slc
Home   |    News
ජූනි 18, 2022
තෙවැනි තරගයටත් වනිඳුගේ සහභාගිත්වය අවිනිශ්චිතයි

sinhala editor

ශ්‍රී ලංකා පිලේ පා දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගගේ ආබාධිත තත්ත්වය පිළිබඳව කණ්ඩායමේ වෛද්‍ය අංශයේ වැඩි අවධානයක් යොමු කර තිබේ.

පළමු එක්දින තරගයේදී පන්දු රකිමින් සිටියදී පාදයේ මස් පිඩුවල ආබාධයකට ලක්වූ වනිඳු හසරංගට පල්ලකැලේ පැවැති දෙවැනි එක්දින තරගයට ක්‍රීඩා කිරීමට නොහැකි විය. එහෙත් එම තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කිරීමට සමත්වීම කැපී පෙනුණි.

හසරංග පළමු එක්දින තරගයේ දී පන්දු 19 කින් වේගවත් ලකුණු 37ක් වාර්තා කිරීමට සමත් වූ අතර පන්දු යැවීමේ දී ලකුණු 58 කට කඩුලු 4ක් දවා ගැනීමට ද සමත්වූවේය.

මේ වන විට කණ්ඩායම් දෙකම 1-1ක් ලෙස තරගාවලියේ සම මට්ටමේ පසුවෙන අතර දෙරට අතර පැවැත්වෙන තෙවැනි එක්දින තරගය හෙට (19) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී දිවා/රාත්‍රි තරගයක් ලෙස ප.ව. 2.30 ⁣ට ආරම්භ වේ.

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest