slc
Home   |    News
ජූනි 6, 2022
ප්‍රවේශපත්‍රවල සියලු ආදායම් ජනතාවගේ ගැටලු නිරාකරණයට යෙදවීමට ශ්‍රී ලංක ක්‍රිකට් තීරණය කරයි

sinhala editor

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ ප්‍රවේශපත්‍ර අලෙවියෙන් ලැබෙන සියලුම ආදායම් රට තුළ ආර්ථික අර්බුදයෙන් පීඩා විඳින ශ්‍රී ලාංකේය ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනාධිකාරිය තීරණය කර තිබේ.

තරගාවලියේ ආරම්භයට පෙර ඒ පිළිබඳ දැනුවත් කිරීම සඳහා අද (06 දා) පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ලේකම් මොහාන් ද සිල්වා මහතා අවධාරණය කරමින් සඳහන් කර සිටියේ ප්‍රවේශපත්‍ර අලෙවියෙන් ලැබෙන සම්පූර්ණ මුදල් මහජනතාව වෙනුවෙන් පරිත්‍යාග කර සිටීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක සභාව තීරණය කළ බවයි.

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිතුමා, ශම්මි සිල්වා මහතා අපි සමඟ සාකච්ඡා කරලා මේ ප්‍රවේශපත්‍රවලින් ලැබෙන සම්පූර්ණ ආදායම අපේ ජනතාවගේ සුභසාධනය වෙනුවෙන් ලබා දෙන්න තීරණය කළා. මේ ආදායමෙන් ලැබෙන සියලුම මුදල් අපි ක්‍රීඩා අමාත්‍යවරයා‌ ‌වෙත ලබා දීමට කටයුතු කරනවා. මේ තරගාවලිය සාර්ථක කර ගැනීම වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යතුමා අපිට ලොකු සහයෝගයක් ලබා දෙනවා ” යැයි මොහාන් ද සිල්වා මහතා සදහන් කර සිටියේය.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් සිදුකරන ලද ඉල්ලීමක් සලකා බලමින් ඉහත තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් ගෙන තිබේ. මේ තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විතරක් නොවෙයි. මුළු රටටම වැදගත් වෙනවා. විශේෂයෙන්ම අපේ රටේ ආර්ථික තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා ඩොලර් මිලියන දෙකහමාරක් විතර ආදායමක් මේ තරගාවලිය හරහා අපිට ලැබෙනවා. ඒ මුදල් ඔක්කොම රට තුළ තමයි පරිහරණය වෙන්නේ” යැයි මොහාන් ද සිල්වා මහතා වැඩිදුරත් සඳහන් කර සිටියේය.

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest