slc
Home   |    News
ජූනි 24, 2022
නිපුන සහ කැනිස්ටන් පන්දුවෙන් දස්කම් දක්වති

sinhala editor

අගෝස්තු මසදී පැවැත්වෙන එංගලන්ත තරග සංචාරයය සදහා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තෝරා ගැනීම මූලික කොට ගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පවත්වනු ලබන වයස අවුරුදු 19 න් පහළ සුපිරි අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරග ජයත් වාර්තා කිරීමට කොළඹ උතුර කණ්ඩායම සමත්විය. කොළඹ දකුණ පිලට එරෙහිව පැවැති එම තරගයේදී ලකුණු 44 ක ජයක් වාර්තා කළ කොළඹ උතුරු කණ්ඩායම තවදුරටත් තරගාවලියේ අපරාජිතව ඉදිරියට යෑමට ඉඩ පහස විවර කර ගැනීමට සමත්විය.

මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ තීරණය අඩු ලකුණු සංඛ්‍යාවන් මත වාර්තා විය. පළමුව පන්දුවට පහර දුන් කොළඹ උතුරු කණ්ඩායමට පන්දුවාර 37.4 කදී රැස් කරගත හැකි වූයේ ලකුණු 163 ක් පමණක් වන අතර එය හඹා  යෑමේදී දකුණු කණ්ඩායමට රැස් කරගත හැකි වූයේ පන්දුවාර 34.3 කදී ලකුණු 119 ක් පමණි.

මෙම තරගයේදී දෙපිළේම පන්දු යවන්නන්ගේ දක්ෂතා කැපී පෙනුණු අතර ජයග්‍රාහී උතුරු කණ්ඩායම වෙනුවෙන් නිපුන් ප්‍රේමරත්න ලකුණු 22 කට කඩුලු 5 ක් දවා ලමින් ජයග්‍රහණයේ පෙරමුණ ගත්තේය. ඔහුට අමතරව විනු රන්පොල් සහ කමිඳු ආමන්ත කඩුලු 2 බැගින් බිඳ හෙළූහ.

ප්‍රතිවාදී දකුණු කණඩායමේ කැනිස්ටන් ගුණරත්නම් ලකුණු 23 කට කඩුල 5 ක් දවා ගනිමින් උතුරු කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට තබා ගැනීමට මුලසුන ගත්තද පිතිකරුවන්ට දීර්ඝ ඉනිම කරා යෑමට නොහැකිවීම මත අවසනාවන්ත ලෙස තරගයෙන් පරාජයට පත්විය.

මේ අතර පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ගාල්ල සහ දඹුල්ල අතර තරගයේ පළමුව පන්දුවට පහර දුන් දඹුල්ල කණ්ඩායමේ ජීවක ශෂීන් ලකුණු 86 ක් ලබා පිත්තෙන් කැපී පෙනිණ. පන්දු 103 කට මුහුණ දෙමින් ශෂීන් එසේ පිත්තෙන් දස්කම් දක්වද්දී පවන් සදේශ් ලකුණු 64 ක් සහ හංසමාන ද සිල්වා ලකුණු 68 ක් ලබා ගත්තේය. මොවුන් දෙදෙනා පිළිවෙළින් සිය අර්ධ ශතක වාර්තා කිරීම සදහා පන්දු 49 ක් සහ පන්දු 43 කට මුහුණ දුන්හ.

දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් මතීෂ වීරසිංහ පන්දු 67 කදී ලකුණු 50 ක් රැස් කරමින් පිත්තෙන් කැපී පෙනිණ.

කොළඹ උතුරට ලකුණු 44 ක ජයක්

කොළඹ උතුරු පන්දුවාර 37.4 කදී ලකුණු 163 යි – කවිඳු අමන්ත 46, විනුජ රම්පොල් 44, සෙනාෂ් ප්‍රනාන්දු 25, කැනිස්ටන් ගුණරත්නම් 23/5, ශාන් මිහිර 38/2

කොළඹ දකුණ පන්දුවාර 34.3 කදී ලකුණු 119 යි – තිසර වික්‍රමසිංහ 33, සකුණ ලියනගේ 25, නිපුන් ප්‍රේමරත්න 22/5, කවිදු ආමන්ත 14/2,විනුජ රන්පොල් 07/2

ගාල්ලට ලකුණු 73 ක ජයක්

ගාල්ල පන්දුවාර 46.5 කදී ලකුණු 285 යි – ජීවක ශෂීන් 86, හරිදු ජයසේකර 64, නිපුන් රුචික 21, හංසමාන ද සිල්වා 68, හසිත කෞෂාන් 59/2, විශ්ව රාජපක්ෂ 42/2, සකිඳු විජේරත්න 45/2, මනාන් මුසම්මිල් 48/2

දඹුල්ල පන්දුවාර 50 කදී කඩුලු 9 ට ලකුණු 212 – මතීෂ වීරසිංහ 50,රිෂී අධිෂ්ඨාන් 25, ප්‍රබුද්ධ ප්‍රේමලාල් 41, ෂෙහාන් හසරංග 59/3)

Recent Posts

  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest