වෙන කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය වටා වූ අහස් කුස ඉතා පැහැදිළි, වළාකුළුවලින් තොරවීම තරගය කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යෑමට සුභ පෙර නිමිත්තකි.

ශ්‍රී ලංකාව – 1. පැතුම් නිස්සංක, 2. ධනුෂ්ක ගුණතිලක, 3. චරිත් අසලංක, 4. කුසල් මෙන්ඩිස්, 5. භානුක රාජපක්ෂ, 6. දසුන් ශානක (නායක), 7. වනිදු හසරංග, 8. චාමික කරුණාරත්න, 9. දුෂ්මන්ත චමීර, 10. මහීෂ් තීක්ෂණ, 11. නුවන් තුෂාර.

ඔස්ට්‍රේලියාව – 1. ඇරන් ෆින්ච් (නායක), 2. ඩේවිඩ් වෝනර්, 3. මිචෙල් මාෂ්, 4. ග්ලෙන් මැක්ස්වෙල්, 5. ස්ටීවන් ස්මිත්, 6. මාර්කස් ස්ටොයින්ස්, 7. මැතිව් වේඩ්, 8. ඇෂ්ටන් ඒගර්, 9. ජායි රිචර්ඩ්ස්, 10. කේන් රිචර්ඩ්ස්, 11. ජොෂ් හෙසල්වුඩ්.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest