slc
logo
Home   |    News
ජූනි 16, 2022
තීක්ෂණත් හොඳම පන්දු යවන්නන් 10 දෙනා අතරට

sinhala editor

අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් සිදුකරන ලද විස්සයි-20 පන්දු යවන්නන්ගේ නවතම යාවත්කාලීනය අනුව පළමු පන්දු යවන්නන් 10 දෙනා අතරට පැමිණීමට ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු යවන මහීෂ් තීක්ෂණ සමත්ව සිටියි.  අදාළ ශ්‍රේණිගත කිරීම්හි ලකුණු 647 ක් ලබා සිටින තීක්ෂණ පළමු පන්දු යවන්නන් 10 දෙනා අතරට පැමිණි පළමු අවස්ථාව වශයෙන්ද මෙය සනිටුහන් වනු ඇත.

ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියට පෙර ශ්‍රේණි ගත කිරීම්හි 24 වැනි ස්ථානයේ පසුවූ තීක්ෂණ, තරග 3 කදී කඩුලු 2 ක් දවා ගනිමින් දක්වන ලද දක්ෂතාව හේතුවෙන් ස්ථාන 16 ක් ඉදිරියට එමින් 8 වැනි ස්ථානයට පැමිණ සිටියි.

මේ අතර තරගාවලිය ආරම්භයේදී 6 වැනි ස්ථානයේ රැඳ සිටි වනිඳු හසරංග එක් ස්ථානයක් පහළට ගොස් තිබීම කැපී පෙනෙයි. තරග 3 කදී කඩුලු 5 ක් දවා ගැනීමට හසරංග සමත් වුවත් ඔහු එක් ස්තානයක් පහත බැස සිටියි.  ගෙවුණු වසරේ පැවැති විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු මෙම ශ්‍රේණියේ පළමු ස්ථානයට පැමිණීමට වනිඳු සමත්වූවේය.

පිතිකරුවන් අතර හොඳම 10 දෙනා අතර තවදුරටත් රැඳී සිටීමට ැතුම් නිස්සංක සමත්ව සිටින අතර ඔහු 9 වැනි ස්ථානයේ රැඳී සිටියි. අයි.සී.සී.ය විසින් සිදුකරන ලද නවතම ශ්‍රේණිගත කිරීමට අනුව වනිඳු හසරංග තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ පළමු 10 දෙනා අතරට පැමිණීමට සමත්ව සිටියි.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee